මේ වනවිට ඇමෙරිකාව, එංගලන්තය ආදී රටවල්වල apple දුරකථන අලවිසැල් ආසන්නයේ දැන් සිටම මිනිසුන් පෙළගැසී ඇති බවට වාර්තාවේ. මේ අයුරින් ඔවුන් පෙලගැසී සිටින්නේ ඊයේ (09) නිකුත්වූ apple iphone 6 අති නවීන දුරකතනය මිල දී ගැනීමටයි.
කෙසේ නමුත් මෙම දුරකථනය වෙළදපලට නිකුත් කෙරෙන්නේ සැප්තැම්බර් 19 වැනි දා ය. නමුත් මේ ඇපල් අයිෆෝන් ලෝලීන් මේ වනවිටත් පෝලිම්වල කූඩාරම් ගසාගෙන නැවතී සිටිති.
මේ අයුරින් පෝලිමේ සිටින්නේ කිසිදු රැකියාවක් නොකරන පුද්ගලයින් බව වැඩිදුරටත් වාර්තා වේ. ඔවුන් එසේ පොලිමේ සිටින්නේ දුරකථන නිකුත් වීමෙන් පසු එය මිලදී ගන්නට එන අය සඳහා පොලිමේ ස්ථානය ලබා දීමටයි. අඩු ආදායම් ලාභීන් වන ඔවුන් එමගින් මුදල් ඉපයීම සිදුකරන බව විදෙස් මාධ්‍ය වාර්තාකරයි.
ඇතැම් පුද්ගලයින් තමන් අල්ලාගෙන සිටින ස්ථානය ඩොලර් 500කට පමණ අලෙවි කරන බවට වැඩි දුරටත් වාර්තා වේ.
තවත් පිරිසක් තම වෙළදසැලේ ප්‍රථමයෙන්ම දුරකථනය ප්‍රදර්ශනය කරගැනීම උදෙසා මෙසේ පොලිම්වල කූඩාරම් අටවාගෙන සිටින බවත් තවත් පිරිසක් සහෝදරයින් හා නෑදෑයින් වෙනුවෙන් මෙසේ රැදී සිටින බවත් වාර්තා වේ.
තවත් සමහරු රැකියාවට යන බැවින් සිය බිරිඳ හෝ පෙම්වතිය පෝලිමේ රඳවා ඇතිබවටත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


