Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jan
14
“...පාට්නර් යෝජනා කළා මට, මේවා නෙට් එකට දාන්න.. ඒ වෙලාවේ මට ඉබේටම හා දාමුකෝ කියලා කියවුණා...” - තරුවක් වෙන්න ආසාවෙන්, කැමරාවක් ඉදිරියේ නිරුවත් වුනු ඉෂූ, Whatsapp එකේ එවපු අදහාගත නොහැකි කතාව - EPISODE 02 [Exclusive]

- “...පාට්නර් යෝජනා කළා මට, මේවා නෙට් එකට දාන්න.. ඒ වෙලාවේ මට ඉබේටම හා දාමුකෝ කියලා කියවුණා...” - තරුවක් වෙන්න ආසාවෙන්, කැමරාවක් ඉදිරියේ නිරුවත් වුනු ඉෂූ, Whatsapp එකේ එවපු අදහාගත නොහැකි කතාව - EPISODE 02 [Exclusive]Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

53 Views
“ඒ ආදර කතාව මාරම ලස්සනයි, අමුතුයි.
අපි දෙන්නා හැමදේටම ඕපන්..”
 
“පාට්නර් ට ඕනි වුණා සල්ලි හොයන්න. ඒක හොයන්න ඕනි ක්රමත් එයා දැනන් හිටියා.”
 
 
“දෙවැනි කොටස”
 
දුරකථන ඇතුළේ කෑ කෝ ගහන්න ගන්න දාහක් උනුන් අස්සේ, මට හමුවුණු අහම්බකාරක ඇමතුම. ඒක ඇතුළේ යන්තමින් හුස්ම ගන්න ගැහැනු පරාණයක්.. ඒකිගේ සුසුම් වරුසාව අවසානයේ හීන් ඉකියක් ඇහෙන්න ගන්නවා. එතනින් එහාට..... ඒකි කතා පවත්වන්න පටන් ගන්නවා. බොහෝම වේගවත් වචන හරඹයක්..........................
 
“මට කතාවක් කියන්න තියනවා, අර ඔයාලා ලියන Exclusive ස්ටෝරි-වලට.... පුළුවන්කමක් තියෙනවද මට කන්ටැක් කරලා දෙන්න...” 

නාඳුනන එකියක් දුරකථනය ඇතුළට රිංග ගන්නේ එහෙමයි. ඊටත් පස්සේ ඒ ගැහැනිය කියන්න ගන්නවා, බිහිසුණුම ඝනයේ කතා ප්රවෘත්තියක්. ඒක ඒකිට අයිති ඒකිගේ “ඉලව් කතාව” ඒකිම කියන විදිහට....
 
“මාව ඔයා දන්නවා ඇති. මගේ නම ......, එහෙම කිව්වමයි ඔයාලා දන්නේ. මම ඉන්ටනෙට් එකේ ජනප්රියයි. කාලෙකට කලින්.. මම කිව්වේ දැන් මම නැහැ ඒකේ....! ඒ හැමදේම ඉවරයක් වුණා. ලොකු පසුතැවිල්ලක් එක්ක.. මට ඕනි මේ කතාව එළියට දාන්න... මම මාව සුද්ද පවිත්ර කරගන්න හදනවා නෙවෙයි. මම දන්නවා, මම හෙන ගොබ්බ කෙල්ලක් බව...!! ඒත් මම කැමති නෑ තව එකිලාත් මං වගේ ගොබ්බ ගෑනු බවට පත්වෙනවට...”
 
දිගු “විවේක වෙලාවකින්” පස්සේ “ඉෂූ” ආයෙම ගොඩ වැදුනා “වට්ස්ඇප්” එකට. “ඉන්ටවල්” එක දවසක් දෙකක් දිග වුණත්... ඒ කුතුහලය පිරුණු කතාව අහන්න පෙරේත-කමින් මම දුරකථනයේ එල්ලිලා උන්නා. ඒක ඇතුළට හිතූ හැටියේ කඩා පනින මේ කවුරුත් දන්න එකී, ඒකිගේ කවුරුත් “නොදන්න කතාවේ” භාගයක් දුර මාව එක්කගෙන ගිහින්...................................


 
“මට මතක නෑ මම නැවත්තුව තැන...”
 
“ඔයාගේ කොල්ලගේ එන්සෙවන්ටිය.. (ෆෝන් එකේ බ්රෑන්ඩ් එක.) අර පාසල් පෙම්වතාගේ මම හිතන්නේ...”
 
“ආහ් හරි.... නිශාන්....” ඈ මුමුණනවා බොහෝම ආසාවෙන්. ඊළඟට ඈ මොහොතක් ඇවිද යනවා අතීත මං තීරු දිගේ ඉහළ පහළ. කහ පාට ඉරි මැද්දෙන්, මෙලෝ හසරක් නොදැන විසිල් කරන පොලිසියේ මහත්වරුන්ට රවන ගොරවන ගමන්........
 
“ඔව්...! ඒ හාදයා තමා...!!”
 
“නිශාන්ට මාව ඕනි වුණා. මම යන්න දැඟලුවත්..... එයා වැඳ වැටුණා සමාව ඉල්ලලා. කොල්ලෙක් ලේසියෙන් අඬන් නෑ. ඒත් ඌ අඬන්න ගත්තම මට අනුකම්පා හිතුණා. ටිකකින් ඒත් මම හිතුවා, මොකද්දෝ හේතුවකට ඒ වෙනකොටත් මහ කෙල්ලක් නොවිච්ච මට මේ යකා හැමදාටම මේ සෙල්ලම කරාවී කියන පරාණ බය දැණුනා. මට ඕනි වුනේ නෑ මගේ එකාව වෙන කෙල්ලන් එක්ක බෙදා ගන්න. මම ඇහුවා එයාගෙන්, අන්තිමට මම පොරොන්දු කරගත්තා එයාව.... ඒත් වැඩක් වුනේ නෑ දෙයියනේ...!! නිශාන්ට ගෑනු සම්භාවිතවය ඕනෑවට වැඩි වුණා...........................”
 
“ඔයා එතැනින් අයින් වෙන්න තීරණය කරනවා.....?”
 
“ඔව්.... ඇත්තටම ඔව්...! ඒත් එක අවුලක් තිබ්බා.... නිශාන් තමයි මාව විනාශ කළේ. මගේ පිරිසිදුකම නැති කළේ. ඒ බැඳීම අතඅරින්න අමාරුයි..... ඒ කියන්නේ ඒක මාර හැඟීමක්....!! මම ට්රයි කළා වුණත් මෝඩ ගහක් වගේ නිතරම එයාට කෝල් කරන්න පුරුදු වුණා. ඔය තරහ මහර තියෙද්දිත් අපි දෙතුන් පාර එකතු වුණා... අර වීල් එකේ පුරුදු පාරේ හුදකලා වුණා....”
 
“ආදරේ නැතුවම...?” මම ඒ වචනය මේ කතාවට “ගළපන්න” ඇහැකි විදිහක් හෙව්වා. මැය කියන බැඳීම ආදරයම නම්....? ඒක මේ තරම් ඉක්මණින් අහකට විසි කරලා දාන්න මේ ගැහැනියට බැරිවෙයි!
 
“නැතුව නම් මම යයිද? ඕනෑවට වඩා තිබ්බ නිසයි සේරම.... ඒත් අපේ එෆෙයා එක නැවතුණා. ඒ වෙනුවට අපි ලිංගිකව එකතු වෙන්න විතරක් හම්බුණා. ඒක කන බොනවා වගේ අත්යවශ්ය දෙයක් බවට පත්වුණා. නිශාන්ගෙන් පස්සේ දෙතුන් දෙනෙක්ම ඒ විදිහට ඒ දේට විතරක් මම යූස් කළා. ඒ ගැන නිශාන් දැනන් හිටියෙත් නෑ. කොහොමත් මිනිහාගේ එන්සෙවන්ටියේ ගැලරියෙන් මම මිනිහා ගැනත් දැනගත්තනේ... ඔය මොන මඟුල නැටුවත් මම හොඳට ඉගෙන ගත්තා. ඒලෙවල් කොමස් කළේ. ක්ලාස් එකේ ප්ලේස් එකක් ගහනවාම තමයි.... අනික මට හෙණ උණක් තිබ්බා කැම්පස් යන්න.... කොහොම හරි කැම්පස් සිලේක්ට් වුණත් තාත්තලාගේ බල කිරීමට මම ප්රයිවට් කැම්පස් එකකට ඇතුළු වුණා....”


 
ඇය කතාවේ තැනක නතර වුණා. අර වෙබ් පිටුවේ හිනාවෙන “වෙස් මුහුණ” නිතැතින්ම මගේ මතක අතර මෝදු වුණා. ඇස් විලිස්සන... කම්මුල් පුම්බන... උච්චතම තැන්වල වේදනාවෙන් කෑ මොර දෙන ජපන් බෝනික්කියක්. ඒකි පිරිමින්ගේ “කෞතුක භාණ්ඩයක්”. අන්තිම තැනදී ඒ මතක හැම එකක්ම අඳුරු වුණා. ඔන්න... ආයෙමත් ඒකි කතා කරන්නයි සුදානම....!!
 
“එහෙදී තමා මට මගේ පාට්නර්ව හම්බුනේ... එයා ටිකක් ලොකු දතක්. එහෙම කිව්වම තේරෙනවනේ. අපි සීරියස්ම ලව් කළා. එයාගේ ජීවිතේ රහස් හැම එකමත්.. මගේ ජීවිතේ හැම රහසක්මත් අපි දැන කියාගත්තා. අපි දෙන්නම බෝධිසත්වයෝ නෙවෙයි. ඒත්.... පාට්නර් (ඒ හාදයාට පාට්නර් කියන නම ගැළපෙනවා.) එක්ක පටන් ගත්ත ආදර කතාව මාරම ලස්සනයි, අමුතුයි. අපි දෙන්නා හැමදේටම ඕපන්.. ඒක කුණුහරප කටක්... මාත් ඊට දෙවැනි නෑ... අපි ජීවිතේ මාරම විදිහට වින්ඳා...”
 
ගැහැනිය නැවතුණා. මම මුකුත්ම නොකියා නිශ්ශබ්දවම උන්නා. ඉතින් ආයෙම ඒ කතාව පටන් ගන්නවා නැවතුනු තැන ඉඳන්......................
 
“ඔය අතරේ තමයි පාට්නර් යි මායි වීඩියෝ කරන්න පුරුදු උනේ අපි කරන අමුතු අමුතු වැඩ.... ඒක මුලින්ම විකාරයි වගේ තමා. ඒත් එයයි මායි පුරුද්දට ඒක කරගෙන ගියා. ඒවා එක එක ස්ටෝරිස්වලට කරන්න තමයි පාට්නර්-ගේ ආසාව තිබුණේ... මට වඩා එයාට තමා ඒකේ උවමනාව තදින්ම තිබ්බේ.... අපි වීඩියෝ ක්ලිප්ස් ගොඩක් එක්කහු කරගත්තා. පාට්නර් යෝජනා කළා මට, මේවා නෙට් එකට දාන්න.. ඒ වෙලාවේ නම් මට ඉබේටම හා දාමුකෝ කියලා කියවුණා. ඒ මොනවා හින්දාවත් නෙවෙයි. ඒ වෙනකොටත් අපි මේ දේ එන්ජෝයි කරමින් හිටියේ. මට හිතුණා ඒක ටිකක් අමුතු දෙයක් වෙයි කියලා. පාට්නර් ට ඕනි වුණා සල්ලි හොයන්න. ඒක හොයන්න ඕනි ක්රමත් එයා දැනන් හිටියා. ඒ වෙනකොටත් එයා වීඩියෝ කෑලි එක එක සයිට්වල දානවා. ඒ නිසා...... මගෙත් එයාගෙත් මූණ පෙන්නන් නැතුව අමුතුම විදිහේ සෙක්ස් වීඩියෝ හදන්න එයයි මායි කතා වුණා. එතනින් තමයි මේ සේරම නාඩගම් පටන් ගන්නේ......”


 
ඒ ඈ සුසුම්ලන හඬ ආයෙම. ඒක හරියට පරණ රේඩියෝවක් සද්ද කරන්නා වගේ. මම ඒ “ශබ්ද පූජාව” ට කන් දීගෙන ආයෙම අනිත් පැත්තට හැරුණා. ඒ වෙනකන් නොහෙල්වී තිබුණු රිසිවර් එක මට අතෑරුණා.
 
“තව ටිකකින් අපි කතා කරමු....!! මම හිතන්නේ තව විවේකයක් ගත්තොත් හොඳයි...!!”
 
By Samitha Lakshan
(මෙම කතාවේ එන නම් ගම්, ඔවුනොවුන්ගේ පුද්ගලිකත්වය තකා වෙනස් කර ඇති බව කරුණාවෙන් සළකන්න.!)
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top