“බැහැ... බැහැ.... මම ප්‍රියන්තව දාලා යන්නෙ නම් නැහැ”
“අනේ: අම්මේ මට සමාවෙන්න. මාව මේ දුකෙන් ගලවා ගන්න මගෙ අම්මේ...”
මනස උසස් කැර ගැනීමේ හැකියාවෙන් යුක්ත සත්ත්වයා මිනිසා බැවින් ‘මනුස්ස’ නම් වේ. මවුපියන්ගෙන්, ගුරුවරුන්ගෙන්, කල්‍යාණ මිත්‍රයන්ගෙන් හා තමන් ජීවත් වන සමාජයෙන්, පොතපතින්, මිනිසා දැනුම වර්ධනය කර ගනී. සීලය, සමාධිය හා ප්‍රඥාව වැඩෙත් ම ඔහු ගේ ඇස වචනයේ පරිසමාප්තයෙන් ම “මනුස්ස” බවට පත් වේ. ලෝභය ද්වේෂය හා මෝහය නිසා ප්‍රාණ්‍යානාදී අකුසල් ගති ඇති වී මනස උසස් කැර ගැනීමේ හැකියාව පිරිහී දුර්වල වී තිරිසන් බවට පත් වේ. එයින් හැඟීම්වලට යටත්වීම නිසා සුරාපානය හා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී මිනිසා සතු අලුතෙන් සිතීමේ හැකියාව දුර්වල කැර ගෙන නුවණ පිරිහී මෝහයෙන් අන්ධ වේ. ජීවිතය ද ආර්ථිකය ද සමගිය ද සමාජයේ පිළිගැනීම ද නැති කර ගනී.
සීල, සමාධි, ප්‍රඥා යන කුසල් වැඩෙත් ම, මෛත්‍රී කරුණා මුදිතා උපේක්ෂා යන චෛතසික ශක්තීන් චිත්ත සන්තානය තුළ වර්ධනය වන විට මිනිසාගේ ශරීරයෙන් මතු වන ශක්ති කිරණ මිනිසා ට ආධ්‍යාත්මීය ආරක්ෂාවක්, ප්‍රභාස්වරයක් ඇති කරයි. එයට ශක්ති වළල්ල හෙවත් ඕරා යැයි කියති. ඉමක් කොනක් නොපෙනෙන දීර්ඝ වූ අනන්ත වූ සංසාරයේ මේ පොළවට, ගහ කොළට, ඥාති මිත්‍රාදීන්ට ඇල්මෙන් හා ගැටීමෙන් ලෝභා ද්වේෂ මෝහයෙන් මරණයට පත් වූ සත්ත්වයෝ කෝටි ප්‍රකෝටි ගණනින් ප්‍රේතාදි අමනුෂ්‍යයන්ව ඉපද අප වටා ජීවත්වෙති. ඔවුන් අපේ පියවි ඇසට නොපෙනේ. ආදරය හා තරහ වෛර පළිගැනීම් සඳහා ද ජීවත්වන්නට අවශ්‍ය ආහාර සපයා ගැනීම සඳහා ද මේ අමනුෂ්‍යයෝ මිනිසාගේ ශරීර තුළට රිංගා ගැනීමට මාන බලති. මිනිසා ගේ ශක්ති වළල්ල දුර්වල වූ විට කඩතොලු වූ විට ඒ තැන්වලින් ප්‍රේතාදි අමනුෂ්‍යයෝ මිනිස් ශරීරවලට රිංගා ගනිති. ආදරයෙන් හිතවත්කමට ආවත් තරහෙන් පළිගන්නට ආවත් ඔවුන්ගේ සියුම් ශරීර මිනිස් ශරීරවලට අසාත්මික බැවින් ලෙඩ රෝග ඇති කරයි. මරණය පවා ඇති කරයි.