Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



“අයියට ජොබ් එකක් හොයලා දෙන්නම්,
ඔයාගේ අතට ලක්ෂ තුනක් දෙන්නම්, අපිට බබාව දෙන්න”
 
“නංගි මේ 500 අරන් මෙහෙන් පැනගන්න. එයාලා ඔයාගේ බබාව ගන්න හදන්නේ...”
 
“මම ගල්කිස්සට ඇවිල්ලා ඉන්නේ... කියනවද තව කොච්චර වෙලාවක් යනවද කියලා...?”
 
මිනිත්තු තිහ හතළිහ ගෙවුනා. ඊටත් පස්සෙ..... හරියටම මම උන්නු තැනම නැවතුනු “රෝද තුනක්” දිහා මම ආයෙම බැලුවා. ඔව්! ඒ ඈ වෙන්න ඕනි..!! මම ඈ දිහා විපරම් කෙරුවා. හිටවාපු කොණ්ඩ ගස්. ඒවායේ දැවටෙන්න ගන්න හුළං කැරලි, සිංදු කියන්න පටන් ගත්තා. ඇගේ තොල් පෙති තද රෝස පැහැයෙන් වර්ණ ගන්වලා තිබුණා. (විශ්වාස කරන්න! මේ මම හිතුවාටත් වඩා වෙනස් රූපයක්.)
427 Views
"ලකුණු අතරේ හිටිය, ජාත්‍යන්තරයට ගිය ක්‍රීඩකයෙක් හැටියට කුසල්ව අවතක්සේරු කරන්න හොඳ නැහැ.."

"ඕනෑකමින් කවුරුත් බින්දුවට අවුට් වෙන්නේ නැහැ..."

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට එක් වූ ආරම්භක පිතිකරු, තුන් ඉරියව් ක්‍රීඩක ඩිල්ෂාන් මුණවීර ගැන මේ දිනවල කසුකුසුවක් පැතිරෙනවා, ඒ ඔහුට ඇමරිකානු ජාතික ක්‍රිකට් කණ්ඩායමට එක්ව ක්‍රීඩා කිරීමට ආරාධනාවක් ලැබීමත් සමඟයි. 2018 වර්ෂයේ ආබාධයට ලක්වීමත් එක්ක ජාතික කණ්ඩායමට අවස්ථාව අහිමි වූ ඔහු තවමත් දක්ෂතා අතරේ ඉන්න ක්‍රීඩකයෙක්. ඔහුට තවමත් ජාතික කණ්ඩායමට අවස්ථාවක් නොලැබීම හා විදෙස් ඇරයුම පිළිගන්නවාද යන්න විමසන්න අපි ඔහුව හිරුත් එක්ක එකතු කරගත්තා.
470 Views
“උන්ගේ භාගයක් උන් අපිට එළෝව එළෝව පහර දුන්නා. ලැජ්ජ කෙරුවා...”
 
“තවත් උන් උපදෙස් අනුශාසනා දෙන්න ගත්තා.
ඇත්තම දේ තමයි අපිට මොකෙක්වත් හිටියේ නෑ. අපි තනිවුණා.”
 
 
“තුන්වැනි කොටස” (අවසාන කොටස.)
 
බලි රූප එකොළොස් ලක්ෂයකට විතර පස්සේ “ලිෆ්ට්” එකේ උඩ පහළ යන “මිනිස් අවතාර” එක්කලා මම කඳේ දාන්න පටන් ගත්තා. උන්ගේ හිටෝපු කොණ්ඩ ගස් ගැනත්... වර්ණ ගන්වපු දිග නියපොතු ගැනත් කතාව ඒ අතරින් මුල් තැනක් ගත්තා.
 
ඒත් දැන් කතාව ඒ ගැන නෙවෙයි. අර ගැහැනිය ගැන....! ඒ ගැහැනිය “ඉෂූ.” මේ ලෝක හසරක් නොදැන ආපු ගමනක අවසානයේ ඉකිලන්න ගන්න ගැහැනියක්. අන්තර්ජාලය අත්පත් කරගත්තා කියන බොළඳ හැඟීමෙන්ම වල්මත් වෙච්ච ගැහැනියක්...
 
“වල්මත් වෙච්ච ගැහැනියක්....” මම ඒක මිමිණුවා ඈට ඇහෙන්න ආයෙම.
469 Views
"ජනතාව සමහර වෙලාවට නොදැන චෝදනා කළා. එක එක කතා හැදුවා..."

"එයා රුපියලක්වත් හොරකම් කළේ නැහැ කියලා මම වගකීමෙන් කියනවා.."


උපේක්ෂා ස්වර්ණමාලි කියන චරිතය නොදන්නා කෙනෙක් නැහැ. විවිධ චරිත ඔස්සේ ජනතාවට සමීප වූ ඈ කාලයක් දේශපාලනයටත් සම්බන්ධ වුණා. ආදරණිය දියණියකගේ මවක් වෙන උපේක්ෂා ගැන කතා කරන්න හොඳම චරිතය තමයි ඇයගේ ආදරණිය සැමියා සමන්ත . හැමෝම දන්න උපේක්ෂා ගැන ඇයගේ ආදරණිය සැමියා කියන්නේ මෙහෙම කතාවක්.
1,252 Views
“ඒ ආදර කතාව මාරම ලස්සනයි, අමුතුයි.
අපි දෙන්නා හැමදේටම ඕපන්..”
 
“පාට්නර් ට ඕනි වුණා සල්ලි හොයන්න. ඒක හොයන්න ඕනි ක්රමත් එයා දැනන් හිටියා.”
 
 
“දෙවැනි කොටස”
 
දුරකථන ඇතුළේ කෑ කෝ ගහන්න ගන්න දාහක් උනුන් අස්සේ, මට හමුවුණු අහම්බකාරක ඇමතුම. ඒක ඇතුළේ යන්තමින් හුස්ම ගන්න ගැහැනු පරාණයක්.. ඒකිගේ සුසුම් වරුසාව අවසානයේ හීන් ඉකියක් ඇහෙන්න ගන්නවා. එතනින් එහාට..... ඒකි කතා පවත්වන්න පටන් ගන්නවා. බොහෝම වේගවත් වචන හරඹයක්..........................
 
“මට කතාවක් කියන්න තියනවා, අර ඔයාලා ලියන Exclusive ස්ටෝරි-වලට.... පුළුවන්කමක් තියෙනවද මට කන්ටැක් කරලා දෙන්න...” 
490 Views
“එදා මම එයාගේ කැත පපුවට හයියෙන් ගහගෙන ගහගෙන ගියා විතරයි මතක...”
 
“ඔයා කියනවා වගේ මම ඉපදුනේ සනී ලියෝන් වෙන්න නෙවෙයි.”
 
දුරකථනය ඇතුළේ බෙරිහන් දෙන්න ගන්න “නිල් චිත්රපට නිළියක්” ගැන කතා ප්රවෘත්තියක් ලියන එක කවමදාවත් මගේ හීනයක් වෙලා තිබුණේ නැහැ. ඒත් විටින් විට මුහුණු පොතේ දුව ඇවිදින උනුන්, ඒ සුරූපිනියව කුරුටුබලි ගාන හැටි මම ඈත තියා බලන් හිටියා.
 
වෙස් මුහුණු පැළඳගත්තූ, නාඳුනන කතාකාරයෝ, “වෙබ් සයිට්” ඇතුළේ මොර දෙනවා වුණත්, උන් පැහැදිලිව ඒ කියන එකීව ලෝකෙට පෙන්වන්න උත්සහ ගන්නෙ නෑ. උන් ඒකිව “දකින්න හොඳ නැති” අයිකන් එකක් බවට පත් කරනවා.
1,192 Views
"ඉක්මණට ගෙදර දුවලා ගිහිං කපූ එළු මස් කන්න ආස නිසා මම කෑම හදාගෙන ආවා.."

"ප්‍රේමා කකුල හරි අමාරුයි, කකුල වෙලාගෙන තමයි අද ස්ටේජ් නගින්න වෙන්නේ කිව්වා..."

"හඳහන බලලා කිව්වා, සිනි බෝලයක් වගේ හිටියොත් නම් දුක් විදලා මැරෙන්න තමයි වෙන්නේ කියලා.."

මිනිස්කමට ගී ගැයූ ඒ අසහාය සහය ගායකයා නික්ම ගොසින් වසර 17ක් වෙනවා. නමුත් ඔහු තවමත් ජිවතුන් අතර නැති බව කිසිවෙකුටත් තේරෙන්නේ නැහැ, ඊට හේතුව ඔහුගේ ගීත ජීවමාන නිසයි. ඒ වෙන කවුරුවත් නෙමෙයි ප්‍රවීණ ගායක විශාරද ගුණදාස කපුගේ. ගහකොළට, ප්‍රේමයට ගී ගැයූ ඔහු ගැන කතා කරන්න ඔහුගේ ආදරණිය බිරිඳ ප්‍රේමා කපුගේ අපිත් එක්ක කතාබහකට එකතු වුණා. ඔහුගේ මතක ගැන ඇය කී කතාවයි මේ.
1,847 Views
"ශාරුක්ගේ සිද්ධියෙන් පස්සේ මම පාඩමක් ඉගෙන ගත්තා කිසිම කෙනෙක්ව අවතක්සේරු කරන්නේ නැහැ කියලා.."

"මගේ මාස්ටර් එක්ක තේ බොන්න එනවා රැජිනිකන්ත් ඒ කාලේ..."

සිංහල සිනමාවේ සිටි කඩවසම් නළුවෙක් වගේම සුපිරි සටන් නළුවෙක් වූ ලාල් වීරසිංහ නම් ප්‍රවීණ රංගන ශිල්පියා මේ වෙද්දී දමිළ සිනමාවට නැතුවම බැරි නළුවෙක් බවට පත් වෙලා. දමිළ සිනමාපට කිහිපයකින්ම දකින්න ලැබෙන ඔහු සිංහල සිනමාවේ ටික කලක් දුටුවේ නැහැ. යළිත් සිංහල සිනමාවට එක්ව සිටින ලාල් වීරසිංහ ගැන අලුත්ම තොරතුරුයි මේ.
1,278 Views
"පිටිය මැද වරදක් කළොත් අපිට අනිවාර්යෙන්ම දඩුවම් දුන්නා, ඒ නිසා වැරදි කරන්න බය වුණා.."

"මහේල, සංගා, ඩිල්ෂාන් වුණත් ක්‍රිකට්වලින් ඉවත් වුණේ අලුත් අයට තැනක් දෙන්න ඕන නිසා තමයි..."


පසුගිය කාලය පුරාවටම බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබුණේ ක්‍රිකට් ක්‍රීඩාවටයි. ඒ නිසාම ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම තරඟ බොහොමයක් දිගින් දිගටම පරාජය වෙද්දී ශ්‍රී ලාංකික ක්‍රිකට් ලෝලීන් කලකිරීමටත් පත් වෙන්න ඇති. එදා සහ අද ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ගැන කතා කරන්න ජනප්‍රිය හා දක්ෂ ක්‍රිකට් ක්‍රීඩක චාමර සිල්වාව අපේ කතාබහකට එකතු කරගත්තා. 2011 නොවැම්බර් මස 25 වැනිදා පකිස්ථානයට එරෙහිව ක්‍රීඩා කළ පන්දුවාර 20 යි 20න් පසුව ජාතික ක්‍රිකට් කණ්ඩායමෙන් නොදැක්ක චාමර ගැන තොරතුරුයි මේ.
509 Views
“ඒකි කෙහෙල් කඳක් වගේ හරහට කඩන් වැටුණා.
මම දන්නවා, මම නරක තාත්තා කෙනෙක්...”
 
“ඒකිව මම විනාශ කළා ඇත්ත... ඒත්... මම ඒකිව හිතාමතා මැරුවා නෙවෙයි...”
 
මම ආසම නැති හැම “කාළකණ්ණි කතාව”කම කරුමක්කාර සැළළිහිණියෙක් හිටියා. එකෝමත් එක දවසක.... කියලා පටන් ගන්න ඒ හැම කතාවක්ම අවසානයේ මොකක් හෝ “හිස්තැනක්” පේන්න ගන්න එක මට මාරම අවුල් සහගත දෙයක් වුණා.
 
එහෙව් සෘතු ගණනාවකට පස්සේ මහා වැහි පොළෝ පුරාම “හපන්කම්” පෙන්වන්න ගන්න දවස්-වලට මම ඒ “සැළළිහිණියාගේ කතාව” අහන්න ආසාවෙන් රුවීගේ නවාතැනට ගොඩ වුණා.
403 Views
"ඒ නිසා මට කියන්න තියෙන්නේ මම කාගේවත් දේවල් උදුරාගෙන නැහැ කියලයි.."

"මට ෆේස්බුක් එක ඔස්සේ එන ප්‍රතිචාර හරිම ගෞරවාන්විතයි.."

පුෂ්පා රම්‍යානි ද සොයිසා, ඒ නම ඒ හඬ, රුව මුළු ලංකාවම දන්න හඳුනන චරිතයක්. අමුතුවෙන් ඇයව හඳුන්වා දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. කොළඹ ජාතික රෝහලේ පුහුණු කිරීමේ හෙද නිලධාරිනීය ලෙස කටයුතු කරන ඇයට වයස් භේදයකින් තොරව බොහෝ දෙනෙකු ආදරේ කරනවා. ඒ ආදරේ එක්ක හෙද සේවයට මහගු සේවයක් කරන පුෂ්පා එක්ක ආ ගිය තොරතුරු ගැන කතා කරන්න අපි ඇයව සම්බන්ධ කර ගත්තා. මේ කතාබහ ඇය ගැනයි.
388 Views
"මගේ පෙම්වතිය පුදුම වෙලා, එයා ආදරේ කරන්නේ රෝහණ වීරසිංහගේ පුතාට කියලා දැනගත්තම.."

"තාත්තා හරිම නිහඬ ආදරණිය චරිතයක්.."

ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයට මහගු සේවයක් කළ, තවමත් ස්වප්ත ස්වරයන් එකිනෙකට ගලපා නැවුම් වූ සංගීත නිර්මාණයන් කරන ඔහු නමින් රෝහණ වීරසිංහයි. සංගීත ක්ෂේත්‍රයට දැවැන්ත මෙහෙවරක් කරන ඔහු ආදරණිය පියෙකු වෙනවා. නිහඬව ජීවිකාව ගෙන යන ඔහුගේ ආදරණිය පොඩි පුතු තමයි චිරත් වීරසිංහ කියන්නේ. පියාගේ අඩිපාරේ නොගියත් සංගීතයට ආදරය කරන චිරත් එක්ක ඔහු ගැන වගේම ආදරණිය පියාණන් ගැනත් කතා කරන්න හිතුවා. මේ ඔහු ගැන තොරතුරුයි.
542 Views
"ඒක ලැජ්ජාවක්, දරුවෝ මම සමාජය මුහුණ දෙන්නේ කොහොමද කියලයි අපි එදා හිතුවේ..."

"දවස් දෙක තුනක් යනකල් වුනේ මොනාද කියලා හිතාගන්නවත් බැරි වුනා.."

දේශපාලනය තුළ පක්ෂ භේදයක් නැතිව නිරන්තරයෙන්ම කතා කරන නමක් හැටියට පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාරව හඳුන්වා දෙන්න පුළුවන්. බොහෝ දෙනෙක් හඳුනන, ආදරේ කරන නලීන් ගැන අහන්න ඔහුගේ ආදරණිය බිරිඳ මධුෂානි ෂෙහාරා හේරත්ව කතාබහකට එකතු කරගත්තා. ආදරණිය සැමියා ගැන මධුෂානි කියන්නේ මෙහෙමයි.
646 Views
"මගේ විවාහ සංවත්සරය සමරද්දී පුදුම සතුටක් මට දැනුණේ.."

"පුහුණුවීම් හෝ තරඟ පටන් ගන්න පැය දෙක තුනකට කලින් මම යන්න ඕන ක්‍රීඩකයින් ලඟට.."

විජිත් කුලසිරි ප්‍රනාන්දු කියන නමවත් ඒ රූපයවත් බොහෝ දෙනෙක් දන්නේ නැහැ. නමුත් ලෝකයේම සිටින සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයින් බොහෝ දෙනෙක් සමඟ ඔහු හිතවත්. විජිත් කුලසිරි කියන්නේ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ බඩු භාහිරාදිය බලා ගන්නා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ හිතවතායි. පසුගියදා නිමාව දුටු LPL නිසා සමාජ මාධ්‍යවල විජිත් ගැනත් කතාබහට ලක් වුණා. ඒ ජැෆ්නා ස්ටෑලියන්ස් එක්ක එකතු වෙලා විජිත් විවාහ සංවත්සරය සැමරූ නිසයි. ඒ නිසාම ක්‍රිකට් පිටියෙන් පසුපස සිටින මේ දැවැන්ත චරිතය එක්ක කතා කරන්න අපි කල්පනා කළා. මේ විජිත් ගැන තොරතුරුයි.
700 Views
"දසුන් ග්‍රවුන්ඩ් එකට ගිහින් ප්ලේ කරනවා සමානවම බයක් පීඩනයක් මටත් තිබ්බා තරඟ නරඹද්දී..."

"අවසන් තරඟයේ එයාට ලොකු ලකුණු සංඛ්‍යාවකට යන්නත් බැරි වුණා..."

පසුගිය සති කිහිපයේම කාගෙත් අවධානය යොමු වුණේ ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියටයි. අවසන් මහා සටනට දසුන් ශානක නායකත්වය ලබා දුන් දඹුල්ල වයිකිංග් කණ්ඩායම තරඟවදිවී යැයි බොහෝ දෙනෙකුගේ බලාපොරොත්තුවක් තිබුණා . නමුත් තිසර පෙරේරා නායකත්වය ලබා දුන් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට පරාජය වූ නිසා ඒ සිහිනය බොඳ වෙලා ගියා. හැමෝම කතා කළ LPL ගැන කතා කරන්න අපි දසුන් ශානකගේ ආදරණිය බිරිඳ චෙවන්ති පෙරේරාව සම්බන්ධ කර ගත්තා. මේ ඒ කතාබහ ගැනයි.
413 Views
[1]      «      86   |   87   |   88      »      [107]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top