Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jan
07
"මට මාර අප්සට්. කැතයි කියලා මම ආශ්‍රය නොකළ ශාරුක් ඛාන් අන්තිමට හැමෝම ආදරය කරන නළුවෙක් වුනා..." - ප්‍රවීණ නළු ලාල් වීරසිංහ කියයි

- "මට මාර අප්සට්. කැතයි කියලා මම ආශ්‍රය නොකළ ශාරුක් ඛාන් අන්තිමට හැමෝම ආදරය කරන නළුවෙක් වුනා..." - ප්‍රවීණ නළු ලාල් වීරසිංහ කියයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

111 Views
"ශාරුක්ගේ සිද්ධියෙන් පස්සේ මම පාඩමක් ඉගෙන ගත්තා කිසිම කෙනෙක්ව අවතක්සේරු කරන්නේ නැහැ කියලා.."

"මගේ මාස්ටර් එක්ක තේ බොන්න එනවා රැජිනිකන්ත් ඒ කාලේ..."

සිංහල සිනමාවේ සිටි කඩවසම් නළුවෙක් වගේම සුපිරි සටන් නළුවෙක් වූ ලාල් වීරසිංහ නම් ප්‍රවීණ රංගන ශිල්පියා මේ වෙද්දී දමිළ සිනමාවට නැතුවම බැරි නළුවෙක් බවට පත් වෙලා. දමිළ සිනමාපට කිහිපයකින්ම දකින්න ලැබෙන ඔහු සිංහල සිනමාවේ ටික කලක් දුටුවේ නැහැ. යළිත් සිංහල සිනමාවට එක්ව සිටින ලාල් වීරසිංහ ගැන අලුත්ම තොරතුරුයි මේ.

කාලයක් සිංහල සිනමාවේ සටන් නළුවාගේ චරිතය අරක්ගෙන හිටියා, දැන් සිංහල සිනමාවේ දකින්නේ අඩුවෙන් නේද..?
හොඳ නිර්මාණයකට ආරාධනාවක් ලැබුණොත් සලකා බලනවා. මරුවා සමඟ වාසේ කියන චිත්‍රපටයට සම්බන්ධ වුණේ ඒකයි. එය හර්ෂ උඩකන්දගේ නිර්මාණයක්. සිනමා නළු නිලියන් පිරිසක් ඉන්නේ. ඒ නිසා මම ඒ වැඩේට කැමති වුනා. ඊට අමතරව සුගත් සමරකෝන්ගේ නිර්මනයකටත් සම්බන්ධ වුණා. සිනමාවට එන්න කලින් තමයි මම ටෙලි නාට්‍යවලට සම්බන්ධ වුණේ. නැවත ටෙලිනාට්‍ය රංගනයට පිවිසෙන්න තරම් හොඳ චරිත මට ලැබුණේ නැහැ.

සිංහල සිනමාවෙ අඩුවෙන් දකින්න ලැබුණට ඉන්දීය සිනමාවට දැන් මුලිකත්වය දෙනවා කියලා ආරංචියි..?
මට හොඳට දමිළ භාෂාව කතා කරන්න පුළුවන්. භාෂා තුනක් පුළුවන් නිසා දමිල සිනමාව එක්ක ගනුදෙනු කරන්න මට පහසු වෙලා තියෙනවා. මේ වෙද්දී මම දමිළ සිනමාවට වැඩි ඉඩකඩක් ලබා දෙනවා. චිත්‍රපට දෙක තුනකට සම්බන්ධ වෙලා වැඩ අවසන් කළා. තවත් නිර්මාණ කිහිපයකට ආරාධනා ලැබුනා. නමුත් කොරෝනා ප්‍රශ්නය නිසා ඒ නිර්මාණවලට සම්බන්ධ වෙන්න බැරුව ඉන්නේ. පසුගිය අවුරුද්දට මට දමිල චිත්‍රපටි 7ක් ප්‍රතික්ෂේප කරන්න සිදු වුනා. අවධානමක් අරගෙන යන්න බැරි නිසා ඒ අරාධනා සියල්ල ප්‍රතික්ෂේප කළා. මේ තත්ත්වය අඩු වූ සැණින් මම යළිත් ඉන්දියාවට යනවා.

කොහොමද ඉන්දියාවෙන් ලැබෙන ප්‍රතිචාර..?
මම සිංහල, ලංකාවේ නළුවෙක් කියලාවත් නොහිතා ඔවුන් මාව ඔවුන්ගේ කරගෙන ප්‍රතිචාර දක්වන්නේ. හොඳම උදාහරණය තමයි මම උත්සවයකට සම්බන්ධ වුණා. එහි ප්‍රධාන ආරාධිත අමුත්තා මම හා කේ භාග්‍යරාජ් කියන ඉන්දීය ප්‍රවිණ සිනමා අධ්‍යක්ෂවරයා. මගේ උසට මල් මාල දාලා මාව පිළිගත්තේ. හැමෝම වට වෙලා මාත් එක්ක ෆොටෝ ගත්තා. හරිම සතුටක් මට දැනුණේ. ඊට වඩා මට හරි පුදුමයක් දැනුණේ ඔවුන් දක්වන ගෞරවයට. කලාකරුවන්ට ඔවුන් සලකන්නේ දෙවියන්ට වගේ. එතැනදී මම කතාවක් පැවැත්වුවා. භාග්‍යරාජ් මහතා ලග හිටපු තවත් අධ්‍යක්ෂවරයෙක් ඔහුගෙන් ඇහුවලු මම කවුද කියලා. ඔහු මම ගැන කිව්වට පස්සේ ඔහු මාත් එක්ක කතා කරලා මට ඔහුගේ නිර්මාණයකට දායක වෙන්න ආරාධනා කළා. මගේ කටහඩම ඕන කිව්වා. ඒ වගේම භාග්‍ය රාජ්ගේ කතාවේදී ඔහු මා ගැන කතා කරලා ඔහු කිව්වේ ඔබ මෙචචරකල් කොහෙද හිටියේ මිට කලින් තමයි දමිල සිනමාවට එකතු වෙන්න තිබ්බේ කියලා. මම ඉන්දියාවේ කියලා දැනගත්තම සෝනියා ගාන්ධිගේ තරුණ කාන්තා සංවිධානයේ නායිකාව මාව බලන්න ආවා. ඒ වගේ හොද ප්‍රතිචාර තියෙනවා.

ඒ මිනිස්සු ජාතියට ආගමට ලැදියි. වැරදි කරන්න බයයි. එකිනෙකාට ඊර්ෂ්‍යා කරන්නේ නැහැ. ලොකු අවබෝධයකින් වැඩ කරන්නේ. ඔවුන් එක්ක වැඩ කරන්න ලැබීමම සතුටක් කියලයි මම හිතන්නේ. ඇත්තම කිව්වොත් සිංහල මිනිස්සු හරි කුහකයි.

ඔය කියන කුහකකම්, ඊර්ෂ්‍යා කිරීම් නිසා ඔබ සිංහල සිනමාව ගැන කලකිරීමෙන්ද ඉන්නේ..?
ඇත්තටම මට ලොකු කලකිරීමක් ඇති වුනා. ඒ නිසා තමයි මම දමිල සිනමාවට එකතු වුණේ. අපේ රටේ මිනිස්සු කලාකරුවෝ අනෙක් කෙනාව අවතක්සේරු කරලා අනෙකාට කතා කරන්නේ. ඒ රටේ එහෙම නැහැ. මට ඉන්දියාවේ මැනේජර් කෙනෙක් ඉන්නවා. ඔහු මට සර් කියද්දී මමත් ඔහුට කතා කරන්නේ සර් කියලා. ඒකට තමයි එකිනෙකාට ගරු කරනවා කියන්නේ. අපිට ලැබෙන ගරු කිරීම අපිට ගරු කරන කෙනාටත් ලබා දෙන්න ඕන. ඉන්දියාවේ ජාතික පුවත්පත්වල සිනමා පත්තරවල පවා මගේ සම්මුඛ සාකච්ජා ගියා. නමුත් අපේ රටේ වෙලා අපිට එහෙම සැලකුම් නැහැ. ඒ ගැන දුකක් තියෙනවා. ඒ වගේම කියන්න ඕන ඉන්දියාවේ නළු නිලියෝ අතර තරග නැහැ. සහෝදර නළු නිලියෝ සම්මානයක් ගත්තත් පුටුවෙන් නැගිටලා අත්පුඩි ගහලා හදවතින්ම සුබ පතනවා. අපේ අය එහෙම නැහැ කුහකයි.

ඔබ කාලයක් රිදී සිනමාවේ සටන් නළුවෙක්, තවමත් සටන් කලාවේ යෙදෙනවාද, එහෙම නැත්තම් ශරීරයේ යෝග්‍යතා පවත්වා ගන්න තරුණ පරපුර වගේ ජිම් යනවද..?
මම තවමත් නිරෝගිකම හිතන කෙනෙක්. හොඳට කනවා බොනවා, විදවන්නේ නැතුව ජිවිතේ විදිනවා. නමුත් ශරීර සෞඛ්‍ය ගැන හොදට හිතනවා. ජිම් යනවා තවමත්. ඒක වරද්දන්නෙ නැහැ. මම තායිලන්තයේ බොක්සිං පුහුණු වුනු කෙනෙක්. මිනිත්තු තුනක් ඇතුළත ඩ්‍රොප් කරන්නේ නැතුව පහර 16ක් ගහපු කෙනෙක් මම. මට හර්නියා ඇවිත් බඩ ඔපරේෂන් කළා. ඊට පස්සේ තමයි බොක්සිං නතර වුනේ. ෆිට්නස් තියාගන්න ඕන නිසා ජිම් යනවා.

ඔබ කාලයක් ඉන්දියාවේ අධ්‍යාපනය ලැබූ කෙනෙක්, ඒ කාලේ හා මේ වෙද්දී ඉන්දියාවේ අතිශය ජනප්‍රිය තරු ඔබට මුණගැහිලා ඇති. ඒ අත්දැකීම් ගැනත් මතක් කරමු..?
මම ඉන්දියාවේ ඇකඩමියක ඉගෙන ගන්න කාලේ අපි දවල් ආහාරය ගන්න ලන්ච් රූම් එකට යනවා. කටහඩ පුහුණු වෙන්න කළු නහය දිග කෙට්ටු කැත කොල්ලෙක් ආවා මගේ යාලුවත් එක්ක. මේ හාදයා හැම වෙලාවේම සිගරට් බොනවා. ඒ පුරුද්දට මම ටිකක්වත් කැමති නැහැ. ඒ නිසා මම මේ ලමයව ගණන්ගත්තෙ නැහැ. මට පෙන්නන්න බැහැ. මේ හාදයා වෙන කවුරුවත් නෙමෙයි. ශාරුක් ඛාන්. මම අධ්‍යාපන කටයුතු ඉවර කරලා ලංකාවට ආවා. ටික දවසක් යද්දී ඉන්දියාවේ ජනප්‍රිය තරුවක් මෙයා. මට මාර අප්සට්. කැතයි කියලා මම ආශ්‍රය නොකළ ශාරුක් ඛාන් අන්තිමට හැමෝම ආදරය කරන නළුවෙක් වුනා. එතනින් පස්සේ මම පාඩමක් ඉගෙන ගත්තා කිසිම කෙනෙකුට පහත් කරලා කතාබහ කරන්නේ නැහැ අවතක්සේරු කරන්නේ නැහැ කියලා. ඒ වගේම මගේ මාස්ටර් එක්ක තේ බොන්න එනවා රැජිනිකන්ත් ඒ කාලේ. මම ෆොටෝ එකක්වත් අරගෙන නැහැ. ඒ වගේ මගහරවා ගත් අවස්ථා ගොඩක් තියෙනවා.

ඊට පස්සේ ශාරුක් ඛාන්ව මුණගැහෙන්න ගියේ නැද්ද..?
නැහැ මම අවස්ථාවක් ගත්තේ නැහැ.

හර්ෂණී වීරරත්න





Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top