කණ්ඩායම් සංගීතයෙන් ගයන ක්ෂේත්‍රයට ආ කිංස්ලි පීරිස්ට බොහෝ දෙනෙක් ආදරේ කරනවා. විරහා ගීතයට මුල් තැනක් දෙමින් ගයන නිසාම ඔහුට තාරුණ්‍යයේ පිරිස් කැමතියි. එලෙසින් බොහෝ රසිකයින්ගෙන් ආදරේ ලබන කිංස්ලි ගැන ඔහුගේ බිරිද ඔහු ගැන කියන්නේ මෙහෙමයි.
ඔබට කිංස්ලිව මුණගැහුණේ කොහොමද?
අපි දෙන්නගෙම ගෙවල් තිබුණෙ එකම ගමේ එකම පාරේ. ඒ යන එනකොට තමයි අපි මුණගැහුණේ.
මුණගැහෙනකොට කිංස්ලි?
ෆ්ලෑෂ්බෑක් බෑන්ඩ් එක පටන්ගත්ත කාලේ තමයි අපි මුණගැහුණේ. ඉතින් ඒ දේවල් එක්ක තමයි එයා කාලය ගත කළේ.
පෙම්වතා කාලේ?
අනෙක් පිරිමි ළමයි වගේ දඟ නැහැ. බොහොම නිවිච්ච තැන්පත් චරිතයක්.
සැමියෙක් විදියට ඔහු?
මගේ වාසනාවකට තමයි ඔහුව මට ලැබිලා තියෙන්නෙ. බොහොම හොඳ කෙනෙක්.
ජනප්‍රියත්වය එක්ක ඔහු
ජනප්‍රියයි කියලා ඒක ලොකුවට ඔළුවට ගත්ත කෙනෙක් නෙමෙයි ඔහු.
ඔහුගේ ජනප්‍රියත්වය ඔබට බලපාපු විධිය කොහොමද?
ඔහු ජනප්‍රියයි කියලා මම කැමැති නැහැ තැන තැන ගිහින් ඒක කියන්න. ඒත් තැනකට ගියාම ඔවුන් මාව කිංස්ලිගේ බිරිය කියලා හඳුනාගත්තොත් පෝලිම්වල ඉන්නෙ නැතිව ඉක්මනින්ම වැඩ කරලා දෙනවා.
සංගීත ක්ෂේත්‍රයේ හිරවුණු ඔහුට ඔබව සහ පවුල මඟහැරෙන්නේ නැද්ද?
නැහැ. බොහොම වගකීමෙන් ඒ දේවල් කරනවා.
ඒ කියන්නෙ ඔහු වගකීම් දරන්න පුළුවන් කෙනෙක්.
ඔව්. ඔහුට හොඳින් වගකීම් දරන්න පුළුවන්.
ඔහු ජීවිතය ගැන සැහැල්ලුවට හිතන කෙනෙක්ද සීරියස් හිතන කෙනෙක්ද?
බොහොම සැහැල්ලුවෙන් හැම දේම හුඟක් හොඳට කරනවා.
අද ඔහු ඉන්න තැන ගැන සතුටු වෙනවද?
ඔව්. ඇත්තටම ගොඩක් සතුටුයි ඔහු ගැන.
ඔහු වැඩිපුරම ආදරේ කරන්නෙ කාටද?
පුතාටයි, දුවටයි, මටයි.
ඔහුට නැතිවම බැරි අය කවුද?
යාළුවො තමයි. එළියට ගියත් ඉතින් යාළුවො එක්ක තමයි ඉන්නෙ.
මොන වගේ විලාසිතාවලටද කැමැති.
මම තමයි එයාට ඇඳුම් තෝරල දෙන්නෙ. එයාට ඒ තරම් ඒ ගැන උනන්දුවක් නැහැ.
කිංස්ලි වැඩිපුරම සතුටු වූ දවස.
මම හිතන්නෙ විවාහයෙන් පස්සෙ පුතාව ලැබුණු දවසේ.
විනෝදාංශ
මාළු බාන්න යන්න හරිම කැමැතියි.
ඔහු ඔබට දීලා තියෙන වටිනාම තෑග්ග?
එයා මට මුණගැහුණු දවසේ ඉඳන් ගොඩක් තෑගි දීලා තියෙනවා.
දුක හිතුණම ඔහුගේ හැසිරීම.
ඒ වෙලාවට කතා කරන්නෙ නැතිව පැත්තකට වෙලා ඉන්නවා.
සතුටු හිතුණම?
විශේෂයක් නැහැ.
තරහ ගියාම?
ඔහුට තරහ යන්නෙ නැහැ.
ඔහු ගැන අහන්න ලැබුණු සතුටුම හිතෙන ආරංචිය.
එයා හැම දෙයක්ම සතුටු හිතෙන විධියට තමයි කරන්නෙ.
ඔහු ගැන අහන්න ලැබුණ නරකම ආරංචිය?
එහෙම දෙයක් නම් නැහැ.
එහෙම ආරංචියක් ආවොත්?
එහෙම එකක් නම් එන එකක් නැහැ. එහෙම දෙයක් ආවොත් මට ඉතින් ගොඩක් දුක හිතෙයි. ඒ වෙලාවට තමයි ඉතින් බලන්න ඕන.
වැඩිපුරම යන්න කැමැති තැන්?
ගෙදර ඉන්න තමයි ගොඩක් කැමැති. උත්සවයකට ගියත් කන්නෙ නැතිව ගෙදර කෑම කන්නම බලන් එනවා.
ඔබ ඔහුගේ කැමැතිම සින්දුව?
“ඩේලියා මලින් සුවඳ ගන්න” සහ “උපන් දින සුබ පැතුම පිළිගන්න”
විශේෂ හේතුවක් තියෙනවද ඒ ගීතවලට කැමැති වෙන්න.
ඩේලියා මලේ තියෙනවා “මට මතක් වුණා අපි හමුවුණු පළවැනි දවස” වගේ හදවතට වදින පද පේළි. ඒකයි මම ඒ ගීතයට කැමැති.
ලක්ෂිකා දිව්‍යාංජලී වීරකෝන්