"රටට, මිනිස්සු විදිහට තමන්ට වෙන අසාධාරණයට නැගී සිටින්න කොන්දක් නෑ. ඔබ දන්නවාද ඔවුන් සදාතනික මනසින් ලෙඩ වූවන්. විකල අංග පිහිට වූවන්...."
රටේ පවතින තත්වය එක්ක අපේ දරුවන් ඉන්නෙ තීරණාත්මක අවදියක.
පහුගිය කොරෝනා කාලයේ පටන් ඔවුන්ගේ අධ්‍යාපනයට එල්ල වූයේ සුළුපටු බාධාවක් නෙවෙයි.
ඉතින් එහෙම දවසින් දවස විනාශ වන අපේ දරුවන්ගේ අනාගතය ගැන සුජානි මේ විදියට සටහනක් සිය මුහුණු පොතට එකතු කරලා තිබුණා.
හෙටක් නොමැති අපේ දරුවන්....
මෙපමණ කාලයක් මේ 225 ම අපිට හෙමින් හෙමින් උගන්වන පාඩමක් තියෙනවා. ඒ රටේ අනාගතය භාරගන්න ඉන්න අපේ දරුවන්ගේ සියලු බලාපොරොත්තු මරල දාන එක.
ඔවුන්ගේ දැනුම බුද්ධිමත්බව විනාස කරල දාන එක.
අපේ රටේ අද වෙනකොට සියලුම දේශපාලුවන්ට උවමනා වූ ආයුධයත් එයයි..