දෙමාපියන්ගේ නොසැලකිල්ල මෙන්ම තවත් අවස්ථාවන් වලදී ඇතැම් පුද්ගලයන්ගේ කූඨ උපක්‍රමයන්ට හසුවී තරුණියන් ඔවුන්ගේ ජීවිත වලින් පවා වන්දි ගෙවූ පුවත් රැසක් පසුගිය කාලය පුරාම වාර්තා වුණා.
එමෙන්ම කාමාතුරයින් කුඩා දරුවන් තමන්ගේ බිල්ලක් කරගන්නට සෑදූ අවස්ථා පිළිබඳවද දිවයිනේ නන්දෙසින් වාර්තා වන්නට වුණා. එවැනි වූ තවත් පුවතක් මේ වන විට වාර්තා වන්නේ කරුවලගස්වැව ප්‍රදේශයෙනුයි. වයස අවුරුදු 06 ක් වන කුඩා දැරිවියකට ලිංගික අතරවයක් සිදු කළ බව කියන අයෙකුව අත්අඩංගුවට ගැනීමට පසුගියදා කරුවලගස්වැව පොලීසිය සමත්වුණා.
අත්අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම - තබ්බෝව පදිංචිකරුවෙකු වන අතර ඔහු 30 හැවිරිදි පුද්ගලයෙකුයි. අතවරයට පත්ව ඇති දැරිවියද තබ්බෝව ප්‍රදේශයේ පදිංචි අයෙක් වන අතර සැකකරු එම දැරිවියගේ නිවසේ පොල් අතු සෙවිලි කිරීමට දිනක් පැමිණ තිබෙනවා.
තම දරුවන් සමඟ සෙල්ලම් කිරීමට යැයි පවසා සැකකරු දැරිවිය කැදවාගෙන ගොස් ඇති අතර ඒ සදහා ඇයගේ මව්පියන්ගෙන් අවසර ලබා දී තිබෙනවා. යතුරු පැදියක නංවාගෙන දැරිවියව තම නිවසට කැදවාගෙන යන අතරතුර පාළු ස්ථානයකදී කැලෑවකට ඇයව කැදවාගෙන ගොස් සැකකරු මෙම අපරාධය සිදු කර ඇති බව අනාවරණය වී ඇතැයි පොලීසිය පවසනවා.
සැකකරු විසින් තමන්ට සිදු කරන ලද ක්‍රියාව පිළිබඳව නිවසට පැමිණි දැරිවිය තම මව්පියන් හා පවසා ඇති අතර ඉන් පසුව දැරිවියගේ මව්පියන් විසින් මේ බව කරුවලගස්වැව පොලීසියට පැමිණිල්ලක් කරමින් පවසා ඇත.
ඒ අනුව සැකකරුව අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කර ඇත. අතවරයට පත්ව ඇති දැරිවිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇත. සැකකරු පුත්තලම දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.