"ඉතිං මං උදෙන්ම කෑමයි වතුරයි අරගෙන එතනට ගියා..
හරියට hospital එකකට ලෙඩෙක් බලන්න යනවා වගේ...."
අපේ රටේ පුංචිම දරුවගෙ ඉදන් හැමෝම දැන් වැඩිහරියක් පෝලිම්වල..
මේ අනුවේදනීය සටහනත් ඒ විදියට පෝලිමකින් ඇහෙන කතාවක්....
"මේ ඊයෙ රෑ 12 යි ගානකට ජා-ඇල කණුවන හන්දියෙ තෙල් පෝළිම..
අර බෑග් එක ඔළුවට තියාගෙන සපත්තුත් දාගෙන පාර අයිනෙ නිදාගෙන ඉන්නෙ ඔෆිස් ගිහින් එහෙම්මම තෙල් පෝළිමට ආපු කොල්ලෙක්..
පාන්දර එනවා කිව්ව තෙල් මේ වෙනකනුත් නෑ..
පාර අයිනෙ, කඩවල් අයිනෙ මිනිස්සු නිදි.
සමහරුන්ට ඔලුවට තියාගන්න බෑග් එකක්වත් නෑ..
අපෙ ගෙදර අයත් එතන.
ඉතිං මං උදෙන්ම කෑමයි වතුරයි අරගෙන එතනට ගියා.. හරියට hospital එකකට ලෙඩෙක් බලන්න යනවා වගේ.
ඇත්තටම බැලුවොත් අපි ඔක්කොම ලෙඩ්ඩු වෙලා නේන්නම් දැන්..
මේවා දැක්කම පුදුම වේදනාවක් දැනෙන්නෙ.."