Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Oct
23
පාසැලේ සිද්ධියක් නිසා ලිපියක් ලියා එල්ලී මැරුණු සිසුවා ගැන මව හැඬූ කඳුලින් ලොවට කී කතාව

- පාසැලේ සිද්ධියක් නිසා ලිපියක් ලියා එල්ලී මැරුණු සිසුවා ගැන මව හැඬූ කඳුලින් ලොවට කී කතාවHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

37 Views
‘‘ශිෂ්‍යත්වෙට ලකුණු 170යි,
 පුතා බඩේ කැක්‌කුමයි කියලා ඉස්කෝලේ යන්න බෑ කීවා,
මම ගිහින් එනකොට පුතා මාව දාලා ගිහින්‘‘

පසුගියදා නුවරඑළියේ පාසැල් සිසුවෙකු සිය නිවසේදීම ගෙළ වැළලාගෙන මියගිය පුවතක් සම්බන්ධයෙන් වාර්තා වුණු අතර මෙලෙස ඔහු මියයෑමට හේතුව පාසැලේ සිදුවූ කුමක් හෝ ප්‍රශ්නයක්දැයි තවමත් නිශ්චිතවම අනාවරණය වී නැහැ. කෙසේ නමුත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් දරුවාගේ මව විසින් ප්‍රකාශයක් කර තිබුණා.

ඇය පවසා සිටියේ පුතා ලිපියක් ලියා මෙලෙස මියගොස් සිටි බවත් ඔහු එහි සඳහන් කර තිබුණේ පාසැලේ සිදුවූ යම් සිදුවීමක් නිසාවෙන් තමන් සියදිවි හානිකරගන්නා බවට එහි සඳහන් කර තිබූ බවයි.


මව සාක්ෂි දෙමින් සිද්ධිය විස්තර කර තිබුණේ පහත පරිදිය....

''මගේ බාල පුතා ඉගෙන ගන්න පාසලේ ගුරු දෙගුරු රැස්‌වීමට දහවල් 12.10ට විතර මම නිවසෙන් ගියා. ගෙදර හිටියේ චානුක පුතා විතරයි.
මම ඉදිරිපස දොරට ඉබ්බෙක්‌ දාලා ගියා ස්‌වාමියා දහවල් කෑමට ඒ කියන බලාපොරොත්තුවෙන් පුතා කාමරයට වෙලා පත්තරයක්‌ බල බල හිටියේ. මම පාසලට යන කොට අතර මඟදී පොඩි පුතා හම්බවුණා. මම ඔහුට කිව්වා ගෙදර දොර වහලා තියෙන්නේ ඉක්‌මනට යන්න කියලා.

මම පාසලේ රැස්‌වීමේ වාඩිවෙලා ඉන්න විට නිවස අසල අයෙක්‌ මට සඳහන් කළා ගෙදර කරදරයක්‌ ඉක්‌මනට යමු කියලා. මම ඉක්‌මනටම ගෙදර ආවා ඒ එනකොට නිවස ඉදිරියේ සෙනග රැස්‌වෙලා ඉන්නවා මම දැක්‌කා. ඒ මොහොතේ ගෙට යන අවස්‌ථාවේදී පුතා ගෙලවැලලාගෙන ඉන්න හැටි මම දැක්‌කා.''

පසුගිය 19 වැනි දින නුවරඑළිය ශාන්තිපුර නව කොළනියේ 12 නිවසේ පදිංචිව සිටි චානුක කල්හාර නමැති සිසුවාගේ මරණය සම්බන්ධව 20 වැනි දින නුවරඑළිය මහ රෝහලේදී පැවැති හදිසි මරණ පරික්‍ෂණයේදී මියගිය සිසුවාගේ මව වූ නවරත්න මුදියන්සේලාගේ නිරෝෂා අයිරාංගනී නමැති 37 වියෑති මව එසේ සඳහන් කරන්නට වූවාය.

නුවරඑළිය හදිසි මරණ පරීක්‍ෂක රාහුල උඩගමගේ මහතා ඉදිරියේදී හැඬූ කඳුලින් සාක්‍ෂි දුන් නිරෝෂා අයිරාංගනී මහත්මිය අපේ පුතා ශිෂ්‍යත්වයට සමත්වෙලා 2014 වසරේදී සිට ගාමිණි ජාතික පාසලේ අධ්‍යාපනය ලැබුවා. පාසලේදී යම් යම් වැරදි ක්‍රියාවන් හේතුවෙන් දෙවරක්‌ මාහට පාසලට එන්න කියලා දන්වා තිබුනා. ඒ මොනවාද කියා මා දන්නේ නැහැ.

19 වෙනි දින මගේ පුතා බඩේ කැක්‌කුමයි කියා පාසලට යන්න බැහැ කිව්වා. මා ඒ බව මහත්තයාටද දන්වා පාසලේදී දරුවාට යම් කරදරයක්‌ ඇති බව හැඟෙන නිසා පසුදා පාසලට යමු කියලා කිව්වා. ඉන් පසු මගේ පොඩිපුතා උදේ 8.30 ට පාසලට ගියා. මගේ පුරුෂයාත් උදේ රැකියාවට පිටත්ව ගියා. මම දහවල් වෙනකල් පුතා සමඟ ගෙදර වැඩ කළා. ඉන් පසු 12.10 ට පමණ ''මගේ බාල පුතා ඉගෙන ගන්න පාසලේ ගුරු දෙගුරු රැස්‌වීමට මම නිවසෙන් ගියා.

ගෙදර හිටියේ චානුක පුතා පමණයි. මම ඉදිරිපස දොරට ඉබ්බෙක්‌ දමා ගියා ස්‌වාමියා දහවල් කෑමට ඒ කියන බලාපොරොත්තුවෙන් පුතා කාමරයට වෙලා පත්තරයක්‌ බල බල හිටියේ. මම පාසලට යන කොට අතර මඟදී පොඩි පුතා හමුවුනා. මම ඔහුට කිව්වා ගෙදර දොර වහලා තියෙන්නේ ඉක්‌මනට යන්න කියලා. මම පාසලේ රැස්‌වීමේ වාඩිවෙලා ඉන්න විට නිවස අසල අයෙක්‌ මට සඳහන් කළා ගෙදර කරදරයක්‌ ඉක්‌මනට යමු කියලා. මම ඉක්‌මනටම ගෙදර ආවා ඒ එන විට නිවස ඉදිරියේ සෙනග රැස්‌වී සිටිනු මා දැක්‌කා. ඒ මොහොතේ ගෙට යන අවස්‌ථාවේදී පුතා ගෙලවැලලාගෙන සිටින අයුරු මම දැක්‌කා''

පසුව පුතා විසින් ලියා තිබූ ලිපියකින් පාසලේ ඇතිවූ සිද්ධියක්‌ නිසා මෙසේ සිය පණ හානි කර ගන්නා බව ඔහු කියා තිබුණා. මේ මරණය සම්බන්ධව සැකයක්‌ නැහැ. පාසලේ ඇති වූ සිද්ධියක්‌ නිසා මෙසේ සිදුකර ගන්නට ඇතැයි මා සිතනවා.

මෙම මරණ පරීක්‍ෂණයේදී සාක්‍ෂි දුන් කරගහ උල්පත ඥානරතන හිමි ''මේ අපේ පාසලේ ඉගෙනුම ලැබු දරුවෙක්‌ ඉකුත් බදාදා මම පාසලට පෙරවරු 7.45 ට පමණ පැමිණියා. විදුහල්පතිනිය කතා කරලා කිව්වා ප්‍රධාන ශාලාවේ විදුලිය විසන්ධි කරන ළමයි පිළිබඳව දැන ගන්නට ලැබුණ කියා. අදාළ ළමයින්ගේ පන්ති භාර ගුරුතුමිය සමඟ සාකච්ඡා කරලා තීරණයක්‌ ගන්නා ලෙස මට දන්වා සිටියා. එම ගුරුතුමිය බදාදා පාසලට පැමිණි සිටියේ නැහැ. නියෝජ්‍ය විදුහල්පති සමඟ කතා කරලා මේ ප්‍රශ්නය පිළිබඳව විනය ගැටළු පොතේ ලියලා සිද්ධියට සම්බන්ධ දෙමව්පියන් සඳුදා පාසලට ගෙන්වා ඒ පිළිබඳව කතා කරන්න ළමයි දැනුවත් කළා, විදුහල්පතිනිය සඳහන් කර සිටියේ, යම් අයුරකින් විදුලිය විසන්ධි කිරීමේ ක්‍රියාවලියේ යෙදෙන ඒ ළමයින්ට අනතුරක්‌ වේවි.

එනිසා මේ පිළිබඳව දැනුවත් කරන ලෙසයි. මා කිනම් අයුරකින්වත් ළමයින්ට පහරදීමක්‌ කළේ නැහැ. මේ විදිලි විසන්ධි කිරීමට සම්බන්ධ ළමයි 03 දෙනෙක්‌ සම්බන්ධවයි මෙම පරීක්‍ෂණයට සඳුදා එන්න කියලා තිබුණේ''

මෙම සිසුවාගේ මරණය සම්බන්ධව නුවරඑළිය මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී ගයාන් කුමාරසිරි මහතා විසින් පශ්චාත් මරණ පරීක්‍ෂණය සිදු කළ අතර, ගෙලවැලලාගෙන සියදිවි හානි කර ගැනීමක්‌ ලෙස වාර්තා කිරීමෙන් අනතුරුව හදිසි මරණ පරීක්‍ෂක රාහුල උඩගමගේ මහතා විසින් දෙමව්පියන් වෙත චානුක කල්හාර නැමැති සිසුවාගේ සිරුර ලබාදෙනලදී. මෙම මරණ පරික්‍ෂණයේදී තවත් කිහිප දෙනෙකුද සාක්‍ෂි ලබා දුන්හ.

චානක කල්හාර නැමැති සිසුවා නුවරඑළිය ශාන්තිපුර පාසලෙන් අධ්‍යාපනය ලැබ 2013 වසරේ ශිෂ්‍යත්වයෙන් ලකුණු 170 ක්‌ ලබාගෙන නුවරඑළිය ජාතික පාසලට ඇතුළු වූ සිසුවෙකි. තමා තාරකා විද්‍යාඥයෙකු වන්නට අපේක්‍ෂා කරන බව නිතර නිතර තම මාපියන්ට සඳහන් කළ අතර, ග්‍රහ ලෝක පිළිබඳව නිරන්තරයෙන්ම ඔහු අධීක්‍ෂණ කළ බව ඔහුගේ මව වන නිරෝෂා අයිරංගනී මහත්මිය හැඬූ කඳුලෙන් සඳහන් කරන්නට වූවාය. මේ අතර, ඔහු විසින් ''මා දිටු සුන්දර සිහිනය'' මැයෙන් කුඩා පොතක්‌ද රචනා කොට ඇති බව ඔහුගේ මව තවදුරටත් සඳහන් කර සිටියාය.

අවුරුදි 13 කට පසු ශාන්තිපුර විද්‍යාලයේ 5 වසර ශිෂ්‍යත්වයෙන් උසස්‌ ලෙස සාමාර්ථය ලැබූ චානුක ඉතා විධිමත් ලෙස අධ්‍යාපන කටයුතු වල යෙදී තිබුණු බව ඔහුගේ පොත් රාක්‌කයේ දෙස බැලු විට කාට වුනත් හැඟී යන කරුණකි. ඉතා විධිමත් ලෙස පොත් රාක්‌කය සකස්‌කර ගෙන තමාගේ දැනුම වැඩිකර ගනිමින් ඉදිරියේ පැහැපත් ගමනක යන්න බලා සිටි චානුක අකාලයේ මිය යැම ශාන්තපුර වැසියන් තුළද මහත් කම්පනයක්‌ ඇතිකළ බව කිව යුතුමය. අකාලයේ මිලින වූ චානුක ඊයේ පස්‌වරුවේදී 21 නුවරඑළිය ශාන්තිපුර සුසාන භූමියේදී සියලු දෙනාගෙන්ම සමුගත්තේය.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top