‘‘කොච්චර වැටුණත් පෙට්ටිය ආරක්ෂා කරගන්නයි ඕනි,
සීගිරියෙදි මේක ආයෙත් පුම්බලා උඩ යවනවා‘‘
ගූගල් එකෙන් ලංකාවටම අන්තර්ජාල පහසුකම් දෙන්න කියලා බැලුන් එකක් උඩයැව්වා ඔබට මතක ඇති. ඕක එක දවසක රෑ ගම්පොල පැත්තට කඩාගෙන වැටිලා තිබ්බා. ඉතින් කට්ටිය ඕකට එක එක කතා කියන්න ගත්තා. සමහරු කීවේ පටන් ගත්ත ගමන්ම වැඩේ අවුල් වුණා කියලා. ඒත් ඇත්තටම ඒක කඩා වැටුණේ නෑ, ගොඩබැස්සුවා කියලා ඩිජිටල් ඇමති හරීන් ප්‍රනාන්දු මහත්මයා කීවත් සමහරු ඒක පිළිගත්තේ නෑ.
ඔය ප්‍රශ්න ඔක්කොම තියෙන නිසා මේ බැලුන් එකේ ඇත්තම කතාව අහන්න හිරු ගොසිප් අපිට විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් ඇමති හරීන් ප්‍රනාන්දු මහත්මයා එක්ක සංවාදයක නිරත වෙන්න පුලුවන් වුණා.