ඉහළ රූප සොබාවයකින් යුතු කාන්තාවන් මැදපෙරදිග හා යුරෝපයට
ඉතිරි අය ඉන්දියාව තුළ ගණිකා වෘත්තියේ
පසුගිය දා ඇතිවූ භූකම්පනයෙන් පසුව පීඩාවට පත්ව සිටින නේපාල කාන්තාවන් ලිංගික වෘත්තියේ යෙදවීම සඳහා විවිධ කණ්ඩායම් කටයුතු කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. එම වාර්තාවන් පෙන්වා දෙන්නේ භූකම්පනයෙන් විපතට පත්වූවන්ට සහන සැලසීමට පැමිණි සහන කණ්ඩායම්වල මුවාවෙන් මෙම පිරිස් කාන්තාවන් සොයා ගම්මානවලට පැමිණෙන බවයි.
එහිදී ඉහළ වැටුපක් ලබාගත හැකි රැකියාවක් ලබා දෙන බව පවසා ඉන්දීය දේශ සීමාවට මෙම කාන්තාවන්ව රැගෙන යන ඔවුන් එහිදී වැඩි රූප සොබාවයකින් යුතු කාන්තාවන් සහ අනෙකුත් අය වශයෙන් වර්ග කරන බවයි පැවසෙන්නේ.