Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



englishtrans
138 යනු කොළඹ පමණක් නොව දිවයිනේ බොහෝ ප්‍රදේශවල පිරිස් හොඳින් දන්නා හඳුනන  මාර්ග අංකයකි. එහි ගමන් ගන්නා මඟීන් හට නිතර අසන්නට දකින්නට ලැබෙන සිදුවීම් අතර අද (09) දිනයේ වූ සිදුවීමක් පිළිබඳව බස් රථයේම ගමන්ගත් අයෙකු අපවෙත තොරතුරු පැවසුවේ ඔහුගේ ජංගම දුරකථනයෙන් පටිගත කරගත් වීඩියෝවක්ද සමගිනුයි.

කොට්ටාව සිට පිටකොටුව බලා පිටත්වූ බස් රථයකට නුගේගොඩින් ගොඩවුණු තරුණ තරුණියන් පිරිසක් කොටුව දෙසට එන්නට පිටත් වී ඇත. තරුණියන් පිරිස මුලින්ම බසයට නැග ඇති අතර පාපුවරුවේ යන්නට කවදත් ආසා තරුණයින් වට පිට සිටි අයට වැඩ කිඩ දමමින් පාපුවරුවේ ඉන්නට වී ඇත.

views1,024 Views
comment

englishtrans
ඡන්දෙට එන්නේ කුරුණෑගලින් බුලත් කොළෙන්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙවර මහ මැතිවරණයට කුරුණෑගලින් තරඟ කිරීම සඳහා නාමයෝජනා පත්‍රයට අත්සන් තබා තිබෙනවා.

මේ සම්බන්ධයෙන් කොළඹ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකදී ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය විමල් වීරවංශද තහවුරු කලා. පසුගිය කාලය පුරාම මහින්ද රාජපක්ෂ මහතා විවිධ ප්‍රදේශවලින් මැතිවරණයට ඉදිරිපත්වන බවට කතා පැතිර ගියා. නමුත් ඔහුගේ අවසන් තීරණය අනුව මෙවර මැතිවරණයට මහින්ද රාජපක්ෂ කුරුණෑගලින් ඉදිරිපත්වෙනු ඇති.

views801 Views
comment

ලිදුල පොලිස් වසමට අයත් නාගසේන ප්‍රදේශයේ ප්‍රධාන දමිළ පාසැලක පාසැල් ළමුන් තිදෙනෙක් (3) ගස්බැඳ තිබියදී  ප්‍රදේශවාසීන් විසින් එම පාසැල් ළමුන් තිදෙනා බේරාගෙන
ලිදුල පොලීසියට භාරදී තිබෙනවා.

එම පාසැලේ 6 වන වසරේ අධ්‍යාපනය ලබන මෙම පාසැල් ළමුන් තිදෙනා පාසැල හැර නිවසට යන අතරතුර ප්‍රධාන මාර්ගයේ පසෙක නිවසක් අභියස බිමවැටී තිබූ වෙරලු ඇහිදමින් සිටින අවස්ථාවේ නිවෙස් හිමියා මෙම පාසැල් ළමුන් තිදෙනාව එම වෙරලු ගසේම ගස්බැඳ පහරදුන් බව එම පාසැල් ළමුන් විසින් ලිදුල පොලීසියට පවසා තිබෙනවා.

views1,148 Views
comment
englishtrans
දෙමාපියන්ගේ නොසැලකිල්ල මෙන්ම තවත් අවස්ථාවන් වලදී ඇතැම් පුද්ගලයන්ගේ කූඨ උපක්‍රමයන්ට හසුවී තරුණියන් ඔවුන්ගේ ජීවිත වලින් පවා වන්දි ගෙවූ පුවත් රැසක් පසුගිය කාලය පුරාම වාර්තා වුණා.

එමෙන්ම කාමාතුරයින් කුඩා දරුවන් තමන්ගේ බිල්ලක් කරගන්නට සෑදූ අවස්ථා පිළිබඳවද දිවයිනේ නන්දෙසින් වාර්තා වන්නට වුණා. එවැනි වූ තවත් පුවතක් මේ වන විට වාර්තා වන්නේ කරුවලගස්වැව ප්‍රදේශයෙනුයි. වයස අවුරුදු 06 ක් වන කුඩා දැරිවියකට ලිංගික අතරවයක් සිදු කළ බව කියන අයෙකුව අත්අඩංගුවට ගැනීමට පසුගියදා කරුවලගස්වැව පොලීසිය සමත්වුණා.
views576 Views
comment
මහනුවර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පෙර ගමන් රථයක ගමන්ගත් ආරක්ෂකයෙක් ගුවන් හමුදා සෙබෙලෙකුට මහනුවරදී පහරදීමේ සිද්ධියක් වාර්තා වනවා.

මෙලෙස පහර කෑමට ලක්ව ඇත්තේ හිගුරක්ගොඩ ගුවන් හමුදා කදවුරේ සේවයේ නියුතු සුභාෂ් අබේවික්‍රම නැමැති සෙබලෙක්. කෙහෙළිය රඹුක්වැල්ල මහතාට අයත් බව කියන ඩිෆෙන්ඩර් රථයකින්  පැමිණි පිරිසක් මහනුවර - මුරුතලාව ප්‍රදේශයේදි මෙම පහරදීම සිදුකර තිබෙනවා.

views277 Views
comment
englishtrans
සුද්දා මෙල්ල කරන්න පොලිසියෙන් වෙඩි

කොළඹ - හැව්ලොක් ටවුන් හි පිහිටි අවන්හලකදී තරුණියන් දෙදෙනෙකුට පිහියකින් පහරදී තුවාල සිදුකළ විදේශිකයෙකු පාලනය කිරීමට පොලීසිය ඔහුට වෙඩි තබා තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ වෙඩි වැදීමෙන් තුවාල ලැබූ විදේශිකයා සහ පිහියෙන් සිදුකළ පහරදීම නිසා තුවාල ලැබූ තරුණියන් දෙදෙනා මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බවයි.
views861 Views
comment
englishtrans
මිනුවන්ගොඩ නගරයේ රන් ආභරණ වෙළඳසැලක් කොල්ලකෑමට පැමිණි හතරදෙනෙකු එහි හිමිකරුට වෙඩි තබා ඝාතනය කර ඇති පුවතක් ඊයේ වාර්තා වුණා.

 පස්වරුවේ මෙම කොල්ලකරුවන් වෙළඳසැලට ඇතුලු වී ඇති අතර එම අවස්ථාවේදි හිමිකරු කොල්ලකරුවන් සමඟ පොරබදා ඇති බවයි වාර්තා වන්නේ. එහිදී කොල්ලකරුවන් හිමිකරුට වෙඩි තබා තිබෙනවා. වෙඩි තැබීමෙන් වෙළඳසැලේ සිටි තවත් සේවකයෙකුද තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි වාර්තාවන්නේ.

views759 Views
comment
ජනපති තවම  නාමයෝජනා ලැයිස්තුව අනුමත කරලා නෑලු

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාම යෝජනා ලැයිස්තුව ඉදිරි දින දෙක ඇතුළත සකස් කර අවසන් කරන බව නිදහස් පක්ෂයේ මහ ලේකම් අනුර ප්‍රියදර්ශණ යාපා පවසනවා.

කොළඹ අද (08) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ පක්ෂය තුල කණ්ඩායම් දෙකක් නොමැති අතර කිසිවෙකු තවත් කිසිවෙකුට කොන්දේසි පැනවීමක් සිදු කර නොමැති බවයි.
views235 Views
comment
englishtrans
මරණයට හේතුව තවමත් සොයාගෙන නෑලු

බහරේන් රාජ්‍යයේ ගොඩනැගිල්ලක ඉහළ මහලේ සිට පහළට වැටී  පසුගිය සෙනසුරාදා මිය ගිය ශ්‍රී ලාංකික තරුණියක් සම්බන්ධයෙන් පුවතක් මේ වන විට වාර්තා වනවා.  විදෙස් මාධ්‍යවල පවා මේ පිලිබඳව තොරතුරු වාර්තා වන අතර සිද්ධියෙන් මියගොස් ඇත්තේ 23 හැවිරිදි වියේ පසුවන ගුරුවරියක් ලෙස සේවය කරමින් සිටි තරුණියෙකුයි.

බහරේන්හි බ්‍රිතාන්‍ය පාසලක පිහිනුම් ගුරුවරියක් ලෙස  සේවය කර ඇති ඇය පසුගිය සෙනසුරාදා බහරේන්හි ප්‍රසිද්ධ ඇමරිකානු නාවික හමුදා ගොඩනැගිල්ලක සාදයකට සහභාගීවී තිබෙනවා.

views853 Views
comment
englishtrans
හැප්පුණු ගමන් කාර් එක අරන් යන්නත් හදලා
ආර්මි එකේ අයෙකුගේ වාහනයක් බවටත් ආරංචි

ගාල්ල, මාතර ප්‍රධාන මාර්ගයේ වැලිගම - ගුරුබැබිල ප්‍රදේශයේදී සිදු වූ මාරක රිය අනතුරකින් 49 හැවිරිදි පුද්ගලයෙකු සහ කුඩා දරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. මෙම අනතුර සිදු වුණේ අධික වේගයෙන් පැමිණි මෝටර් රථයක් ත්‍රී රෝද රථයක ගැටීමෙන්.  

මෙම මාරක රිය අනතුර සිදු වුණේ ඊයේ පස්වරු 2 ට පමණයි. ගාල්ල දෙසින් ආ මෝටර් රථයක් වේගය පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන මාතර දෙසින් පැමිණි ත්‍රී රෝද රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබුණා.

views479 Views
comment
englishtrans
කාර්යාල පුහුණුව සඳහා ගිය තම ප්‍රේමවන්තිය කාර්යාලයේ තරුණයෙකු සමඟ ප්‍රේම සම්බන්දතාවයක් පටන් ගැනිම හේතුවෙන් උරණ වු මුල් ප්‍රේමවන්තයා කාර්යාලය තුලට ගොස් නව පෙම්වතාට පහර දිමේ සිද්ධියක් මහියංගණ නියෝජ්‍ය ඉඩම් කාර්යාලයෙන් පසු ගිය දා වාර්තා වුණා.  ගුටි බැට හුවමාරුවෙන් පසු නව පෙම්වතාට රෝහල් ගතවන්නට සිදු වි ඇති අතර මේ වන විටත් ඔහු මහියංගණ මූලික රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබමින් සිටින බවත් සඳහන්.

මෙහි සිද්ධිය සැකෙවින් මෙසේය.. මහියංගණ නියෝජ්‍ය ඉඩම් කාර්යාලයේ පුහුණුව සඳහා තරුණියක් පැමිණ ඇති අතර එසේ පැමිණෙන විටත් මිනිපේ ප්‍රදේශයේ තරුණයෙකු සමඟ ඇයගේ ප්‍රේම සම්බන්දයක් තිබී ඇත.

views596 Views
comment
englishtrans
ශාහිඩ් කපුර් කියන්නේ තරුණියන්ගේ සුපිරි සිහින කුමරෙක්. හින්දි සිනමාවේ සුරූපී නිළියන් කිහිප දෙනෙක්ගේම හිටපු පෙම්වතෙක්.

කරීනා කපුර්, ප්‍රියංකා චොප්රා, සොනක්ෂි සිංහා ඔහුගේ නිළි පෙම්වතියන් අතරේ හිටියා. මේ නිළියෝ අමතක කරපු ශාහිඩ් ඊයේ විවාහ වුනා. ඒ තමන්ට වඩා අවුරුදු 13ක් බාල මීරා රාජ්පුට් සමගින්.

views1,529 Views
comment
englishtrans
එංගලන්තයේ පැවති ක්‍රීඩා සමාජ අතර ක්‍රිකට් තරඟයකදී පන්දුවක් පපුවේ වැදීම නිසාවෙන් ශ්‍රී ලාංකික සම්බවයක් ඇති බවලන් පත්මනාදන් නැමති වයස 24වන ක්‍රීඩකයා අවාසනාවන්ත ලෙස මියගොස් තිබෙනවා.

ඔහු  Manipay Parish ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයෙකු ලෙසින් තරඟකර තිබෙනවා. පන්දුව වැදීමෙන් පසු පිටියේ සිටම ඔහුට ගිලන්රථ මඟින් ප්‍රතිකාර සිදුකර ඇති අතර පසුව රෝහල් ගතකර තිබෙනවා.

views707 Views
comment
englishtrans
දැනටමත් විකල්පයක් සකස් කරලාලු

මෙවර මහමැතිවරණයට තරඟ කිරීම සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානය මගින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂයට නාම යෝජනා ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ස්ථාවරය පැහැදිලි නොමැති බව ඉන්දියාවේ හින්දු පුවත්පත පවසනවා.

මහමැතිවරණය පිළිබඳ විවරණයක් ගෙන එන හින්දු පුවත්පත වැඩිදුරටත් සදහන් කළේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට නාම යෝජනා ලබාදෙන බව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරයා නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවයි.

views277 Views
comment
englishtrans
ගහන ගමන් කෙල්ල වඳින්නත් කියලා

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශයේදී පාසැල් ගිය සිසුවියකට විහිළුවක් කිරීම නිසාවෙන් ප්‍රසිද්ධියේ ගුටි කෑ තරුණයෙකුගේ වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලයට නිකුත් වී ඇත.

පාරේ ගමන් කරමින් සිටි සිසුවිය සමීපයට බයිසිකලයෙන් පැමිණි මෙම තරුණයා ඇයට ඔච්චම් කරන්නට වී ඇති අතර එයින් කෝපයට පත් තරුණිය අසල සිටි පිරිසට මේ බව දැනුම් දී ඇත.

views1,044 Views
comment
[1]      «      5223   |   5224   |   5225      »      [5655]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top