‘‘ශිෂ්‍යත්වෙට ලකුණු 170යි,
පුතා බඩේ කැක්‌කුමයි කියලා ඉස්කෝලේ යන්න බෑ කීවා,
මම ගිහින් එනකොට පුතා මාව දාලා ගිහින්‘‘
පසුගියදා නුවරඑළියේ පාසැල් සිසුවෙකු සිය නිවසේදීම ගෙළ වැළලාගෙන මියගිය පුවතක් සම්බන්ධයෙන් වාර්තා වුණු අතර මෙලෙස ඔහු මියයෑමට හේතුව පාසැලේ සිදුවූ කුමක් හෝ ප්‍රශ්නයක්දැයි තවමත් නිශ්චිතවම අනාවරණය වී නැහැ. කෙසේ නමුත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් දරුවාගේ මව විසින් ප්‍රකාශයක් කර තිබුණා.
ඇය පවසා සිටියේ පුතා ලිපියක් ලියා මෙලෙස මියගොස් සිටි බවත් ඔහු එහි සඳහන් කර තිබුණේ පාසැලේ සිදුවූ යම් සිදුවීමක් නිසාවෙන් තමන් සියදිවි හානිකරගන්නා බවට එහි සඳහන් කර තිබූ බවයි.