Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



englishtrans
පසුගියදා ඇඹිලිපිටිය සාදයකදී මරණයට පත්වූ සුමිත් ප්‍රසන්න ජයවර්ධනගේ මරණයට හේතුව අත්වල ඉහළ බාහුවල ප්‍රධාන ධමනි හා ශිරා කැපී බරපතල තුවාල සිදුවීමත්, අභ්‍යන්තර ඉන්ද්‍රීයන්හි කැපුම් තුවාලත් අධික රුධිර වහනය හා කම්පනයත් බවයි රත්නපුර රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී කේ.එම්.ටී.බී.ගුණතිලක මහතා ප්‍රකාශ කර ඇත්තේ. මේ සම්බන්ධයෙන් අද දිනයේ ඇඹිලිපිටිය අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසන්න ප්‍රනාන්දු මහතා පවසා තිබෙනවා.

එමෙන්ම මහේස්ත්‍රාත්වරයා රහස් පොලිසියට පවසා ඇත්තේ පරීක්ෂණ පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙසයි.හිටපු සහකාර පොලිස් අධිකාරි ඩබ්ලිව්.සී.ධර්මරත්න මේ සම්බන්ධයෙන් සැකපිට දැනටත් අත්අඩංගුවේ පසුවෙනවා.

views440 Views
comment

englishtrans
‘‘මැරුණු තැන සියළු සාක්ෂි පොලිසිය මැකුවලු,
පොලිස්පති දන්නවා කවුද මෙයාලා මැරුවේ කියලා‘‘

2012 වර්ෂයේදී කැලණිය විශ්ව විද්‍යාලයේ හා රුහුණු විශ්ව විද්‍යාලයේ සිසුන් දෙදෙනෙකු යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී ජීවිතක්ෂයට පත්වන්නේ ගම්පහ ඉඹුල්ගොඩ ප්‍රදේශයේදි. ජානක බණ්ඩාර හා සිසිත ප්‍රියංකර වන ඔවුන් දෙදෙනා ජීවිතක්ෂයට පත්වන්නේ යතුරු පැදි අනතුරකින් බවයි පොලිසිය පැවසුවේ.

එම අනතුර සැලසුම් සහගතව කළ එකක් බව අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් පොලිසියට පැමිණිල්ලක්ද ඉදිරිපත් කර තිබුණා. මේ සිදුවීම සම්බන්ධයෙන් අගතියට පත්වූ පාර්ශවයේ ඉල්ලීම මත මෙහි පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාරදුන් බව පොලිස් මූලස්ථානය ඊයේ නිවේදනය කර තිබුණා.

views456 Views
comment

englishtrans
වව්නියාව - උක්කුලාම්කුලම් ප්‍රදේශයේ ඉකුත් 16 වනදා සිසුවියක් ගෙළ වැළලාගෙන මියගොස් ඇති බවට පුවතක් වාර්තා වුණා. නමුත් සිද්ධිය සම්බන්ධයෙන් ඇති වූ සැකය නිසා කළ වැඩිදුර පරීක්ෂණයේදී හෙළිවී ඇත්තේ 13 හැවිරිදි මෙම දැරිය බරපතල ලෙස අපයෝජනයට ලක්කර ඝාතනය කර ඇති බවයි.  වව්නියාව හදිසි මරණ පරීක්ෂකවරයා ඊයේ මෙම (18) තීරණය සම්බන්ධයෙන් පැවසා ඇති තිබෙනවා.

තිදෙනෙකුගෙන් යුත් පවුලේ දෙවැනියා වූ මෙම දැරිය ඉකුත් 16 වනදා පාසල් යාමට නොහැකි බව පවසමින් නිවසෙහි නැවතී තිබෙනවා. සිය වැඩිමහල් සොහොයුරා සවස පාසල් ඇරී නිවසට පැමිණි අවස්ථාවේදී ඇය නිවසේ ගෙළ වැළලාගෙන සිටි අයුරු දැක ඇති බව සඳහන්.

views441 Views
comment
englishtrans
වයස අවුරුදු 20 පනිනකොටම සමහර තරුණියෝ තමන්ගේ ජීවිතේ නැති නාස්ති කරගන්නේ සමාජයට එන සමහර ආක්‍රමණික මත්ද්‍රව්‍ය නිසා. ඒ අතරේ සමහරු ඔය මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ නැතුව ඒවා විකුණලා තවත් පිරිසකගේ ජීවිතේ අගාධයට දානවා. ඒ විදියට වයස අවුරුදු 21ක තරුණියක් කරන් ගියපු බිස්නස් එකක් නාරාහේන්පිටදි අහුවුණා.

කොකේන් සහ විශේෂ හතු වර්ගයකින් සකස් කරන ලද අන්තරායකර ඖෂයක් ලෙස සැලකෙන මැජික් මෂ්රූම් නැමැති ඖෂධ තොගයක් මෙහිදී අත්අඩංගුවට ගැනීමට වළාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් සමත් වුණා. ඒ, නාරාහේන්පිට මන්ත්‍රි නිවාස ප්‍ර දේශයේ කළ වැටලීමකදී.

views447 Views
comment
englishtrans
තමන්ව නිදහස් පක්ෂයෙන් එලවා දැමීමට ඇතැම් පුද්ගලයින් උත්සාහ කළත් එය පහසුවෙන් සිදුකළ නොහැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. ඊයේ (18)  පෙරවරුවේ බරපතල වංචා විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිිළිතුරු ලබාදෙමින් ඔහු මෙම අදහස් පළ කළා.

හිටපු ජනාධිපතිවරයා බරපතල වංචා විමර්ශන කොමිසම වෙත පැමිණියේ පසුගිය ජනාධිපතිවරණයේදී ස්වාධීන රූපවාහිණි සේවයේ විකාශය කළ දැන්වීම් සඳහා මුදල් නොගෙවීමේ සිද්ධිය පිළිබඳව සිදුකෙරෙන විමර්ශනය සඳහායි.

views269 Views
comment
ඇතැම් දූදරුවන් විසින් තම මව පියා බලු කුඩුවල  අනාථ නිවාස හා මහමඟ දමා යන සමාජයක ඒ සියල්ලන්ටම ආදර්ශයක් වෙමින් 14 හැවිරිදි පාසල් සිසුවියක් ආබාධිත පියා, රෝගි මව, ඇස් නොපෙනෙන මාමා සහ නැන්දා රැගෙන ශ්‍රී පාද ස්ථානය කරුණා කරවූ අනුවේදනීය පුවතක් කැමරා කාචයේ සටහන් ව තිබෙනවා.

ඇය ගම්පහ සීදුව ප්‍රදේශයේ දවිසමර මහා විද්‍යාලයේ හයවන වසරේ ඉගනුම ලබන සුරංගි පෙරේරා සිසුවියයි. අගහිඟකම් රාශියක් මැද්දේ ආබාධිත තම පියාගේ හා රෝගි මවගේ ආවතේව කටයුතු කරමින් තම අධ්‍යාපන කටයුතු පවා අඩාල කරගෙන සිටින මෙම සිසුවිය ඇස් නොපෙනෙන 50 හැවිරිදි නැන්දා සහ මාමාවද බලා ගනිමින් සිය ජිවිකාව රැගෙන යනු ලබනවා.

views694 Views
comment
englishtrans
 ගම්පොල - පුපුරැස්ස - කලූගල්වත්ත ප්‍රදේශයට ඊයේ රාත්‍රියේ වැටුණු ගූගල් ලුන් නියමු ව්‍යාපෘතියට අයත් වායු බැලුනය යළි ගුවන් ගත කිරීමට බලාපොරොත්තු වන බව විදුලි සංදේශ සහ  ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා.

ඔහු කියා සිටියේ මෙම බැලුනය කඩාවැටීමකට ලක් නොවුනු බවයි. එය තාක්ෂණික හේතුන් මත ගොඩබෑමක් සිදුකර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළා.
 
views310 Views
comment

කෙල්ලගෙම ගුණ්ඩුවකට අසු වී
ඇතුලටම යන්නත් වෙයි

Facebook එක ගැන අලුතින් කියන්න දෙයක් නෑනේ. අපේ කොල්ලෝ කෙල්ලෝ ගොඩ දෙනෙක් ආදරේ කරන්න කෙනෙක් හොයන්න බලන්නේ මේකෙන්. ඔය විදියට Facebook එක හරහා ළාබාල තරුණියක් සමඟ ප්‍රේම සම්බන්ධයක් ගොඩ නඟාගත් 24 හැවිරිදි තරුණ ප්‍රේමවන්තයකුට ඉකුත් 14දාට යෙදී තිබූ ප්‍රේමවන්තයන්ගේ දිනයේ පොලිස් කූඩුවේ රැයක් ගත කිරීමට සිදුවීමේ පුවතක් අනුරාධපුර පොලිසියෙන් වාර්තා වෙනවා.

මේ තරුණයා කුරුණෑගල කුඹුක්ගැටේ පදිංචි වෘත්තියෙන් පෙදරේරුවෙක්. මොහු වැලිසර රාගම පදිංචි වවුනියාවේ ආයතනයක සේවය කරන 17 හැවිරිදි තරුණියක හා මිත්‍ර වී ඇත්තේ මුහුණු පොතේ පළවූ එම තරුණියගේ තොරතුරු ආශ්‍රයෙනි. පසුව විවාහ ගිවිස ගැනීමේ පොරොන්දුව මත ප්‍රේමයෙන් වෙළී තිබේ.

views418 Views
comment
englishtrans
‘‘සාර්ථකව ගොඩබෑවා‘‘ හරීන් කියයි

දකුණු ඇමරිකාවේ සිට මෙරටට එවන ලද ‘‘ගූගල් ලූන්“ නම් වායු බැලූනය ඊයේ රාත්‍රි 7.30 ට පමණ කඩා වැටී තිබෙනවා. එය කඩා වැටී ඇත්තේ ගම්පොල පුපුරැස්ස ප්‍රදේශයටයි.

මෙම බැලූනය පසුගිය 15 වැනිදා දකුණු ඇමරිකාවේ සිට එවා ඇත්තේ මෙරට අධිවේගී අන්තර්ජාල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහායි.

views731 Views
comment
ගින්දරයි පුළුනුයි එකතු වුණා වගේ වෙන අඟහරු සෙනසුරු එකම
රාශියකට පැමිණීම ගැන ප්‍රවීන ජ්‍යෝතීර්වේදී ජාත්‍යන්තර ජ්‍යෝතිෂ්‍ය උපදේශක

නිශාන්ත පෙරේරා මහතා සමග
හිරු ගොසිප් ගෙනෙන විශේෂ අනාවරණය

පෙබරවාරි 20වනදා සිදුවන අඟහරු මාරුව ඔබේ ලග්නයට බලපාන්නේ කෙසේද යන්න පිළිබඳව හිරු ගොසිප් තුළින් මෙවරත් අනාවරණය කරන්නේ ප්‍රවීන ජ්‍යෝතීර්වේදී ජාත්‍යන්තර ජ්‍යෝතිෂ්‍ය උපදේශක ඉන්දියන් එක්සලන්සි සම්මාන ලාභී නිශාන්ත පෙරේරා මහතායි.

ලග්නයෙන් ලග්නයට අඟහරු මාරුව බලපාන ආකාරය පිළිබඳව ඔහු විස්තර කළේ මේ ආකාරයෙන්...

views475 Views
comment
englishtrans
මුදල් විශුද්ධිකරණ පනත යටත් වරදක් සිදු කර ඇතැයි කියන සිද්ධියකට අදාලව දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින යෝෂිත රාජපක්ෂ ඇතුළු පස් දෙනාට ඇප ඉල්ලා ගොනු කළ අයදුම්පත් මේ මස 29 වැනිදා සලකා බැලීමට කොළඹ මහාධිකරණය අද (17) නියෝග කළා.

එමෙන්ම අත්අඩංගුවට ගැනුනු යෝෂිත රාජපක්ෂ ඇතුලූ පස්දෙනා මේ මස 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. අද දිනයේ නඩු විභාග වන ආකාරය පිළිබඳව දැක බලා ගැනීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ද පැමිණ සිටියා. එහිදී ඔහු කළු කෝට් එකක් දමාගෙන අධිකරණ භූමියට පැමිණි සිටිම විශේෂත්වයක්...

views343 Views
comment
englishtrans
අමානුෂික ලෙස ඝාතනය කළ බවට අනාවරණය වූ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ සිද්ධියට අදාල CCTV මේ වන විට පරීක්ෂා කිරීමට විදේශ රටක සහය පතා තිබෙනවා. මේ වනතෙක් සිද්ධියට අදාල CCTV දර්ශන කිසිවක් මාධ්‍යට හෝ ලබා දී නැහැ. ඇතැම් අවස්ථාවල පැවසුනේ එම දර්ශන වල ප්‍රභූ පවුලක සාමාජිකයින් සිටින බවයි. නමුත් පසුව පැවසුනේ එම දර්ශන පැහැදිලි නොවන බවයි.

මේ සියල්ල අතර වසීම් තාජුඩීන් ඝාතනය කිරීමට පෙර යම් කිසි දිනයකදී සිය මිතුරන් සමඟින් විනෝදවන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වන විට අප වෙත ලැබී තිබෙනවා.

views1,033 Views
comment
englishtrans
මේ කාලේ ඉන්නේ අමුතු අමුතු විදියේ හොරු. එයාලා හොරකම් කරන්න එන්නෙත් අමුතු විදියට. හැබැයි එයාලා දන්නේ නෑ දැන් හැමතැනම CCTV හයිකරලා තියෙනවා කියලා. ඒ නිසා ඔය හොරුන්ගෙන් ගොඩදෙනෙක් අන්තිමට මාට්ටු වෙනවා.

 ඔය විදියට ගාල්ල, උඩුගම ප්‍රදේශයේ වෙළෙඳ සැලකට පසුගියදා රාත්‍රියේ ඇතුළු වූණු පුද්ගලයෙක් කඩේ තිබ්බ බඩු වගේම මුදල් හොරකම් කරනවා. මෙයා හොරකමට ඇඳගෙන ඇවිත් තියෙන්නෙත් යට ඇඳුම විතරයි.

views339 Views
comment
englishtrans
කොළඹ තොටළග - ෆර්ගියුෂන් මාර්ගය ප්‍රදේශයේ  ඉදිකර තිබූ අනවසර නිවාස, නාගරික සංවර්ධන අධිකාරිය ඊයේ (16) ඉවත් කිරීමට පියවර ගත්තා. කෙසේ වෙතත්, ප්‍රදේශවාසීන් මෙම ඉවත් කිරීමට විරෝධය පළ කිරිමත් සමග උණුසුම් තත්ත්වයක් ඇති වුණා.

තොටළග - ෆර්ගියුෂන් මාර්ගයේ  තොටළඟට සමීප මෙම ස්ථානයේ අනවසර නිවාස 200කට අධික සංඛ්‍යාවක් ඉදිකර තිබෙනවා. නාගරික සංවර්ධන අධිකාරිය පැවසුවේ ජනතාවට මෙම නිවාසවලින් ඉවත් වීමට මීට වසරකට පමණ පෙරද දැනුම් දී තිබූ බවයි.

views314 Views
comment
සමහර මිනිස්සු තමන්ගේ බිරිඳ ඉන්නකොට වෙනත් ගැහුණු අය හොයන් යන එක ගැන රටේ ලෝකේ ඕනි තරම් ප්‍රවෘත්ති වාර්තා වෙනවා. ඒවා නිසා අන්තිමට වන්දි ගෙවන්නේ අසරණ ළමයි.  ඒ කරන දේ වැරදි කියලා ඔවුන් දන්නවා වුනත් අහුවෙයි කියලා හිතෙන්නේ නැතුව ඇති.

කොහොම වුනත් ඔය විදියට වැරදුණු අනියම් සම්බන්ධයක් නිසා බිරිඳගෙන් හොඳටම ගුටිකන්න වුණු පිරිමියෙකුගේ වීඩියෝවක් මේ වෙනකොට අන්තර්ජාලයේ හුවමාරු වෙමින් පවතිනවා.

views428 Views
comment
[1]      «      5152   |   5153   |   5154      »      [5654]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top