කලාව කියන්නේ හදවත් සනසන්න වගේම සුවපත් කරන්නත් පුළුවන් සොඳුරු බෙහෙතක්.
සමහරු කලාව ජීවිතේ කරගන්නවා. තවත් සමහරු ජීවිතේ කලාවක් කරගන්නවා.
ඒ විදිහට කලාව ජිවිතේම කරගත්තු කෙනෙක් ජීවිතෙන් සමුගත්තට පස්සේ බලාපොරොත්තු වුණු වෙනස්ම අවසන් කැමැත්තක් ගැන අපිට අම්බලන්ගොඩ පැත්තෙන් අහන්න ලැබුණා.
ඔහු නමින් පනියන්දූවේ පදිංචි පද්මසිරි ද සිල්වා.
පද්මසිරි අවුරුදු 50 ක කාලයක් අම්බලන්ගොඩ ඇතුළු ලංකාවේ බොහෝ ප්‍රදේශවල ඩොල්කි වාදන ඉදිරිපත් කරමින් සාජ්ජ පවත්වා තිබෙනවනා.
පසුගිය දිනක හදිසි අසනීප තත්ත්වය අම්බලන්ගොඩ පනියන්දූවේ පදිංචි පද්මසිරි ද සිල්වා මියගිය පසු අවසන් කටයුතු පවත්වන අවස්ථාවේ ඔහුගේ සහෝදර කලාශිල්පීන් අවමංගල්‍ය උත්සවයේදී සාජ්ජයක් පවත්වා තිබෙනවා.
ඒ පද්මසිරි මහතාගේ අවසන් ඉල්ලීමක් නිසා.
අවසන් කටයුතු සිදුකිරීම සඳහා දේහය රැගෙන යන අවස්ථාවේදී පැරණි ගීත වාදනය කරමින් දරුවන් ඇතුළු ඥාතීන් විසින් මෙම සාජ්ජය පවත්වා තිබෙනවා.
හදිසියේ ඇතුවූ රෝගී තත්ත්වයක් නිසා බලපිටිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව පද්මසිරි කලාශිල්පියා මියගොස් ඇති අතර මොහු දරුවන් 6 දෙනෙකුගේ පියෙකු වනවා.
ඩොල්කි වාදනයට උපන් හපන් හැකියාවක් ඇති පද්මසිරි අම්බලන්ගොඩ පැත්තේ පවත්වන පැදුරු සාජ්ජවල ප්‍රධානියා විදිහට කටයුතු කරන බවයි අප වාර්තාකරු පැවසුවේ.