Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



"හිතේ සද්ධාවෙන් ම තමයි මේ ආවේ මග මැරුණත් බලලා තමයි යන්නේ"

"අපි පාන්දර 4 ඉඳලා පෝලිමේ ඉන්නේ සතුටනම් කියලා නිම කරන්න බැහැ පුතේ"

"නිවන් දකින තරමට සතුටුයි හිරුට ගොඩක් පිං"

උතුම් සම්බුදු තෙමගුල වෙනුවෙන් හිරු ටී.වී, හිරු එෆ්.එම් එක්ව සංවිධානය කරන හිරු උත්තම ධාතු වන්දනාවේ දෙවන දිනය වන අදත් ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් පිරිසක් අනුරාධපුර - ඓතිහාසික ජේතවනාරාම පින් බිම වෙත පැමිණෙමින් සිටිනවා.

ඒ, කපිල වස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වැද පුදාගෙන ආශිර්වාද ලබා ගැනීමේ අරමුණින්.

ඔවුන් වෙනුවෙන් සියළු පහසුකම් හිරු සංවිධාන කර තිබෙනවා.  

හිරු උත්තම ධාතු වන්දනා කපිල වස්තු පුර නිසැක ශ්‍රී සර්වඥ ධාතු ප්‍රදර්ශනය අනුරාධපුර - ඓතිහාසික ජේතවනාරාම පින් බිමේදී ඊයේ (30) අලුයම ආරම්භ කෙරුණේ ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ගේ සහභාගීත්වයෙන්.
views226 Views
comment

ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා ජේතවනාරාම පිං බිමේදී ඇස්, ඉස්, මස්, ලේ ඇතුළු සියළු ශරීරාංග දන්දෙයි...

සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ තෙමඟුල නිමිත්තෙන් හිරු ටී.වී. සහ හිරු එෆ්.එම්. සංවිධාන කරන හිරු උත්තම ධාතු වන්දනා කපිල වස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතු ප්‍රදර්ශනය අනුරාධපුර ඓතිහාසික ජේතවනාරාම පුද බිමේදී ඊයේ (30) උදෑසන ආරම්භ වුණා.

මේ වන විටත් අති විශාල බැතිමතුන් පිරිසක් ධාතූන් වහන්සේලා වැද පුදා ගැනීම සඳහා එහි පැමිණෙමින් සිටිනවා.

ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සංකල්පයක් අනුව හිරු උත්තම ධාතු වන්දනාව මෙවර සංවිධාන වන්නේ අඛණ්ඩව 6 වන වරටයි.
views1,006 Views
comment

චෙන්නායි පිලෙන් ලකුණු 211ක්...

දිල්ලි සුපිරි හඹා යාම නැවතුන තැන... 

දිල්ලි ඩෙයාර් ඩිවිල්ස් කණ්ඩායමට මෙවර අයි.පී.එල්. තරඟාවලියේ හයවන පරාජයත් අත්කර දෙමින් තියුණු තරඟයකින් අනතුරුව ඊයේ (30) පැවති තරඟය ජයගන්නට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත් වුණා.

චෙන්නායි කණ්ඩායම මෙම තරඟය ජයගත්තේ ලකුණු 11කින්.
views402 Views
comment
"මවව තුවක්‌කුකරුවකු විසින් වෙඩි තබා ඝාතනය කරන විට ඇගේ වයස අවුරුදු 22යි.."

"ඡන්දයෙන් පත් වූ පළමු කාන්තා නායිකාව.."

දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිනි පාක්‌ ගෙවුං හෙයිට පසු ගියදා වසර 24 ක සිර දඬුවමක්‌ නියම විය. ඒ, ඇගේ පාලන කාලය තුළ සිදු වූ බලය අයුතු ලෙස යෙදවීම හා දූෂණ චෝදනා යටතේය. ඒ සමඟම ඇගේ සමීපතම යෙහෙළිය වූ චෝයි සුන් සිල් නමැත්තියට අවුරුදු 20 ක සිර දඬුවමක්‌ නියම විය. තීන්දුව ප්‍රකාශ කිරීම විද්යුත් මාධ්‍යවල සජීවීව විකාශය වූ අතර එම හෙළිදරව්ව නිසා ව්‍යාපාරික හා දේශපාලන ප්‍රජාවට එරෙහිව රට තුළ දැඩි විරෝධයක්‌ නැඟෙමින් තිබේ. පාක්‌ ජනපතිවරියට සිර දඬුවමට අමතරව වොන් බිලියන 18 ක දඩයක්‌ද නියම කොට තිබේ.
views169 Views
comment
"හැමදේම නැති වුණත් ගෙදර අය ඉන්නව නම් ඒ ඇති කියනවා.."

"තේරුම් ගැනීම මත තමයි බැඳීම රදා පවතින්නේ.."

රොෂාන් රණවන නම කිව්වත් රූපය දුටුවත් කටහඩ ඇහුවත් ඒ කව්ද කියලා හැමෝම දන්නවා. ඒ වගේම නිර්මාණ සදහා සහභාගී නොවුණත් ඔහුගේ ආදරණිය බිරිද කුෂ්ලානි ජනප්‍රියයි. මේ ඇය ගැන පුවත්පතක සදහන් කර තිබු ලිපියක්.
views400 Views
comment
ගැටලූ සහගත තත්ත්වයක් හේතුවෙන් තමන් කළකිරීමෙන් සිටි බව ලිපියේ සඳහන් .
පෙරේදා දිනයේ සිට අතුරුදන්ව ඇති බවට ඥාතීන් පැමිණිලි කරලා.

පුත්තලම - උඩප්පුව - කීරියන්කල්ලිය ප්‍රදේශයේ පාළු ඉඩමක තිබියදී ව්‍යාපාරිකයෙකුගේ පිළිස්සුණු මළ සිරුරක් සොයා ගෙන තිබෙනවා.

මොහු  ඕස්ට්‍රේලියාවේ සිට පැමිණ උඩප්පුව නගරයේ යතුරුපැදි අමතර කොටස් ව්‍යාපාරික ස්ථානයක් පවත්වාගෙන ගිය 34 හැවිරිදි අවිවාහක පුද්ගලයෙක්.

මොහු පෙරේදා දිනයේ සිට අතුරුදන්ව ඇති බවට ඔහුගේ ඥාතීන් විසින් ඊයේ පොලිසියට පැමිණිල්ලක්ද සිදුකර තිබුණා.
views274 Views
comment
අසිරිමත් සම්බුදු තෙමඟුල සැමරෙන පින්බර වෙසක් පොහෝ දිනය නිමිති කර ගනිමින් ආසියානු මාධ්‍ය ජාලයේ හිරු ටී.වී. සහ හිරු එෆ්.එම්. අඛණ්ඩව 06 වන වරටත් සංවිධාන කරන හිරු උත්තම ධාතු වන්දනා, කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා වැද පුදා ගැනීමට දිවයිනේ නන් දෙසින් ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් පිරිසක් මේ වන විටත් පැමිණෙමින් සිටිනවා.

අනුරාධපුර - ඓතිහාසික ජේතවනාරාම පුදබිමේ තැන්පත් කර ඇති සර්වඥ ධාතූන් වහන්සේලා වැද පුදා ගැනීමට දිගු පෝලිම් දක්නට ලැබෙන බවයි එහි සිටින අප වාර්තාකරුවන් සඳහන් කළේ.

වස්කඩුව ශ්‍රී සුභූති විහාරයේ සිට සුභ මොහොතින් ඊයේ (29) රාත්‍රියේ වැඩම කරනු ලැබූ කපිල වස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා ජේතවනාරාම පුදබිමේ සකස් කරන ලද විශේෂ ධාතු මන්දිරයේ තැන්පත් කිරීම අද (30) උදෑසන සිදුකෙරුණේ ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ පින්බර සුරතින්.
views466 Views
comment
"අනේ මේ මනුස්ස ලෝකේ ඉන්න මනුස්සයෝ කරන අපරාද.."
"දරුවො අපි ගැන බලන්නේ නැහැ... දරුවන්ටත් වැඩිය ආදරෙයි මහත්තයෝ මේ සත්තුන්ට"

තම හිසට සෙවනක් නොමැති වුවත් උපයාගන්නා දෙයින් සුරතලුන් ජීවත් කිරිමට කැපවෙන යුවළක් පිළිබද කෝට්ටේ ප්‍රදේශයෙන් අපට වාර්තා වුණා.

කොට්ටේ ප්‍රාදේශිය මහ ලේකම් කාර්යාලයත් රාජගිරිය කොළඹ ප්‍රධාන මාර්ගය යාකරන මගී මන්තිරුවක් අසන්නයේ ඇති මෙම ස්ථානය සිය නිවහන කරගනිමින් මෙම යුවළ වසර ගණනාවක සිට ජීවත් වෙනවා.
views209 Views
comment
views163 Views
comment
පාපතරයින් අට දෙනාට වුණ දේ මෙන්න..

වෙරළේ සිටි කෙනෙක් සිද්ධිය වීඩියෝ කරලා..

දවල් වේලාවකදී තරුණයෙක් සහ බාල වයස්කරුවන් අටදෙනකු විසින් බාල වයස්කාර දැරියකගේ ඇඳුම් ඉරා දමා හිරිහැර කරමින් ඇයව දූෂණය කරන වීඩියෝ පටයක් අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා. මේ සිදුවීම වාර්තා වන්නේ ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ ජෙහනාබාද් ප්‍රදේශයෙන්.
views3,968 Views
comment
රාජස්ථානය හමුවේ හයිද්‍රාබාද් ලකුණු 151 ආරක්ෂා කරගනී
කොල්කටාව, කෝලිගේ බැංගලෝර් පිලට 5වන පරාජයත් උරුම කරයි

ඉන්දීය ප්‍රීමියර් ලීග් තරඟාවලියට අදාලව ඊයේ (29) පැවති පළමු තරඟයෙන් ජය ගැනීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමත් වුනේ රාජස්ථාන් රොයල්ස් කණ්ඩායම ලකුණු 11 කින් පරාජය කරමින්.

තරඟයේ පළමුව පන්දුවට පහරදුන් සන්රයිසස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුල කඩුලු 07කට රැස්කළ ලකුණු සංඛ්‍යාව 151ක්. ලකුණු 152ක ඉලක්කයක් හඹා ගිය රාජස්ථාන් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුල කඩුලු 06ක් දැවී රැස් කිරීමට හැකිවුයේ ලකුණු 140ක් පමණයි.

පළමුව පන්දුවට පහරදුන් හයිද්ද්‍රාබාද් කණ්ඩායම වෙනුවෙන් නායක කේන් විලියම්සන් ලකුණු 63ක් රැස්කළ අතර ආරම්භක පිතිකරු ඇලෙක්ස් හෙල්ස් ලකුණු 45ක් රැස් කළා. හයිද්‍රබාද් පිළෙන් ලැබුණු ලකුණු 151ක ඉලක්කය හඹායාමට පිටියට පිවිසි රාජස්ථාන් පිළ ලකුණු පන්දුවාර 20 අවසනදී කඩුලු 06කට 140ක සීමා කරන්නට හයිද්ද්‍රාබාද් පන්දු යවන්නන් සමත් වුණා.
views204 Views
comment
" වාණිජ අංශයෙන් උසස්‌ පෙළ හොඳටම සමත් වුණා.."

"කැන්වසින් යන්න පටන් ගත්තට පස්‌සෙ තමයි කුඩු බොන්න පටන් ගත්තේ..."

"අන්තිමේ මම කුඩුත් විකුණුවා..."
 
''මට වයස අවුරුදු විසි නවයයි. තවම තනිකඩයි. අපේ තාත්තා නැති වෙලා. අම්මයි මමයි තමයි මහගෙදර ජීවත් වුණේ. අයියයි, අක්‌කලා තුන්දෙනායි කසාද බැඳලා වෙන් වෙලා. මම ඉස්‌කෝලෙන් අයින් වුණට පස්‌සේ හා, හා පුරා කියලා ජොබ් එකක්‌ කළේ මස්‌සිනාගේ කොම්පැණියක...''
views271 Views
comment
"ඒ අරමුණ වෙනුවෙන් ආදරය කැප කරන්න මම දෙපාරක්‌ හිතුවේ නැහැ..."

"එයා මාව හැදුවේ ජාත්‍යන්තර මට්‌ටමේ ක්‍රීඩිකාවක්‌ කරනවා කියන තැන ඉඳන්.."

චූලක්‌ෂි කියන නම රූපය වගේම නිරූපන හැකියාව වෙනකොට ජාත්‍යන්තරයට ගිහින් අවසන්.  මෙරට බොහෝ දෙනෙක් ඇයගේ හැකියාව හදුනනවා. ඇය ආදරයට බොහෝසෙයින් ආදරය කරන කෙනෙක් කියලයි කියන්නේ. මේ ඇයගේ  පුවත්පතක සදහන් වූ ලිපියක්.
views211 Views
comment
සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ තෙමඟුල නිමිත්තෙන් හිරු ටී.වී. සහ හිරු එෆ්.එම්. සංවිධාන කරන 'හිරු උත්තම ධාතු වන්දනා' කපිල වස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතු ප්‍රදර්ශනය අනුරාධපුර ඓතිහාසික ජේතවනාරාම පුද බිමේදී අද (30) උදෑසන ආරම්භ වුණා.

මේ වන විටත් අති විශාල බැතිමතුන් පිරිසක් ධාතූන් වහන්සේලා වැද පුදා ගැනීම සඳහා එහි පැමිණ සිටිනවා.

ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සංකල්පයක් අනුව හිරු උත්තම ධාතු වන්දනාව මෙවර සංවිධාන වන්නේ අඛණ්ඩව 06 වන වරටයි.

වස්කඩුවේ ශ්‍රී සුභූති විහාරයේ තැන්පත් කර තිබූ කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ ඊයේ (29) රාත්‍රියේ සුබ මොහොතින් අනුරාධපුර - ඓතිහාසික ජේතවනාරාම පුද බිමට වැඩම කරවනු ලැබුවා.
views374 Views
comment
බුදුරාජාණන්වහන්සේගේ අසිරිමත් සම්බුදු තෙමඟුල, සකල ලෝක වාසී බෞද්ධයින් අද බැති සිතින් සමරනු ලබනවා.

ඒ වෙනුවෙන් හිරු ටී.වී., හිරු එෆ්.එම්. සංවිධාන කරන හිරු ශාක්‍යසිංහ මංගල්‍යය අද දවස පුරා පැවැත්වුණේ බුදුරාජාණන්වහන්සේගේ ද්‍රෝණයක් සර්වඥධාතූන්වහන්සේ නිධන් කොට ඇති රුවන්වැලි සෑ  පිංබිමේදීයි.

ඒ, අති විශාල සැදැහැවතුන් පිරිසකගේ සහභාගීත්වයෙන්.

අනතුරුව රුවන්වැලි සෑ සලපතල මළුවේදී අස්ගිරි මහා විහාරයේ කාරක සංඝ සභික මහාචාර්ය පූජ්‍ය තුඹුල්ලේ සීලක්කන්ද නා හිමියන් උදෑසන ධර්ම දේශනාව සිදුකළා.
views219 Views
comment
[1]      «      4422   |   4423   |   4424      »      [5250]






Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top