Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
02
" ඒ වගේම අද මම සතුටු වෙනවා වෛද්‍යවරියක් නොවී හෙදියක් වුනු එක ගැන..." - පුෂ්පා රම්‍යානි සිය ජීවිතය ගැන කතා කරයි

- " ඒ වගේම අද මම සතුටු වෙනවා වෛද්‍යවරියක් නොවී හෙදියක් වුනු එක ගැන..." - පුෂ්පා රම්‍යානි සිය ජීවිතය ගැන කතා කරයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

58,074 Views
"ඒ නිසා මට කියන්න තියෙන්නේ මම කාගේවත් දේවල් උදුරාගෙන නැහැ කියලයි.."

"මට ෆේස්බුක් එක ඔස්සේ එන ප්‍රතිචාර හරිම ගෞරවාන්විතයි.."

පුෂ්පා රම්‍යානි ද සොයිසා, ඒ නම ඒ හඬ, රුව මුළු ලංකාවම දන්න හඳුනන චරිතයක්. අමුතුවෙන් ඇයව හඳුන්වා දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. කොළඹ ජාතික රෝහලේ පුහුණු කිරීමේ හෙද නිලධාරිනීය ලෙස කටයුතු කරන ඇයට වයස් භේදයකින් තොරව බොහෝ දෙනෙකු ආදරේ කරනවා. ඒ ආදරේ එක්ක හෙද සේවයට මහගු සේවයක් කරන පුෂ්පා එක්ක ආ ගිය තොරතුරු ගැන කතා කරන්න අපි ඇයව සම්බන්ධ කර ගත්තා. මේ කතාබහ ඇය ගැනයි.

ලැබුවා වූ අලුත් අවුරුද්දේ අලුත් බලාපොරොත්තු ගොඩක් ඇති, ඒ ගැන කතා කරලම අපි මේ කතාබහ ආරම්භ කරමු..?
මම රාජ්‍ය සේවිකාවක්. මගේ සේවය මම තවදුරටත් සියයට සියයක්ම ඉටු කරමින් අපේ රෝහලට එන රෝගීන්ගේ දුක හඳුනාගනිමින් මේ රැකියාව කරගෙන් යන එක තමයි බලාපොරොත්තුව. ඒ වගේම මම ජාතික රෝහලේ සේවයට ඇවිත් වසර 20ක් වෙනවා. මේ වසර විස්සෙන් වසර දහයක්ම නොකඩවා රෝහලට එන අසරණ රෝගීන්ට මම පුද්ගලිකව රෝද පුටු හා කිහිලිකරු හෝ වෙනත් අවශ්‍යතාවයන් ලබා දෙනවා. ඒ වගේ පුණ්‍යකර්ම මම කරනවා. ඒ වගේ පුණ්‍ය කාර්ම කරමින් නිදහසේ ජිවත් වෙන්න තමයි තවදුරටත් බලාපොරොත්තු වෙන්නේ.

අලුත් අවුරුද්ද කියලා වෙනසක් නැතුව අනතුරුවලට මුහුණ දුන් පිරිස රෝහලට එන්න ඇති , ජනවාරි 01දාම ඔබේ හිත රිදුම් දුන් එවැනි සිදුවීම් තිබුණද..?
ජනවාරි 1දා උදේ මගේ ලඟට ආ පළමු රෝගියාගේ සිදුවීම හරිම දුක්ඛිත එකක්. ඇයගේ වයස අවුරුදු 45යි. ඇයගේ සහෝදරයා මිය ගිය නිසා ඔහුගේ දුවයි පුතයි පොඩි කාලේ ඉදලා හදලා තියෙන්නේ ඇය. මේ වෙද්දී ඒ දියණිය විවාහ වෙලා. දියණිය විවාහ වූ පුරුෂයා එක්ක ලිංගිකව හැසිරෙන්න කියලා ඇයට නිතරම බල කරනවලු, අකමැති වූ නිසා ඇයගේ පපුවට පිහියෙන් ඇනලා රෝහලට රැගෙන ආවා. මගෙන් එයා අහනවා මම හදපු දුවට මම කොහොමද එහෙම කරන්නේ කියලා. ඇත්තටම ගැහැණු හරියට පිච්චෙනවා. මේ වගේ සිදුවීම් හරියට වාර්තා වෙනවා.

ඔබ හරියට සමාජ මාධ්‍ය ඔස්සේ සමාජය දැනුවත් කරන කෙනෙක්. දික්කසාද හා විවාහ ජිවිතේ තාඩන පීඩන ගැන වෘත්තිය අත්දැකීම් ඔබට ඇති..?
ලංකාවේ පවුල් ජිවිත ගත කරන සියයට 75ක්ම සාර්ථක පවුල් ජිවිත නෙමෙයි ගත කරන්නේ. ප්‍රශ්න එක්ක ජිවත් වෙන්නේ. පිරිමියා හිතන්නේ ගැහැණිය කියන්නේ තමාට ඕන බඩුවක් කියලා. උපකරණයක් වගේ. නිදහසේ ජිවත් වෙන්න ලැබෙන්නේ නැහැ. ගැහැණු අය ඒ තාඩන පීඩන මැද්දේ දරුවෝ ගැන හිතලා විකල්පයක් නැති තැන සියල්ල ඉවසනවා. මේ අපේ රටේ හැටි. ලස්සනට ඒ පවුල් ජිවිතේ විදින්න දන්නේ නැති මිනිස්සු තමයි ඉන්නේ. ඒක හරිම කණගාටුදායක සිදුවීමක්.

බාධක මැද ගෙවීගෙන ගිය හෙද ජිවිතේ ගැනත් මතක් කරමු..?
මම හෙද සේවයේ ඉන්න ගමන්ම සමාජ සේවය කරනවා. මගේ හිතවත්කම මත කොළඹ ජාතික රෝහලට මිලියන 100ක ආධාර අරගෙන හදිසි අනතුරු ඒකකය නව්‍යකරණය කළා. එහෙම කළ එකම හෙදිය මම වෙන්න ඇති. මේ දේවල් එක්ක හෙද සේවයේ මට හිමි වුනේ ප්‍රසංසා වලට වඩා කෙනෙහෙලිකම්ම තමයි. මට වගේම සමස්ථ හෙද සේවයම කෙනෙහිලිකම් ලබන රැකියාවක්. හැමෝම හිතන්නේ මේක 8 පාස් රස්සාවක් කියලා. නමුත් හෙද සේවය කියන්නේ විද්‍යා අංශයෙන් උසස් පෙළ හදාරලා වසර තුනහමාරක අධ්‍යනයකින් පසුව ලැබෙන රැකියාවක්. හෙද සේවයට බැදිලා විදෙස් අධ්‍යාපනය ලබා හෙද සේවයේ විශේෂ පුහුණුවක් ලැබූ කෙනෙක් මම. විශේෂඥ හෙද පුහුණුවක් ලැබූ එකම ලංකාවේ හෙද නිලධාරිනිය මම. ඊට මට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් උදව් ලැබුනා. ඒ වගේම මගේ වැඩකටයුතුවලදී ඇතැම් අධ්‍යක්ෂවරුන් උදව් කළා. එහෙම නොකළ අයත් හිටියා. ඒ නිසා මට කියන්න තියෙන්නේ මම කාගේවත් දේවල් උදුරාගෙන නැහැ කියලයි. ස්වාධීනව නැගිට්ට කෙනෙක් මම. කාටවත් කියන්න බැහැ පුෂ්පාට මම උදව් කළා කියලා. මගේ ශක්තියෙන් මම ගොඩනගා ගත් ගමනක තමයි මම යන්නේ.

ඔබ අතිශය ජනප්‍රිය හෙද නිලධාරිනියක්, මධ්‍යයේ නිරන්තරයෙන්ම දැකීමත් ඒ කෙනෙහිලිකම්වලට හේතුවක් වෙන්න ඇති..?
අනිවාර්යෙන්ම ඔව්. සමන් නම්මුනිගේ කියලා පුවත්පතක හිටපු සහෝදර මාධ්‍යවේදියෙක් හිටියා මුලින්ම කිව්වේ මගේ අත්දැකීම් ලියන්න කියලා පුවත්පතට. මාධ්‍ය ආරම්භය වෙන්නේ එහෙම. මම සමාජගත වෙන්නේ මුලින්ම එයින්. ඒ නිසා ස්තූතිය සමන්ට හිමි වෙන්න ඕන. පසුව සියලුම මාධ්‍යවලින් මට විවිධ වැඩසටහන් වලට කතා කළා. මම නිරන්තරයෙන්ම මධ්‍යයේ පෙනී ඉන්න එක මගේ වරදක් නෙමෙයි. ඒක මම බලෙන් ගත්ත දෙයකුත් නෙමෙයි. මම කරන දේවල් එක්ක මට ලැබෙන දේ. ඒකට ඇතැම් පිරිස එක එක දේවල් කිව්වා. තවමත් කියනවා. නමුත් ඉවසීමෙන් මම වැඩකරනවා. ඉවසීම තිබ්බම කටයුතු කරන්න පුළුවන්.

ඔබ නිතරම අත්දැකීම් සමාජ මාධ්‍ය ඔස්සේ බෙදා ගන්නවා. ඔබට ඒ සඳහා විවිධ අයුරින් ප්‍රතිචාර ලැබෙනවා, ජනතාවගේ ආදරේ හිමි වීමත් එක්තරා විදිහකට වාසනාවක් කියලා හිතෙනවද, එහෙම නැති නම් ඒක කරදරයක් කියලද හිතන්නේ..?
ඒක වාසනාවක්. මම විවිධ අත්දැකීම් බෙදා ගන්නේ ඒ පණිවිඩවලින් කාගේ හෝ ජිවිතයකට සෙතක් වෙයි කියලා හිතලා. වැරදි කරන කෙනෙක් දෙපාරක් හිතලා වැරැද්ද නිවැරදි කරගනියි කියලා. ඒ පණිවිඩ ජනතාව කොහොම ගන්නවද දන්නේ නැහැ. නමුත් මම දකිනවා ඊට දක්වන ප්‍රතිචාරවලින් විහිළුවක් වුණත් කරන්නේ ගෞරවයකින් කියලා. කවුරුවත් නරක විදිහට කතා කරනවා දැකලා නැහැ මම, ඒ වගේ ලොකු ප්‍රතිචාර ප්‍රමාණයක් ලැබීම සතුටක්.

කාර්යබහුල ජිවිතේ එක්ක නිදහසේ ඉන්න වෙලාව හොයා ගන්නවද ඔබ..?
මිනිස්සු බිසී කියලා කියන්නේ බොරුවට. නිදහසේ ජිවත් වෙන්න ඒ නිදහස හොයාගන්න අපි කාටත් පුළුවන්. මම නම් මට ලැබෙන හැම විවේක අවස්ථාවකම ලංකාව පුරා තියෙන සිද්ධස්ථාන බලන්න වැදපුදා ගන්න යනවා. මම හරි ආසයි නිදහසට, නිහඬව ජිවත් වෙන්න. මම ජිවිතේ විදින කෙනෙක්. මේ හැමදේම කරන්නේ හුස්ම ගන්නකල් විතරයි. ඒ නිසා කවුරුත් නිරෝගිව ජිවත් වෙන්න ඕන.

ඔබේ පියා වෙද මහත්මයෙක්, මව ගෘහණියක්. පියා කවදාවත් කියලා නැද්ද හෙදකම නෙමෙයි වෙදකමයි කරන්න තිබ්බේ කියලා..?
තාත්තා නෙමෙයි අම්මා නම් කිව්වා ඩොක්ටර් කෙනෙක් වෙන්න කියලා. මොකද මගේ අක්කා හෙදියක් . අයියා ඉංජිනේරුවරයෙක්. ලොකු අක්කා ගුරුවරියක් . ඒ නිසා අම්මට ඕන වුනා මාව ඩොක්ටර් කෙනෙක් කරන්න, මමත් ආසාවෙන් හිටියා. නමුත් වෛද්‍ය විද්‍යාලයට යන්න ලකුණු අඩු වුනු නිසා මම දෙවැනිවර විභාගය කරනවා කියලා හිටියේ. රැකියාවක් කරන අදහසක් තිබ්බෙත් නැහැ. මගේ අක්කා හෙදියක් නිසා එයා හැමෝටම හොරෙන් හෙද විදුහලට අයදුම්පතක් දාලා. ඒකට ආවට පස්සේ ඉතින් මමත් ගියා. පස්සේ ඒක මගේ ජිවිතේ කොටසක් වුනා. මම සතුටින්ම ජිවත් වෙන්නේ රස්සාව නිසා කිව්වොත් හරි. ඒ වගේම අද මම සතුටු වෙනවා වෛද්‍යවරියක් නොවී හෙදියක් වුනු එක ගැන.

විවාහ නොවී ඉන්නකොට සමහර අය හිතනවා විවාහ වුනා නම් කියලා, විවාහ වුනු අය ප්‍රශ්න එද්දී හිතනවා විවාහ නොවී හිටියා නම් කියලා. විවාහය ගැන ඔබේ සිතුවිල්ල කොහොමද..?
මම නම් කාටවත් කියන්නේ නැහැ විවාහ නොවී ඉන්න කියලා. නමුත් මේ ජිවිතේ හරිම ස්වාධීනයි. සැනසිල්ලයි. මගේ අම්මා පුදුමාකාර විදිහට මහන්සි වුනා මාව විවාහ කරලා දෙන්න කියලා. යෝජනා කිහිපයක් ආවා.. නමුත් ඒ හැම කෙනාම කිව්වේ විවාහයෙන් පස්සේ රැකියාවෙන් අයින් වෙන්න කියලා. ඉතින් මම හිතුවා මම එහෙම කරන්නේ මොකටද කියලා. එතැනින්ම ඒ මනුස්සයා හිර කරලා කූඩු කරන්නනේ හදන්නේ. ඒ නිසා මම තීරණය කළා විවාහ නොවී රැකියාව කරගෙන ඉන්න. මගේ සහෝදර සහෝදරියන්ගේ දරුවන් උගත් බුද්ධිමත් දරුවෝ හොද රැකියාවන් කරන්නේ. එයාලාගේ ආදරේ මට ලැබෙනවා. ඉතින් මට කිසිම අඩුපාඩුවක් දැනෙන්නේ නැහැ. දැන් ආදරේ කියන්නේ පටු අරමුණු තකා කරන දේවල්වලට. ආදරයක් නැහැ එතන. ගෞරවයක් නැහැ. මම රැකියාව නිසා ඊට වඩා දේවල් ලබාගෙන තියෙනවා. මම සම්මාන 60ක් හිමි කරගත් විශේෂ හෙදියක්. මේ ජිවිතේ හොඳටම ඇති. ඔය වගේ සිතුවිලි මට එන්නේ නැහැ. මම රෝගී සත්කාර සියයට සියයක් කරලා ඉන් තෘප්තියක් ලබන කෙනෙක් . මම ලබන අත්දැකීම් ඊට හේතුවක් වෙන්නත් පුළුවන්. ගැහැණු විදින දුක මම දකිනවා. මට ඒ දුක හැම කෙනෙක්ම කියනවා. ඉතින් මේ ජිවිතේ හරි සැපයි කියලයි මට නම් හිතෙන්නේ.

හර්ෂණී වීරරත්න
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top