“ඔව් ඒක හරි...!! මම වල්මත් වුණා. එයත් එහෙමයි. (පාට්නර් ගැන කියන්නේ ඒ.) අපි අලුත් කන්සෙප්ට් හැදුවා. එක එක විදිහේ ඒවා. ඒ හැම එහෙකම නිළිය මම.. නළුවා එයා.... අපේ අමුතු ස්ටයිල්වලට කොල්ලෝ පිස්සු වැටුණා. මට හිතෙනවා කෙල්ලොත් එහෙම වෙන්නැති කියලා. ඒ හැමෝම මම කවුද කොහෙන් කඩා පාත් වුනු රූප සුන්දරියක්ද කියලා හොයන්න ගත්තා. අපේ වීඩියෝස් විතරක් නෙවෙයි, අපේ ලෝගෝ එක පවා ඉන්ටනෙට් එකේ බ්රෑන්ඩ් එකක් බවට පත්වුණා. ඒ සේරම මගේ පාට්නර් ගහපු ගේම්..... එයා ලස්සනට ඒක ප්ලේ කළා..........”
ගැහැනියක් කැමති ඒ කියන ගොඩනැගිලි බිත්ති දිගේ බඩ ගාගෙන යන්න. අතීතය හොයාන යන අතිදුෂ්කර ගමනක් අවසානයේ ඒ ගැහැනිය බර හුස්මකින් පපු කන්ද පුරෝ ගන්නවා. කෙළවරක් නැතුව ඇද වැටෙන වැහි අනෝරාවට කන් දීගෙන මම හත්වැනි තට්ටුවෙන් පහළ ලෝකාන්තය දිහාවට ඇස්-වලට දුවන්න ඉඩ හැරියා. අහෝ...!! ඛේදයක්....!!
“ඒ බ්රෑන්ඩ් එක හැමෝම දන්න කියන එකක් වුණා. ඔව් ඒක හරි.... ඒ විදිහට හැමෝවම පිස්සු වට්ටපු කපල් එකට කවමදාවත් පිස්සු හැදුනේ නැද්ද...?” (මම පිළිගන්නවා, ඒක ඕනෙම නැති ප්රශ්නයක්.)
“අපිට කිසිම ප්රශ්නයක් තිබුණේ නෑ. හෝ ගාලා සල්ලි ගලාගෙන ආවා. ඒක පිස්සුවක්... පාට්නර් ගේ හීනේ.. සල්ලි හම්බකරන හීනේ.....”
“හ්ම්ම්ම්... ලක්ෂ ගාණක් ඉතින්... මාසෙකට... අහන් එපා ඒ ගැන.... මම ආස නෑ මතක් කරන්නවත්...” ඈ කතාවේ ආපස්සට හැරුණා. හැබෑටම මොකද්ද නවත්තපු තැන.....?
“ඒ පිස්සුවට අමතරව තිබුණු එකම පිස්සුව, කන්සෙප්ට් හොයන පිස්සුව... අපි අපේ වොයිස් එළියට යන්නේ නැතිවෙන්න වග බලාගත්තා. ඒවාට ඉෆෙට් දැම්මා. ඊළඟට අපේ මූණු බ්ලර් කළා. ඒවා මහා ලොකු වැඩ නෙවෙයි ඉතින්... සාමාන්ය යෙන් අපේ ටෙලි ග්රාමා එක ටිකක් විතර අමුතු එකක්... අපිට ඕනි වුණේ අනිත් හැම එහෙකටම වැඩිය වෙනස් දෙයක් කරන්න. පස්සෙ එක එක උන් අපිව ෆලෝ කරන්න, කොපි කරන්න ගත්තා. ඒත්.... අපිට වෙනම සෙට් එකක් හැදිලා හිටියා...” ඈ ඒ තැන් සිහි ගන්වනවා. ඒක කොහෙත්ම ගෞරව සම්පන්න හැඟීමක් නෙවෙයි.
“කොහොමද කතාව අහවර වෙන්නේ...?” මම විදුලි පංකාව දිහා බැලුවා. ලස්සන “ගැහැනු පරාණයකුත්” මං වගේම ඒ දිහාවේම ඇහැ අලෝගෙන හිටියා.
“අපි අපේ චැනල් එක ප්රමෝට් කළේ ඉන්ස්ටග්රෑම් එකවුන්ට්වලින්. ඒත්.... මොකද්දෝ අවාසනාවකට අපි මාට්ටු වුණා අපේ ළඟම උන්ට, අපිව හොඳින්ම දන්න අඳුනන උන් අපේ එක ෆොටෝ එකකින් අපිව දැන අඳුනගත්තා. ඊට පස්සෙ වෙච්ච දේවල් මතක් කරන්න මම ආස නෑ.... උන්ගේ භාගයක් උන් අපිට එළෝව එළෝව පහර දුන්නා. මඩ ගැහුවා, ලැජ්ජ කෙරුවා....... තවත් උන් උපදෙස් අනුශාසනා දෙන්න ගත්තා. ඇත්තම දේ තමයි අපිට මොකෙක්වත් හිටියේ නෑ. අපි තනිවුණා. මම මැන්ටලී ගොඩක් අප්සට් වුණා....”
“ඊළඟට අපිට හම්බ වෙන්නේ ඩිප්ප්රේෂන්-කාරියක්...?”
“පාට්නර්-ට කලින් මමයි තීරණය කළේ මේ වැඩෙන් ඈත් වෙන්න. මොකද අයියේ සල්ලි කන්දක් ගොඩ ගැහුවත් වැඩක් නෑ තමන්ගේ ආත්ම ගරුත්වය විකුණලා දාලා..... ඒක මම එයාට කියා දෙන්න සෑහෙන උත්සහා කළා. අන්තිමට එයා ඒක තේරුම් ගත්තා. අපේ ඇත්ත ෆොටෝ දෙක තුන එහෙන් මෙහෙන් ෆේස්බුක් පේජ්වල දුවන්න ගන්නකොට... සමහරු ඒවාට කවි සිංදු ලියලා, මඩ ගහලා දානකොට..... මම තේරුම් ගත්ත දේ, මම ගණිකාවක් බවට පත්වෙලා ඉවරයි. කවුරු කොහොම කිව්වත්, වෙනසකට තියෙන්නේ මම මගේ මූණ නොපෙන්වා කොණ්ඩ ගස්වලින් වහගත්තු එක විතරයි. එහෙම නැත්තම් බ්ලර් කරපු එක විතරයි..... මගේ දිහා බලලා, මගේ පින්තූර එකතු කරලා පිරිමි එකාලා ඕනෑ හැටියට සතුටු වෙන්නැති. මම ඒක දන්නවා....” වට්ස්ඇප් එකේ “සිග්නල් කණු” අස්ථානගත වුණා. ටිකකින්... හරියටම පෑ භාගයකින් ඈ ආයෙම දුරකථනයට කඩා වැදුණා.
“එතකොට.. එදා සහ අද නිෂූ වෙනස් වෙන්නේ කොහොමද?” මම ඇහුවා.
“එදා කෙනා හිතුවක්කාරියක්.. කී දේ අහන් නැති එකියක්.. හිතු මනාපෙට වැඩ කරපු. ඒකිට ඕනි වුණා හිතේ හැටියට රඟ දක්වන්න. ඒකි ඒකිගේ නිරුවත පෙන්නුවා ලෝකෙටම. (තාමත් ලෝකයා ඒක බලමින් ඉන්නවා.) ඒත් අද ඒකි කොයි තරම් වෙනස්ද? පාට්නර් යි මම යි තීරණය කළා ලංකාව දාලා එන්න... ඒක අමාරුවෙන් ගත්ත තීරණයක්. අපිට තවදුරටත් ලංකාවේ ඉන්න පුළුවන් වාතාවරණයක් තිබුණේ නැහැ. ඒ වෙනකොටත් අපි චාටර් වෙලායි හිටියේ.. අපේ අම්මලා පවා කතන්දර ඇහුවා. එකම දේ... මට ආපස්සට යන්න පුළුවන් වුණා නම් මම ප්රයිවට් කැම්පස් එහේක කෙල්ලක් විදිහට මීටරෙන් ඉන්න තිබ්බා... පාට්නර් එක්ක අර කරපු අසික්කිත දේවල්වලට මම දැන් ආස නෑ....”
“එතකොට දැන් ඒ රැඩිකල් ගැහැනිය නැහැ...?”
“මම දැක්කා රැඩිකල් ගැහැනියක්, ඒ මගේ අම්මා. මගේ හැමදේම දැනගෙනත්, ඒ රැඩිකල් ගැහැනිය එයාපෝර්ට් එකේදිත් මගේ ඔලුව ඉම්බා, මට ආශිර්වාද කළා. මම සෙල්ලම් කළේ මගේ ආත්ම ගරුත්වයත් එක්ක. මම කෙල්ලෙක් කියන එක සම්පූර්ණයෙන්ම අමතක කරලා මගේ මගේ ආත්මේ විකුණුවා අමුවෙන්ම. ඒක මට තේරුම් යද්දි හැමදේම වෙලා ඉවරයි. සල්ලි අහස උසට තියනවා වුණත්, වීඩියෝවලට කන්සෙප්ට් හොයපු කාලේ කැම්පස් ලෙච්චස් ඉවර කරගත්ත නම් හොඳයි කියලා මට හිතුණා...” ගැහැනිය නවතිනවා. ඈ හරියට නෞකාවක් වගේ මුහුද මැද නතර වෙලා හූල්ලනවා. දිගු සුසුම් වරුසාවල් ඒ දිහාවට එන්න ගන්නවා. සිතිජ ඉම රක්ත වර්ණිත වෙනවා.
“ඇයි මේ කතාව අපිට කියන්න හිතුනේ...?”
“මායි පාට්නර් යි ආයෙම ලංකාවට එන එකක් නෑ කවදාවත්.... මොකද්දෝ හේතුවකට මට ඕනි වුණා මගේ ඔලුව නිදහස් කරගන්න.! ඒකයි මම ඒක කියන්න හිතුවේ. මම කැමති නෑ කිසිම කෙල්ලෙක් මං ඉන්න තත්ත්වේට වැටෙනවට. අපි වීඩියෝ කරන දවස්වල හිතුවේම මේක තමයි ෆන්ම වැඩේ, ආතල්ම වැඩේ කියලා. මාසෙට ලක්ෂ ගණන් අතට එනකොට, හොඳම තැන්වලින් ෂොපිං කරන්න යනකොට, කෝටියක වාහනයක් පදිනකොට, දෙයියනේ!! අපි හිතුවේ කවදාවත් මේක අත අරින්න හොඳ නැති මේ ලෝකේ හොඳම ජොබ් එක කියලයි... ඒත්... ඒ ජොබ් එක නිසා මට මගේ ආත්ම ගරුත්වය නැති වුණා. කෝටියක් දුන්නත් මට ඒක හදාගන්න බැරිවෙයි. මගේ අම්මගේ පළිඳු වෙච්ච හිත පිළිසකර කරන්නත් බැරිවෙයි....!! මම මගේ පාට්නර් ව විශ්වාස කරන් නෑ. කවුද දන්නේ..? එයත් හෙට අනිද්දා යන්න පුළුවන්. මම දැන් විශ්වාස කරන්නේ මාවම විතරයි.. ජීවිතේ අවිනිශ්චිත දෙයක්. මම ඒක දැන් තේරුම් අරන් ඉන්නේ.....”
ඒ පුදුම සහගත කතාව අවසාන වෙන තැනට ආවා. මම නුගේගොඩ කලර් ලයිට් එක ගාවින් අනිත් පැත්තට හැරුණා.
“කතාව ඉවරයි..?”
“අනේ පුළුවන් නම් ඕක දාන්න. හැබැයි වඳින්නම්...!! අර කියන බ්රෑන්ඩ් නේම් එක ගාවන්නවත් එපා...!! මට ඕනි වුණේ මගේ හිත නිදහස් කරගන්න.. ඊටත් වඩා මගේ කතාව ආදර්ශමත් එකක් නෙවෙයි කොහොමත්... ඒක මහා ගොබ්බම කතාවක්... ඔයාට පුළුවන් නම් ඒකට අඩුම කුඩුම එක්කහු කරන්න.. මම ලස්සන වචන-වලින් කතා කියවන්න දන් නෑ. ඔය කිව්ව ටිකත් අමුණගත්තේ අමාරුවෙන්.......”
ඇමතුම අවසන් වුණා. ඒ තාක් වෙනකන් “ලෑන් ලයින්” එකටත්, “වට්ස්ඇප්” එකටත් ඕනෑ හැටියට “වදබන්ධන” දුන්නු නාඳුනන්නීය, සඳහටම මේ ඉසව්වෙන් නික්මුණා. තාමත් ඒ පුදුම සහගත කතාවේ එක එක තැන්වල ඇවිදින්න ගන්න මට ඒ “කතාකාරිය” ගැන අනුකම්පා හිතුණා.
ඈත් අනිවාර්යෙන්ම මේ කතාව කියවන්න ඇති....!!
සීරියස්ලී!! දැන් ඇගේ හිත නිදහස් ඇති...!!
(මෙම කතාවේ එන නම් ගම්, ඔවුනොවුන්ගේ පුද්ගලිකත්වය තකා වෙනස් කර ඇති බව කරුණාවෙන් සළකන්න.!)