Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



මට බලන් ඉන්න සිද්ධ වෙනවා..
ඊටපස්සේ මම මගේ තීරණය ගන්නවා...

ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණු කාර්ය මණ්ඩලය වෙනස් කරන ලෙස ක්‍රීඩා අමාත්‍යවරයා කළ නියෝගය පිළිබද තමන් කිසිවක් දැන නොසිටි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා පවසනවා.

ඊයේ(22) කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව සදහන් කළා.
views286 Views
comment

හිරුගේ අභිමානවත් 21 වන සාංවත්සරික සැමරුම වෙනුවෙන් මෙතෙක් ටෙලිවිෂනයේ ලබාදුන් දැවැන්තම මුදල් ත්‍යාගය වන රුපියල් ලක්ෂ 210 ක් ඔබට තිළිණ කෙරෙන හිරුට 21 යි දවස් 21 න් දස ලක්ෂපතියන් 21 යි පසුගියදා ඇරඹුණා.
 
මෙමගින් දිනපතා දස ලක්ෂපතියෙකු බිහි කරන්නට හිරු සූදානම්.

ඒ අනුව අද දවසේ දස ලක්ෂපතියා බවට පත්වුණේ ගම්පහ ප්‍රදේශයේ පදිංචි එන්.පී.එස්. අප්සරා සමත්වුණා.
 
සඳුදා සිට සිකුරාදා දක්වා රාත්‍රී 7.30 සිට 9.55 දක්වා හිරු ටෙලි පෙරහැර නැරඹීමෙන් හිරු සමඟ බැඳුණු ඔබට දස ලක්ෂපතියෙකු වීමට අවස්ථාව හිමි වනවා.
views600 Views
comment

කතෝලිකයෙක් කියලා කියන්න පුළුවන් ලේබල් එකක් අලවා ගන්න පුළුවන්
එක්සත් ජාතීන්ගේ මණ්ඩලය බොරුවක්

ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් භික්ෂුන් වහන්සේට එරෙහිව සිදුකරන ප්‍රකාශ පිලිබදව තමන් ලැජ්ජාවට පත්වන බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.

බෙල්ලන්විල රජ මහා විහාරයේ පැවති ආගමික වැඩසටහනකට එක්වෙමින් උන්වහන්සේ බේ බව සදහන් කළා.

පාස්කු ප්‍රහාරයේ මියගිය අය වෙනුවෙන් පිං අනුමෝදන් කිරීමේ වැඩසටහනක් බෙල්ලන්විල රජමහා විහාරයේදී ඊයේ පස්වරුවේ පැවැත්වුණා.
 
views321 Views
comment
සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග සිය බිරිඳගේ මුහුණු පොත හරහා ක්‍රීඩා ලෝලීන් වෙත වීඩියෝවක් නිකුත් කර තිබෙනවා.

එම වීඩියෝවේ දැක්වෙන්නේ ඔහුගේ එක්දින ක්‍රීකට් දිවියට සමුදීම ගැනයි.

ලසිත් මාලිංග සජීවීව ඇවිත් හැමෝගෙන්ම කළ සංවේදී ඉල්ලීම පහතින් බලන්න
views556 Views
comment
පාස්කු ඉරු දින ප්‍රහාරයට තෙමසක් පිරෙන අවස්ථාවේ ආණ්ඩුවට එල්ල කරන සියළු චෝදනා ප්‍රතික්ෂේප කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.

ඒ, කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ අද පැවති සත් විරු අභිමන් 2019 රණවිරු සුබසාධන ප්‍රතිලාභ ප්‍රදානය කිරීමේ උත්සවයට එක්වෙමින්.

ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේ පිටකොන්දක් නොමැති නායකයෙකු ලෙස පෙන්වීමට ඇතැම් අය උත්සාහ කළ ද තමා පිටකොන්දක් ඇති ඍජු නායකයෙකු බව 2015 ජනාධිපතිවරණයේදී මෙන්ම තවත් අවස්ථා ගණනාවකදී රටට පෙන්වා දී ඇති බවයි.
 
views313 Views
comment
ලෝක කුසලාන දැල් පන්දු ශූරතාව වසර 16 කට පසුව දිනාගැනීමට නවසීලන්තය ඊයේ (21) සමත්වුණා.

එංගලන්තයේ ලිවර්පූල් හි පැවති අවසන් මහා තරගයේදී ඔවුන්  ඕස්ට්‍රේලියාව පරාජයට පත් කරනු ලැබුවේ ලකුණු 52 කට 51 ක් ලෙසයි.
views338 Views
comment
දෙමළ නළු විජේ සේතුපති ශ්‍රී ලංකාවේ හිටපු දඟ පන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන් ගේ ජිවීත කතාව ඇතුලත් ‘800’ නම් චිත්‍රපටයේ රඟපෑමට සූදානම් බව වෙබ් අඩවියක පළ වූ වාර්තාවක දැක්වෙනවා.

මුත්තයියා මුරලිදරන් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ වඩාත්ම සාර්ථක පන්දුයවන්නා බවට පත්වන්නේ දෙවන ස්ථානය හිමිකරු වන ෂේන් වෝන්ට වඩා කඩුලු 92 වැඩින්ය . මුරලිදරන් එක්දින තරගවලදී කඩුලු 534 ක් හා විස්සයි 20 තරග 12 කදී කඩුලු 13 ක් දවාගෙන ඇති අතර එමඟින් ඔහු ජාත්‍යන්තර කඩුලු 1,247 ක් දවාගෙන තිබෙනවා.
views3,332 Views
comment
"මං දන්නවා මගේ පෞද්ගලික ජීවිතයටත් කර ගත්තේ ලොකුම හානියක්..."

"ජිවිතේ දෙපාරක් වැරදුණා.."

උපේක්ෂා ස්වර්ණමාලි කියන්නේ දක්ෂ වගේම ජනප්‍රිය රංගන ශිල්පිණියක්. දේශපාලන ජිවිතේ නිසා ඇතැම් ඇය උපේක්ෂාව ප්‍රතික්ෂේප කළා කියලත් කියනවා. කොහොම නමුත් විවාහයෙන් පසුව දීර්ඝ නිහැඩියාවකින්  උපේක්ෂා ආයෙමත් රංගනයට අවතීර්ණ වෙලා. පුද්ගලික ජිවිතේ වගේම රංගන ජිවිතේ ගැන උපේක්ෂා කියන්නේ මේ වගේ කතාවක්. මේ ඇය ගැනයි.
views1,113 Views
comment
සමලිංගිකයින්ගේ සාමකාමී පෙළපාලියකට පහර දුන් පිරිසක් ගැන පුවතක් විදෙස් මාධ්‍ය වාර්තාකරනවා.

මෙලෙස පහර දී ඇත්තේ පෝලන්තයේ "Bialystok" නගරයේ පැවති සමලිංගිකයින්ගේ සාමකාමී පෙළපාලියකටයි.

මෙම සාමකාමි පා ගමනට එරට අන්ත දක්ෂිනාංශික අදහස් දරණ පිරිස් විසිනුයි පහර දී තිබෙන්නේ.
views643 Views
comment
ගම්පහ - කලගෙඩිහේන ප්‍රදේශයේදී වෑන් රථයකට පහරදුන් සිද්ධියට අදාළව දිනේෂ් නුවන් අමරංතුග නැමැත්තා අධිකරණයට භාරවී තිබෙනවා.

ඔහු ඇතුලු සැකකරුවන් 8 දෙනෙකු ලබන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි අධිකරණය නියෝග කර ඇත්තේ.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු සැකකරුවන් 8 දෙනා ලබන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර කිරීමටයි අත්තනගල්ල මහේස්ත්‍රාත් තරංගා රාජපක්ෂ නියෝග කළේ.

ගම්පහ - කලගෙඩිහේන ප්‍රදේශයේදී ප්‍රභූ රථ දෙකකින් පැමිණ වෑන් රථයකට පහරදීමේ සිදුවීම සම්බන්ධයෙන් එහි හිමිකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ නුවර දෙසට ධාවනය වූ ඩිෆෙන්ඩර් රථයකට හා සුඛෝපභොගී ජීප් රථයකට කලගෙඩිහේන ප්‍රදේශයේදී ඉස්සර කිරීමට ඉඩ ලබානොදීමේ සිදුවීමක් මුල් කරගෙන මෙම ගැටුම ඇතිවුණේ පසුගිය 16 වැනිදා යි.
views309 Views
comment
"ආදරය ප්‍රකාශ කළේ ඕෂධී වුණාට මගේ හිතෙත් එයා ගැන ලොකු ආදරයක් තිබුණා.."

"ඒක දැකපු නිසා මම ඕෂධීට මගේ Name tag එකෙන් සිම්එක ගලවලා දුන්නා.."

"ඒ වේලාවේ නම බලාගෙන එයා මට ෆේස් බුක් එකට මැසේජ් එකක් එවලා තිබුණා.."

මට මුලින්ම මනෝජ්ව මුණගැහුණේ ෆලයිට් එකේදී. මම බැන්කොක් ටුවර් එකක් ගියා. ඒ ගිය ගමනේදී තමයි මනෝජ්ව මට මුණගැහුණේ. මනෝජ් ගුවන් සේවකයෙක් විදිහට රුකියාව කරනවා.
views756 Views
comment
අනූව දශකයේ බොලිවුඩයේ ජනප්‍රියත්වය අතින් ඉහළින්ම සිටි සුපිරි නිළියක් තමයි මධුරි ඩික්සිත් කියන්නේ.
 
මේ වසරේ තිරගත වුණ ‘ටෝටල් දමාල්’ හා ‘කලාන්ක්’ යන චිත්‍රපටිවලටත් ඇය රංගන දායකත්වය ලබා දුන්නා.
views778 Views
comment
"ඒ වෙලාවට කතා කරන්නෙ නැතිව පැත්තකට වෙලා ඉන්නවා..."

"එහෙම දෙයක් ආවොත් මට ඉතින් ගොඩක් දුක හිතෙයි..."

කණ්ඩායම් සංගීතයෙන් ගයන ක්ෂේත්‍රයට ආ කිංස්ලි පීරිස්ට බොහෝ දෙනෙක් ආදරේ කරනවා. විරහා ගීතයට මුල් තැනක් දෙමින් ගයන නිසාම ඔහුට තාරුණ්‍යයේ පිරිස් කැමතියි. එලෙසින් බොහෝ රසිකයින්ගෙන් ආදරේ ලබන කිංස්ලි ගැන ඔහුගේ බිරිද ඔහු ගැන කියන්නේ මෙහෙමයි.
views583 Views
comment
ෆයිනල් එකේදි බයවුණා, එගොල්ලෝ ලොකුයි කියලා හිතුණා..
ඉදිරියට යන්නනම් ආත්ම ශක්තිය විතරක් මදි..

පල්ලෙකනුගල කනිෂ්ට විද්‍යාලය පිහිටා තිබෙන්නේ කෑගල්ල දිස්ත්‍රික්කයේ අමිතිරිගල ප්‍රදේශයේ අති දුෂ්කර ගම්මානයක. 

මේ ඉස්කෝලේ 6 වසරේ පුංචි දියණියන් හැමෝවම වගේ එකතු කරන් හදාගත්තු පාපන්දු කණ්ඩායම මේ අවුරුද්දේ මුළු ලංකාවටම අභියෝග කළා. 

මේ ගොල්ලෝ මීට සති කිහිපයකට කලින් සමස්ත ලංකා 12න් පහල බාලිකා පාපන්දු ශූරතාව දිනාගත්තේ ලංකාවේ සුපිරි සහ ප්‍රධාන පාසල් විදිහට නම් දරපු, ඕනේ තරම් පහසුකම් තියන පාසල් රැසක් පරාජය කරලයි.
views359 Views
comment
ගාල්ල - බෝපේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේදී ඊයේ පස්වරුවේ මෝටර් රථයක් දුම්රියේ ගැටීමෙන් අනතුරක් සිදුවුණා.

එහි රියදුරා රෝහල්ගත කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෝටර් රථය අනතුරට පත්වන ආකාරය ආරක්ෂක කැමරාවක සටහන්ව තිබූනා.
views487 Views
comment
[1]      «      4423   |   4424   |   4425      »      [5652]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top