කාර්යාල පුහුණුව සඳහා ගිය තම ප්‍රේමවන්තිය කාර්යාලයේ තරුණයෙකු සමඟ ප්‍රේම සම්බන්දතාවයක් පටන් ගැනිම හේතුවෙන් උරණ වු මුල් ප්‍රේමවන්තයා කාර්යාලය තුලට ගොස් නව පෙම්වතාට පහර දිමේ සිද්ධියක් මහියංගණ නියෝජ්‍ය ඉඩම් කාර්යාලයෙන් පසු ගිය දා වාර්තා වුණා. ගුටි බැට හුවමාරුවෙන් පසු නව පෙම්වතාට රෝහල් ගතවන්නට සිදු වි ඇති අතර මේ වන විටත් ඔහු මහියංගණ මූලික රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබමින් සිටින බවත් සඳහන්.
මෙහි සිද්ධිය සැකෙවින් මෙසේය.. මහියංගණ නියෝජ්‍ය ඉඩම් කාර්යාලයේ පුහුණුව සඳහා තරුණියක් පැමිණ ඇති අතර එසේ පැමිණෙන විටත් මිනිපේ ප්‍රදේශයේ තරුණයෙකු සමඟ ඇයගේ ප්‍රේම සම්බන්දයක් තිබී ඇත.
ටික කලෙකින් ඇය කාර්යාලයේ තරුණයෙකු සමඟ ප්‍රේම සම්බන්දයක් ආරම්භ කර ඇති අතර මේ සම්බන්දයෙන් පෙර ප්‍රේමවන්තයාට වටින් ගොඩින් ආරංචි ලැබි ඇත. මේ ආරංචිවලින් කෝපයට පත් පෙර ප්‍රේමවන්තයා පසුගිය දිනක මහියංගණ නියෝජ්‍ය ඉඩම් කාර්යාලයට කාර්යාල වේලාව තුලදි කඩාවැදි තම පෙම්වතියගේ නව ප්‍රේමවන්තයාට යතුරුපැදි හෙල්මටයෙන් පහර කිහිපයක් ගසා ඇත. රණ්ඩුව බේරිමට ගිය කාර්යාලයේ අනෙකුත් කාර්යාල නිළධාරින්ටද ඔහු පහර දෙන්නට පටන් ගැනිම හේතුවෙන් කාර්යාල සේවකයන් එක් වි මුල් පෙම්වතාට හොඳටම පහර දි ඇත.
මෙම ආරවුල සම්බන්දයෙන් මුල් පෙම්වතාගේ නිවසට ආරංචි වී ඇති අතර පොලිස් නිළධාරියෙකු වු ඔහුගේ පියා පැමිණ මහියංගණ නියෝජ්‍ය ඉඩම් කාර්යාලයෙන් පහරදිමට පැමිණි තම දරුවා රැගෙන ගොස් ඇත.
මහියංගණ නියෝජ්‍ය ඉඩම් කාර්යාලයේ නිළධාරින් මහියංගණ පොලිසිය වෙත සිද්ධිය සම්බන්දයෙන් පැමිණිලි කර ඇති අතර පහර සිද්දිය සම්බන්දයෙන් විමර්ශණ කටයුතු මේ වන විට සිදු කෙරේ.
නියෝජ්‍ය ඉඩම් කාර්යාලයේ ප්‍රහාරයට ලක්වු තරුණ නිලධාරිවරයා ප්‍රතිකාර ලබා ගැනිම සදහා මහියංගණ මූලික රෝහලට ඇතුලත් වි ඇති අතර පහර දිම සිදු කල පෙම්වතාද කාර්යාලයේ නිළධාරින් තමට පහර දුන් බව පවසමින් රෝහල් ගත වී සිටියේය.