Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Dec
17
"තරඟය අවසන් වූ ගමන්ම එයා මට කෝල් කරලා කිව්වේ "අපරාදේ දිනන්න තිබ්බ මැච් එකක්.." කියලා..." - දඹුල්ල වයිකිංග් කණ්ඩායමේ නායක දසුන් ශානකගේ, බිරිඳ කියයි

- "තරඟය අවසන් වූ ගමන්ම එයා මට කෝල් කරලා කිව්වේ "අපරාදේ දිනන්න තිබ්බ මැච් එකක්.." කියලා..." - දඹුල්ල වයිකිංග් කණ්ඩායමේ නායක දසුන් ශානකගේ, බිරිඳ කියයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

45 Views
"දසුන් ග්‍රවුන්ඩ් එකට ගිහින් ප්ලේ කරනවා සමානවම බයක් පීඩනයක් මටත් තිබ්බා තරඟ නරඹද්දී..."

"අවසන් තරඟයේ එයාට ලොකු ලකුණු සංඛ්‍යාවකට යන්නත් බැරි වුණා..."

පසුගිය සති කිහිපයේම කාගෙත් අවධානය යොමු වුණේ ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියටයි. අවසන් මහා සටනට දසුන් ශානක නායකත්වය ලබා දුන් දඹුල්ල වයිකිංග් කණ්ඩායම තරඟවදිවී යැයි බොහෝ දෙනෙකුගේ බලාපොරොත්තුවක් තිබුණා . නමුත් තිසර පෙරේරා නායකත්වය ලබා දුන් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට පරාජය වූ නිසා ඒ සිහිනය බොඳ වෙලා ගියා. හැමෝම කතා කළ LPL ගැන කතා කරන්න අපි දසුන් ශානකගේ ආදරණිය බිරිඳ චෙවන්ති පෙරේරාව සම්බන්ධ කර ගත්තා. මේ ඒ කතාබහ ගැනයි.

සුන් සමඟ විවාහ වූ නිසා දැන් හැම ක්‍රිකට් තරඟයක්ම ඔබ නරඹනවා ඇති, ඔබේ ආදරණිය සැමියා තරඟ කරන නිසා මෙවර LPL තරඟ ඔබත් අනිවාර්යෙන්ම නරඹන්න ඇති නේද චෙවන්ති..?
දසුන් ක්‍රීඩා කරන හැම තරඟයක්ම මම දැන් නරඹනවා. LPL තරඟ හරිම කැමැත්තෙන් ආසාවෙන් නැරඹුවා. රටේ තියෙන තත්වය එක්ක සජීවීව එය නරඹන්න කිසිකෙනෙකුට අවස්ථාව ලැබුනේ නැහැ. නමුත් මම රූපවාහිනිය ඔස්සේ LPL නරඹන්න අමතක කළේ නැහැ. ඒ වගේම හැම තරඟයක්ම මම නැරඹුවේ හරිම බයෙන්. දසුන් ග්‍රවුන්ඩ් එකට ගිහින් ප්ලේ කරනවා සමානවම බයක් පීඩනයක් මටත් තිබ්බා එය නරඹද්දී.

ඔබේ සැමියා තමයි දඹුල්ල වයිකිංග් කණ්ඩායමේ නායකත්වය දැරුවේ. එම කණ්ඩායම තරඟ පහක් ජයග්‍රහණය කළා, ඒ ගැන ඔබට මොකද හිතෙන්නේ..?
බිරිඳ විදිහට මම ඔහු ගැන ආඩම්බර වෙනවා. සාමාන්‍යයෙන් මම ක්‍රිකට් තරඟ නැරඹු කෙනෙක් නෙමෙයි. දසුන් නිසා තමයි මම ක්‍රිකට් තරඟ නරඹන්නේ. ඒ තරඟ නරඹද්දී මට හිතුණා දසුන් ඔහුගේ රාජකාරිය හරියට ඉටු කළා කියලා. ඔහුට හොඳ නායකයෙකුගේ ගුණාංග තියෙනවා. එයා කණ්ඩායම හොඳට මැනේජ් කළා. ඒ ගැන මට සතුටක් තියෙනවා.

අවසන් මහා සටනට දඹුල්ල වයිකිංග් කණ්ඩායමත් තේරී පත් වෙයි කියන බලාපොරොත්තුව ඔබ තුළ තිබ්බද..?
මම විතරක් නෙමෙයි දසුන් වගේම අම්මා තාත්තා හා අපේ පවුලේ හැමෝම ලොකු බලාපොරොත්තුවකින් හිටියේ මෙවර LPL තරඟාවලියේ කිරුළ ඔහු නායකත්වය දුන් කණ්ඩායමට ලබා ගන්න පුළුවන් වෙයි කියලා. නමුත් නොසිතපු මොහොතක පරාජය වුණා. ඒ ගැන දුකයි නමුත් තරඟ 5ක් හෝ ජයග්‍රහණය කරන්න උත්සහ කළ එක ගැන මට සතුටුයි. එයා ගෙදරින් පිට වෙද්දී මම එයාට කිව්වා කොහොම හරි මෙවර LPL කිරුළ අරගෙන එන්න කියලා. ඒත් එයාට ඒක කරන්න බැරි වුණා.

නොසිතු මොහොතක පරාජය වූ නිසා දසුන් කනස්සල්ලෙන් පසුවෙනවා ඇති, අවසන් මහා තරඟයට පිවිසීමට සුදුසුකම් ලබන තරඟය පරාජය වූ අවස්ථාවේ එහි දුක බිරිඳ විදිහට මුලින්ම කියන්න ඇත්තේ ඔබට, එහෙම නේද..?
ඔව්. තරඟය අවසන් වූ ගමන් එයා මට කෝල් කරලා කිව්වේ "අපරාදේ දිනන්න තිබ්බ මැච් එකක්.." කියලා. එයාට පොඩි දුකක් තියෙනවා. අවසන් තරඟයේ එයාට ලොකු ලකුණු සංඛ්‍යාවකට යන්නත් බැරි වුණා. එදා එයා ලකුණු අතරට ගියා නම් හිටපු අනික් ක්‍රීඩකයින්ටත් වැඩිපුර ලකුණු සංඛ්‍යාවකට යන්න ශක්තියක් ලැබෙනවා. අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී යාම ගැනත් එයා දුකින් කතා කළා. ඊට වඩා වැඩි යමක් කරන්න තිබ්බා කියලා තමයි කිව්වේ. නමුත් මම හිතනවා ඔහු උපරිමය කළා කියලා. ඒ වගේම මම එයාට කිව්වා ඊළඟ වතාවේ කප් එක ගන්න කියලා හිත හැදුවා.

පකිස්ථාන තරඟ සංචාරයක පන්දු වාර 20 යි 20 තරඟ සඳහා දසුන් නායකත්වය ලබා දුන්නා, ජාතික ක්‍රිකට් කණ්ඩායමේ අනාගත නායකත්වයේ බලාපොරොත්තුව LPL තරඟ එක්කම ඇති වුනා කිව්වොත්..?
අවස්ථාවක් ලැබුණොත් එයා ඒ අවස්ථාව හොදින් කළමනාකරණය කරයි කියලා මට විශ්වාසයක් තියෙනවා. එයාගේ දක්ෂතා එක්ක අවස්ථා ලැබෙන්න ඉඩ තියෙනවා. ඒත් කියන්න දන්නේ නැහැ දැන්ම. අවස්ථාවක් ලැබුනොත් හොඳයි.

එක දිගට ක්‍රිකට් තරඟ තිබුණු නිසා විවාහයෙන් පසුව දසුන්ට පවුල් ජිවිතයට මුල් තැන දෙන්න එතරම් කාලයක් තියෙන්න නැතුව ඇති, ඒ ගැන බිරිඳ විදිහට දුකක් නැද්ද ..?
විවාහයෙන් පසුව දසුන් විවේකයක් ගත්තෙම නැහැ, තරඟ හා පුහුණුවීම් නිසා. නිවාඩු දවසටත් එයා පුහුණුවීම් සඳහා ගියා. ක්‍රිකට් එක්කම කාර්යබහුල වුනු නිසා පවුල් ජිවිතයට මුල් තැන දෙන්න එයාට විවේකයක් තිබ්බේ නැහැ. නමුත් මම ඒ ගැන දුක් වෙන්නේ නැහැ. එයාගේ ගමනට මම නිදහස දෙන්න ඕන. එතකොට තමයි එයා නිදහසේ එයාගේ රාජකාරි කටයුත්ත කරන්නේ.

බොහෝ දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයින් විවාහයත් එක්ක ක්‍රිකට්වලට අවධානය දෙන්නේ නැහැ, දක්ෂතා දක්වන්නේ නැහැ කියලා පසුගිය කාලයේ මතයක් තිබ්බා, විවාහ වුනු දසුන්ගේ දක්ෂතාත් හීන වෙයිද විවාහ ජීවිතයත් එක්ක..?
මම ඒකට ඉඩ තියන්නේ නැහැ. එයා මහන්සි වෙනවා පුහුණුවීම් එක්ක හා දක්ෂතා මතු කරගන්න. මම එයට උදව් කරනවා. අපි විවාහ වෙලා පොඩි කාලයක් වුණත් එයාට මම පවුල් ජිවිතයේ බර දැනෙන්න ඉඩ තියන්නේ නැහැ. එයාට ක්‍රීඩා කරන්න අවශ්‍ය පසුබිම හදලා දුන්නොත් එයා එයාගේ දක්ෂතා පවත්වාගෙන යයි කියලා මම හිතනවා. එයා අතරමග ක්‍රිකට් නතර කරන එකක් නැහැ.

පවුලට තුන්වැන්නෙක් ළඟදීම එකතු වෙයිද..?
තවම නම් ඒ ගැන හිතලා නැහැ. පවුලට අලුත් අමුත්තෙක් එකතු කරගන්න තව කල් තියෙනවා කියලා මම හිතනවා.

හර්ෂණී වීරරත්න




Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top