එංගලන්තයේ පැවති ක්‍රීඩා සමාජ අතර ක්‍රිකට් තරඟයකදී පන්දුවක් පපුවේ වැදීම නිසාවෙන් ශ්‍රී ලාංකික සම්බවයක් ඇති බවලන් පත්මනාදන් නැමති වයස 24වන ක්‍රීඩකයා අවාසනාවන්ත ලෙස මියගොස් තිබෙනවා.
ඔහු Manipay Parish ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයෙකු ලෙසින් තරඟකර තිබෙනවා. පන්දුව වැදීමෙන් පසු පිටියේ සිටම ඔහුට ගිලන්රථ මඟින් ප්‍රතිකාර සිදුකර ඇති අතර පසුව රෝහල් ගතකර තිබෙනවා.
කෙසේ නමුත් ශරීරය අභ්‍යන්තරයේ සිදුවූ දරුණු තුවාල හේතුවෙන් ඔහු මියගොස් ඇතිබවටයි වාර්තා වන්නේ. මොහු යාපනයේ Hartley පාසැලේ ආදි සිසුවෙකු බවටද වැඩිදුරටත් තොරතුරු වාර්තා වෙනවා.
මීට මාස කිහිපයකට පෙර ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ෆිල් හියුස්ද පන්දුවක් හිසේ වැදීමෙන් අවාසනාවන්ත ලෙස මියගිය අතර බවලන් පත්මනාදන්ගේ හදිසි වියෝව සම්බන්ධයෙන් මේ වන විට ඔහුගේ මිතුරන් මෙන්ම ක්‍රීඩා සමාජයේ සගයින් දැඩි කම්පාවට පත්ව ඇති බවටත් වාර්තා වෙනවා.