Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Aug
21
වාරියපොල පහරදීමේ සම්පූර්ණ හෙළිදරව්ව හිරුගෙන්

- වාරියපොල පහරදීමේ සම්පූර්ණ හෙළිදරව්ව හිරුගෙන්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

20 Views

මහ මගදී උසුලු විසුලු කලැයි ප්‍රකාශකරමින් තරුණියක් විසින් වාරියපොල වෙළඳ සංකීර්ණයේදී තරුණයෙකුට අමානුෂික ලෙස පහරදෙන ආන්දෝලනාත්මක වීඩියෝවක් පසුගිය දින කීපය පුරාම අන්තර්ජාලය පුරා කාගේත් කතා බහට ලක්විය.

මෙම පහරදීමට හේතුවී ඇත්තේ තරුණිය ගේ ඇඳුම් විලාසිතාව දෙස බලා තවත් තරුණයන් කිහිපදෙනෙකු සමඟ ඔහු ඇයට උසුලු විසුලු කල බවක් පවසමිනි. තරුණිය මෙම අවස්ථාවේදී  ඉතා කෘර ලෙස තරුණයාට පහර දෙන අතර එයට ඔහු සමාව ඉල්ලමින් බිම බලා සිටින්නේ ඔහුගේ අතේ සුලු වරදක් හෝ ඇති නිසාය.



හිරු ගොසිප් තුළින් එම වීඩියෝව ඔබ අතරට ගෙන ඒමෙන් පසුව සයිබර් අවකාශයේ බොහෝ දෙනා අතර එය හුවමාරු වූ අතර වැඩි දෙනාගේ ඉමහත් පිළිකුල තරුණිය කෙරෙහි එල්ල විය.

පහතින් දැක්වෙන්නේ තරුණිය පහර දෙන වීඩියෝවයි..


 
මෙම පහර දෙන අවස්ථාවේ ඒ අසල සිටි යම් පුද්ලයෙක් පිළිබදව වැඩි දෙනා කතා බහ කල අතර බොහෝ අය ප්‍රකාශ කලේ ඔහු පහර දෙන තරුණියගේ ආරක්ෂකයෙකු විය හැකි බවයි. නමුත් හිරු නිවුස් ඔහු සොයාගිය අතර ඔහු එම ස්ථානයේ සේවය කරන ජයසිංහ නම් වේලා සටහන්කරුවෙක් බවට හෙලිදරව්විය.

ඔහු මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපට දැක්වූයේ මෙවන් අදහසකි.
‘ගෑණු ළමය ගහන්න ගියානම් දෙපාරක් තුන්පාරක් ගහලා යන්න  ඕන.ගහන්න ගියාම මේක විනාඩි 45 ක් විතර ගැහුවනේ.පව් ඉතින් ඒ මනුස්සයා වැන්දා‘‘ යනුවෙනි

මෙම සිද්ධියට සම්බන්ධ වුනු වාරියපොල තරුණියද අපට සම්බන්ධ කරගැනීමට හැකි වූ අතර ඇය ප්‍රකාශ කලේ මෙවන් අදහසකි.
‘එතන වුණ සිද්ධිය එතන හිටපු අය දන්නවා.මම ඊයේ බැලූවා නෙට් එක.මහා කැත විදියට දාලා තියෙනවා.පිරිමි ළමයි ගොඩක් තරහයි ඒ වුන සීන් එකට.එයාල හරියට මොනවද වුනේ කියල දන්නේ නැහැ.කොල්ලෝ ගොඩාක් මාත් එක්ක තරහයි.

එහෙම කියල මට අතක් තියන්නනම් කවුරුත් ඇවිල්ල නැහැ.මොකද නීතිය තදයි.පොලිසි යන්න කියල කිව්වේ. මම ඒ පිරිමි ළමය ගැන හිතල අතඇරලා ආවේ. මම කලම්බු එන්න ආවේ.වීඩියෝ එක බලන හැමෝටම ඒ පිරිමි ළමයා මොන වගේ කෙනෙක්ද කියලා

එම වාර්තාවේ වීඩියෝව පහතින්...



කෙසේ නමුත් ඊයේ (20) හිරු ගොසිප් අපට මෙම සිද්ධියට මුහුණු දුන් වාරියපොල නගරයේ කූලී වැඩ කරමින් ජීවිතය ගෙනගිය සෙල්වා නම් තරුණයා සම්බන්ධ කරගැනීමට හැකි වූ අතර පහතින් දැක්වෙන්නේ සෙල්වා අප වාර්තාකරුට මෙම සිද්ධිය පිළිබද අනාවරණය කල සත්‍ය සිදූවීමයි.


"මම රැකියාවට නගරයේ කුලී වැඩ කරනවා.එදත් මම කුලී වැඩක් බලාපොරොත්තුවෙන් බස්නැවතුම්පොල අසලට වී සිටින විට මට පහර දුන් තරුණිය තවත් යාළුවෙක් සමග වැසිකිලියට ගොස් එමින් සිටියදී මට හමු වුණා.

ඇය ඇඳුම් ඇඳ සිටියේ ඇඟටම තද වෙන ආකාරයට ඩෙනිම් කලිසමක සහ අත්වල කොටසක් පෙනෙන ආකාරයට පෙනෙන බ්ලවුසයක්. මම ඒ ඇඳුම බලලා කිව්වා 'මිස් ඔය ඇඳුම ඔයාට ගැලපෙන්නේ නෑ නේද' කියලා. තමුසෙට මොකද කියලා එයා මට රවාගෙන ගියා.

ඉන්පසුව ඇය බසයක නැගලා සිටිනවා මම දුටුවා.ඒ වෙලාවේ මම සිටියේ බස්නැවතුම්පොළ ඇතුළෙයි. ඇය මා දැකලා එක පාරටම බස් එකෙන් බැස මා ළඟට ආවා.ඇවිත් 'උඹට මොකක්ද මගේ ඇඳුම ගැන තියෙන රුදාව කියා මගේ කම්මුලට පාරක් ගැසුවා. මම එහෙම ගහනකොට 'මිස් මට සමා වෙන්න, මගේ අතින් වැරදි දෙයක් කියවුණා නම් මම සමාව ඉල්ලනවා' කියලා කීවත් ඇය මට දිගින් දිගටම බනිමින් මගේ කම්මුලට ගැහුවා.

නමුත් මම ඉවසාගෙන සිටියා. පිරිමි අපි ගෑනුන්ට ගහන සිරිතක් නෑනේ. සමහරවිට මම ඇයට ගැහුවා නම් ගැනියකුට ප්‍රසිද්ධියේ ගැහුවා කියලා පොලීසියට අරන් යන්න තිබුණා.මේ නිසයි මම ඉවසුවෙ. මම ඇයට එහෙම කිව්වේ එහෙම කීම අත්‍යවශ්‍ය බව සිතූ නිසයි."

කෙසේ නමුත් ෆේස්බුක් මිතුරන්ගේ සහජ දක්ෂතාවන් එළියට පැමිණි අනගි අවස්ථාවක් ලෙස වාරියපොල පහරදීම ඉතිහාසයට එක්වන්නේ පසුගිය දින කීපය තුල ෆේස්බුක් අඩවිය පුරා පලවුනු විවිධාකාරයේ හාස්‍යජනක වූ ඡායාරූප නිසාය.

මෙම සිද්ධිය පදනම් කරගෙන ෆේස්බුක් අඩවිය තුල පලවූ ඡායාරූප එකතුවත්ද අප ඔබවෙත ගෙන ආ අතර පහතින් ඔබට ඒවා නරඹා රසවිදිය හැක.

වාරියපොල චන්ඩි තරුණිය ගැන බුකියේ පලවුනු රසකතා
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top