වෙස් මුහුණු පැළඳගත්තූ, නාඳුනන කතාකාරයෝ, “වෙබ් සයිට්” ඇතුළේ මොර දෙනවා වුණත්, උන් පැහැදිලිව ඒ කියන එකීව ලෝකෙට පෙන්වන්න උත්සහ ගන්නෙ නෑ. උන් ඒකිව “දකින්න හොඳ නැති” අයිකන් එකක් බවට පත් කරනවා.
එහෙමයි මේ කතාව පටන් ගන්නේ... මේ කතාවේ අයිතිකාරිය “ඉෂූ.” (විශ්වාස කරන්න! ඒක බොරු නාම පුවරුවක්.)
“මම ලංකාවෙන් යනවා.. මම යන්නේ ලංකාවේ මිනිස්සු මගේ පින්තූර කෑල්ල අරන් කුරුටුබලි ගාලා මාව ගණිකාවක් විදිහට හංවඩු ගැහුව නිසා නෙවෙයි. ඒ සම්පූර්ණ වැරැද්ද මගේ. මම නිරාවරණය වුණා ලෝකේටම.. මගේ නිරුවත පෙන්නගෙන... හිත මතා මම මගේ මූණ හැංඟුවා. ඒත් මාව දන්න කියන එකාලා දවසක ඒ ගැන දැනගත්තා..” ඈ ඒ කතාව සාරංශ කළා ඒ තැනට වෙනකන්..
“ඔයා සනී ලියෝන් කෙනෙක්ද?” ඇගේ හඬ අපැහැදිලි වෙනකොට මම ඉබේටම ඊළඟ ප්‍රශ්නයට පනින්න දඟලනවා.

“සනී ලියෝන් එයාගේ මුළු ශරීරයම නිරාවරණය කළා. එයා ඒක කරපු අරමුණ මම දන්නෙ නැහැ. ඒත්... මම එයාට කැමැතියි.....! මිනිහෙකුගේ හෝ ගැහැනියෙකුගේ පෞද්ගලික ජීවිතේ අතිශය වැදගත්ම දේ තමයි සෙක්ස්... ඒක සනී ලියෝන් වගේම තවත් ගැහැනු කැමරාව ඉදිරිපිට රඟපෑවා. මීයා කලීෆා වගේ ගැහැනු අද වෙනකොටත් සුපිරි චරිත වෙන්නේ ඒමයි...” ගැහැනිය ඉකිලන්න ගන්නවා. ඒත් ඒකිගේ කතාව “මීයා කලීෆා”ට හේ “සනී ලියෝන්” ට සමාන කතා ප්‍රවෘත්තියක් නොවන බව මම දැනටම දන්නවා.
“එතකොට ඔයත් සුපිරි චරිතයක්ද අද වෙද්දි... හරියට මීයා කලීෆා වගේ. මූණුවරින් ඇඳිනුවේ නැති වුණාට...?”
“මට හැමදාම ඕන වුනේ වොන්ඩර් වුමන් කෙනෙක් වෙන්න. මගේ ජීවිතේදි කොයි තරම් මම මෝඩ වුණාද කිව්වොත් මාව හොයාගෙන ආපු, මාව ඉඹපු හැම පිරිමියා යෝජනා කරපු දේවල්-වලට මම කැමති වුණා. සමහර වෙබ් සයිට් වල අදටත් මගේ වීඩියෝ තියෙනවා. ඒවාට කොල්ලෝ විතරක් නෙවෙයි කෙල්ලොත් ආසයි. උන් ඒවා රහ බලන ගමන් මාව පතුරු අරිනවා.” ඈ කියන්නේ වේදනාවෙන්. තමන් සන්තක ජීවිතේ නොමිලේම අනිත් එකාලට රහ බලන්න දීපු ඈ දැන් ඇගේ නිමාවක් නැති වේදනාව ගණන් හදන්න ගන්නවා.

“දැන් මේ කතාව මට තේරෙන්නෙත් නෑ. කරුණාකාරලා අපි මුල ඉඳන් පටන් ගමුද..? කියවන අය වුණත් කැමති වෙයි එහෙම අහනවා නම්. අනික ඔයා වට්ස්ඇප් එවපු වොයිස් මැසේජස් අප්‍රභංශ... මෙලෝ හසරක් තේරෙන් නෑ...” මම පෑන් කොපුව හපාගත්තා. ඒ වෙනකන් දුරකථනය ඇතුළේ වේදනාවෙන් බෙරිහන් දුන්නු මේ ගැහැනිය අන්තර්ජාලය ඇතුළේ “වැඩකාරියක්” කියන්න අමුතුවෙන් අටුවාටිකා ටිප්පනි අවශ්‍ය වුනේ නැහැ.
“මම හොඳ පවුලක කෙල්ලක්.. හොඳ පවුලක් කිව්වම තේරෙනවනේ... මගේ තාත්තා බිස්නස් කළේ. එයාට හොඳට සල්ලි තිබ්බා. මට ඉතින් මෙහෙමයි කියලා අඩුපාඩු තිබුනේ නැහැ. තාත්තා ඉල්ලන හැමදේම ගෙනත් දුන්නා. අම්මා වුණත් එහෙමයි. මගේ පවුලේ මට බාල නංගි කෙනෙකුයි මල්ලි කෙනෙකුයි ඉන්නවා. ඒ දෙන්නත් දැන් ජොබ් කරනවා. ඔයා කියනවා වගේ මම ඉපදුනේ සනී ලියෝන් වෙන්න නෙවෙයි. ඒත් අද මම මීයා කලීෆා තරම්ම ඉන්ටනෙට් එකේ ජනප්‍රියයි. මට වහ වැටුණු උන් මාව හොයනවා නිවි හැනහිල්ලේ තාමත්. මම නැති බව දැන දැනත්... මට කවදාවත් නිල් නිළියක් වෙන්න හීන තිබ්බේ නෑ. ඒකත් මෙලෝ රහක් නැති විදිහට මූණත් හංඟන්... සීරියස්ලී නෑ...”
“ඔයා ආයෙත් කතාවෙන් පිට පනිනවා...?”
“ආහ්... අයැම් රියලී සොරි...! මම ඕලෙවල් කරන කාලේදි තමා මුලින්ම කොල්ලෙක් එක්ක යාළු වුනේ... උගේ නම.... නිශාන් කියමුකෝ.... අපි දෙන්නම ගියේ නුවර ඉස්කෝලවල.. හැබැයි එයාව මට හම්බෙන්නේ ටියුෂන් ක්ලාස් වලදී... ඉස්සරම ඉතින් ලොකුවට සෙල් ෆෝන් පාවිච්චියක් නෑනේ. එයා මට ආදරේ කිව්වේ ලියුම් වලිනුයි, යාළුවෝ අතේ එවපු පණිවිඩවලිනුයි. ඒ වෙනකොට ආදරේ කියන එක කරන්න හොඳ නැති, මහා නරක දෙයක් විදිහටයි මම අහලා තිබුණේ. ඒත්... මගේ ළඟින්ම හිටපු කෙල්ලෝ හැම එකාලටම කොල්ලෝ හිටියා. උන් උන්ගේ සීමාව පන්නලා ගිහිනුත් තිබ්බා. ඒ කොහොමද කියලා අහන්න එපා. (ඒක මගේ කතාවට අදාළ නෑනේ.) නිශානුයි මායි දවස් ගණන් වැව රවුමේ ඇවිද්දා.. අපේ ආදර කතාව කොයි තරම් ලස්සනද කියනවා නම් එයා මගේ අතින්වත් ඇල්ලුවේ නෑ මාස දෙක තුනක් යනකන්... මම ඒ ආදරේ හරියට පරිස්සම් කළා. මම ලස්සනයි. මං ඒක හොඳින්ම දන්න දේ... කණ්ණාඩියෙන් මම මාව බලනකොට වුණත්... මට මං ගැන අමුතු දේවල් හිතෙනවා. මගේ අම්මා වුණත් කියන්නේ එහෙමයි...” ගැහැනියක් අතීතය කියන්න හරිම කැමතියි. ඒකත් නන්නාඳුනන පිරිමියෙකු ඉස්සරහා ඔහේ කියවගෙන යන ගැහැනියක්. මට ඈ ගැන පුදුමයක් නැහැ. මේ විදිහේ දීර්ඝ පාපොච්චාරණයක් කරන පළමු ගැහැනිය ඇය නොවන නිසා. ඒත්... ඇය විශේෂ කෙනෙක්......... ඒක මම හොඳාකාරවම දන්නවා. ඉතින් ආයෙමත් ඒ නිස්සබ්ද ගැහැනිය සද්දන්ත ස්වරයෙන් වයන්න ගන්නවා අතීත නිබන්ධන සේරම එක්කහු කරන්......
“මීයා කලීෆාගේ කතාවේ ඉතිරි හරිය...?”

“මම මුලින්ම නිශාන් ඉස්සරහා නිරුවත් වෙනකොට අපි හිටියේ නිශාන්ගේ රූම් එකේ. එයා අම්මලා නැති දවසක මාව එහේ එක්කන් ගියා. අපි දෙන්නා එදා හැම සීමාවක්ම ඉක්මවා ගියා. ආසාවට අපි අපි දෙන්නගේ ෆොටෝ ගත්තා, එයාගේ එන් සෙවන්ටියෙන්. ඒ කාලේ ඔය ලොකුවට ලීක් සීන් තිබුනේ නැහැ. (දෙවියන්ට ස්තුති වේවා ඒකට.!!) නිශාන්ගේ පළවැනි ගොදුර මම නෙවෙයි කියලා මට එදාම තේරුණා. එයා කොයි තරම් අත තියලා දිවුරුවත් මට දැණුනා එයා හොඳ පළපුරුදුකාරයෙක් කියලත්....”
“නිශාන් කියන හාදයා රැවටිලිකාරයෙක්ද?” මම තව “බටර් ජෙල්” පෑනක් අතට ගත්තා. (දැනටම මගේ පෑන් දෙකක් ඉවරයි මේ ප්‍රවෘත්තිය ලියන්නම ගිහින්.)
“නිශාන් මේකට පුරුදුකාරයෙක් විතරක්ම නෙවෙයි. එයාට ඒක පුදුම විදිහට ඕනි වුණා. වීල් වල ගිහින් පාළු තැන්වල නවත්තලා වීල් එකේ අයියට කීයක් හරි දීලා මාව හිතු හැටියට රහ බලන්න එයාට ඕනි වුණා. අනේ මේ මගේ කොල්ලනේ. මට හරි ආදරෙයිනේ කියල බොළඳ සිතුවිලි මගේ හිතට ආවා... මම එයාට ඉඩ දීලා, එන් සෙවන්ටියට රිංගන මගේ පින්තූර කෑලි දිහා බලලා සතුටු වුණා....”
“සතුටුම දවස් එහෙම්මම ගෙවිලා ගියා...?”
“ඔව්... එයාගේ එන් සෙවන්ටි ගැලරියේ ඉන්නේ මම විතරක් නෙවෙයි කියලා දැනගන්නකන්. අන්තිමේ මම දැනගත්තා, මම එයාගේ ජීවිතේ-ට එකම එකියක් විතරයි කියලා. එදා මම එයාගේ කැත පපුවට හයියෙන් ගහගෙන ගහගෙන ගියා විතරයි මතක... ඊට පස්සෙ.....................” ඈ කතාව ටිකකට නැවත්තුවා.
“බ්රේක් එකක්...?” මම නෝට් බුකිය වැහුවා.
“පුළුවන් නම්....” ඈ ඇමතුමෙන් නික්මුණා.
(මෙම කතාවේ එන නම් ගම්, ඔවුනොවුන්ගේ පුද්ගලිකත්වය තකා වෙනස් කර ඇති බව කරුණාවෙන් සළකන්න.!)