වව්නියාව - උක්කුලාම්කුලම් ප්‍රදේශයේ ඉකුත් 16 වනදා සිසුවියක් ගෙළ වැළලාගෙන මියගොස් ඇති බවට පුවතක් වාර්තා වුණා. නමුත් සිද්ධිය සම්බන්ධයෙන් ඇති වූ සැකය නිසා කළ වැඩිදුර පරීක්ෂණයේදී හෙළිවී ඇත්තේ 13 හැවිරිදි මෙම දැරිය බරපතල ලෙස අපයෝජනයට ලක්කර ඝාතනය කර ඇති බවයි. වව්නියාව හදිසි මරණ පරීක්ෂකවරයා ඊයේ මෙම (18) තීරණය සම්බන්ධයෙන් පැවසා ඇති තිබෙනවා.
තිදෙනෙකුගෙන් යුත් පවුලේ දෙවැනියා වූ මෙම දැරිය ඉකුත් 16 වනදා පාසල් යාමට නොහැකි බව පවසමින් නිවසෙහි නැවතී තිබෙනවා. සිය වැඩිමහල් සොහොයුරා සවස පාසල් ඇරී නිවසට පැමිණි අවස්ථාවේදී ඇය නිවසේ ගෙළ වැළලාගෙන සිටි අයුරු දැක ඇති බව සඳහන්.
කෙසේ වෙතත් දැරියගේ සිරුර වව්නියාව මහ රෝහල වෙත රැගෙන යාමෙන් අනතුරුව පරීක්ෂාවට ලක්කර තිබුණේ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරිවරයෙකු විසින්. දැරියගේ මව පාසල් ගුරුවරියක බව සදහන්.
වෛද්‍යවරයාට දැරියගේ මරණය සම්බන්ධයෙන් සැක මතුවීම හේතුවෙන් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා වව්නියාව පොලිසියේ අපරාධ විමර්ශන අංශයට භාර දී තිබෙනවා.