Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Feb
24
"එක දවසයි මට එන්න බැරි වුණේ මාරයා ඇයව අරන් ගියා…මංගල සාරියත් ඇඳගෙන එදා එයා සමනලියක් වගේ" අකාලයේ මරු තුරුළට ගිය කොළඹ සරසවියේ කථිකාචාර්යවරිය...

- "එක දවසයි මට එන්න බැරි වුණේ මාරයා ඇයව අරන් ගියා…මංගල සාරියත් ඇඳගෙන එදා එයා සමනලියක් වගේ" අකාලයේ මරු තුරුළට ගිය කොළඹ සරසවියේ කථිකාචාර්යවරිය...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5 Views

ඇගේ නම බෝගමුව ආරච්චිගේ ලක්මිණි චුලොත්මා ය. ඇය උපන්නේ 1997 ජූලි 1 වැනිදාය. ලක්මිණිගේ පියා කථිකාචාර්ය චන්ද්‍රසිරි බෝගමුවයි.


“චුලොත්මා කියන අමුතු නම කොහොමද හොයා ගත්තේ?” මම මුලින්ම අසා සිටියෙමි.

“ශ්‍රී ලංකාවට මැණිකක් කියන අර්ථයෙන් තමයි මම ලක්මිණි කියා නම තිබ්බේ. ඉතුරු අකුරු ටික මම සෝමවීර සේනානායකට පෙන්නුවා. සෝමවීර තමයි කිව්වේ චූල කියන්නේ කුඩා කියන තේරුම කුඩා උත්තමාවියක් කියන අර්ථය තියෙන ‘චුලොත්මා’ කියන නම තියන්න කියලා''මගේ දුව ලක්මිණි චුලොත්මා නමේ අර්ථය වගේම රටටම වාසනාවන්ත චරිතයක් වුණා.

ලක්මිණි මුලින්ම පාසල් ගොස් ඇත්තේ කෝට්ටේ ආනන්ද බාලිකා විදුහලටය. අපොස සාමාන්‍ය පෙළ ඉහළින්ම ලෙස සමත් වීම නිසා ඇයට කොළඹ විශාඛා විදුහලේ දොර විවර විය. ඇය උසස් පෙළ හදාරන අතර ධර්මාචාර්ය විභාගය ඉහළින්ම සමත් වූ අතර ඇය උගත් දහම් පාසලේම ගුරුවරියක ලෙස ස්වේච්ඡාවෙන් සේවය කළාය. 2016 දී උසස්පෙළට පෙනී සිටි ඇය 2018දී විශ්වවිද්‍යාලීය ජීවිතය අරඹා 2022 උපාධිධාරිනියක බවට පත්විය. ඇය ඉන්පසු කෙටි කලක් විදුර විද්‍යාලයේ ඉංග්‍රීසියෙන් පුරවැසි අධ්‍යාපනය ඉගැන්වූවාය. ඇය 2023 දී කොළඹ විශ්වවිද්‍යාලයේ සහකාර කථිකාචාර්ය ධුරයකට පත්වූවාය.

කථිකාචාර්ය චන්ද්‍රසිරිගෙන් අප ඊළඟට අසා සිටියේ ඔහුගේ පාසල් දිවිය ගැනය.

මම තලාහේනේ ගමේ ඉස්කෝලෙන් සාමාන්‍ය පෙළ ඉහළින්ම සමත් වුණාම මට කොළඹ රෝයල් එක හම්බ වුණා. දවස් දෙක තුනකින් මට රෝයල් ජීවිතේ එපා වුණා. මම ඇතුළු වුණා කොළඹ ආනන්දෙට. මගේ පන්තියේ තමයි චිත්‍රපට නිෂ්පාදක ප්‍රීතිරාජ් වීරරත්න, නවරත්න බණ්ඩාර, මොහාන් ලාල් ග්‍රේරෝ, යූ ආර් ද සිල්වා වගේම සිදත් වෙත්තිමුනි හිටියෙ.

“ලක්මිණි අධ්‍යාපනය ගැන මොන වගේ උනන්දුවකින් ද හිටියේ?” මම අසා සිටියෙමි.

“හැමෝම කතා කරන්නේ දුවෙක් දොස්තර කෙනෙක් කරන්න. එහෙම හීනයක් අපිට නම් තිබ්බේ නැහැ. ශිෂ්‍යත්වෙට බල කළෙත් නැහැ. එයා සැහැල්ලුවෙන් ජීවිතය ගත කළේ. සමස්ත ලංකා තරගවලින් පවා ජයග්‍රහණය කරලා තියෙනවා. දුව හොඳ ඉංග්‍රීසි නිවේදිකාවක්.”ලක්මිණිගේ පෙම්වතා වූයේ චතුරය. දෙදෙනාගේ හමුවීම ගැන අනතුරුව මම ඇසුවෙමි.

“අපි දෙන්නම එකම දහම් පාසලේ. මම ලක්මිණිට මුලින්ම ආදරය ප්‍රකාශ කළේ 2022 ජූලි 1 වැනිදා කේක් එකක් එක්ක මල් බොකේ එකක් ඇයට දීලා. මේක අපි දෙන්නගෙම ෆස්ට් ලව් එක.”

“දැන් එතකොට බඳින්න දින නියම කරගෙනද තිබුණේ?” මම අසා සිටියෙමි.

“කේන්දර බැලුවම මට වයස විසිනවය පහුවෙන්න ඕන කිවුවා. අගෝස්තු මාසයේ තමයි වෙඩින් එක ගන්න ලෑස්ති වුණේ. අපි පෙම්වතුන්ගේ දවසේ හමුවෙද්දිත් වෙඩින් එක ප්ලෑන් කරන හැටි ගැන කතා කළා.”ලක්මිණි අධ්‍යාපනයට උපන් හපන්කමක් ඇති තරුණියක වූවාය.

2017 වර්ෂයේ කොළඹ විශ්වවිද්‍යාලයේ පැවති උපාධි ප්‍රදානෝත්සවයේදී පදක්කම් ද්විත්වයක් සහ ශිෂ්‍යත්වයක් ලබා ගනිමින් කණ්ඩායමේ හොඳම ශිෂ්‍යාව වූ ඇය කොළඹ විශ්වවිද්‍යාලයේ නර්තනයට ගායනයට වාදනයට දක්ෂ ශිෂ්‍යාවක ද විය.

ආනන්ද බාලිකා විද්‍යාලයෙන් සහ කොළඹ විශාඛා විද්‍යාලයෙන් ඉගෙනුම ලබා කොළඹ විශ්වවිද්‍යාලයට තේරී 2017 වර්ෂයේ පැවති උපාධි ප්‍රදානෝත්සවයේදී අන්තර්ජාතික සබඳතා පිළිබඳ විශේෂ දක්ෂතා දැක්වූ ශිෂ්‍යාවට හිමි අමරා මොහොට්ටි අනුස්මරණ කුසලානය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ මහාචාර්ය ෂෙල්ටන් කොඩිකාර විශේෂ සම්මානය මෙන්ම ජාත්‍යන්තර සිවිල් සේවකයන්ගේ සංගමය මඟින් ලබා දුන් ශිෂ්‍යත්වයද හිමිකම් කීමට ද ඇය සමත් වූවාය.

ඇය සේවය කරමින් සිටියේ කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ ජාත්‍යන්තර සබඳතා අධ්‍යයනාංශයේ සහකාර කථිකාචාර්ය ලෙසය. ඇගේ අධ්‍යාපන ජීවිතයට ප්‍රබල බලපෑමක් කොට ඇත්තේ දහම් පාසලය. අප මේ ගැන තලවතුගොඩ ගනේලන්ද සිරි නන්දාරාම විහාරය, ශ්‍රී ගැමුණු දහම් පාසල, ප්‍රධානාචාර්ය මොරාවත්තේ ධම්මිත්තර හිමියන්ගෙන් අසා සිටියෙමු.

ලක්මිණි දියණිය ශිෂ්‍යාවක වගේම මේ වන විට ගුරුවරියක වශයෙන් අපේ දහම් පාසලට විශාල ආලෝකයක් එක් කළ දියණියක්. ඇය කුඩා කාලයේ මව සමඟ දහම් පාසලට පැමිණ අධ්‍යාපන කටයුතුවල නියැළුණා සේම අපගේ දහම් පාසලට විශාල වශයෙන් ගෞරවයක් කීර්තියක් ගෙන දුන් කෙනෙක්. දහම් පාසලට කථික තරගවලින් ජයග්‍රහණ රැසක් අත්කර දීමට මේ දියණිය සමත් වුණා. අප ඇය දැඩි සත්කාර ඒකකයේ සිටියදී පවා පිරිත් කියමින් ඇයට නීරෝගී සුවය ප්‍රාර්ථනා කළා.

මේ දියණිය විවිධ දක්ෂතා ඇති කෙනෙක්. කිසිම කෙනකුගේ සිත රිද්දන්නෙ නැතුව අධ්‍යාපනය හැදෑරුවා වගේම අවසානයේදී අපේ දහම් පාසලේම ගුරුවරියක වී දරුවන්ට ධර්ම අධ්‍යාපනය ලබාදීමට කටයුතු කළා. එය ඇයගේ නම සේම ඇය මිණි පහනක් වූවා. නමුත් ඇයගේ රූපය ගිලිහුණත් නාමය කිසිදා ගිලිහෙන්නේ නැති බව මතක් කරන්න කැමතියි.
ලක්මිණිගේ ජීවිතයේ ඉරණම විසඳෙන දිනය එළඹෙන්නේ පෙබරවාරි 16 වැනි සිකුරාදාය.

“එදා මුකුත් විශේෂත්වයක් ලක්මිණිගේ දැක්කේ නැත්ද?” මම පියාගෙන් අසා සිටියෙමි.

“ලක්මිණි දුව වැඩට යන්න කලින් කරන ප්‍රධාන දේ තමයි අම්මටයි තාත්තටයි වඳිනවා. එදත් උදේ විශේෂත්වයක් නැහැ අපි දෙන්නට වැන්දා. මම බුදු සරණයි කියල කිව්වා. පයින්ම වික්‍රමසිංහපුර හන්දියට ගියා. පැයකින් විතර අපි දන්න වික්‍රමසිංහපුර හන්දියේ ත්‍රීවීල් එකක් ඇවිත් දුවගේ ෆෝන් එකයි බෑග් එකයි දුන්නා. දුව ඇක්සිඩන්ට් වුණා, තලවතුගොඩ ඉස්පිරිතාලෙකට ඇතුළු කළා කියලා. මම ඒ ත්‍රීවිල් එකේම නැගල ඉස්පිරිතාලෙට ගියා.”මේ අනතුර ඇසින් දැක ත්‍රිරෝද රථයට ලක්මිණිව ඔසොවා දැමූවේ රංජිත් ලලිත් ය.

“ලක්මිණි මිස් එදා ටීෂර්ට් එකක් ඇඳල කලිසම ඇඳල හිටියේ. බස් පාරේ ඈතින් බස් එකක් ආවා. මිස් රෝන්ග් සයිඩ් පාර පැන්නා, දකුණු පැත්තේ වාහන එනවද බලන්නෙ නැතුව. කහ ඉර පේන දුර. එක පාරටම මිස්ව වැදුණා ලොරියක. විසිවෙලා ගිහිල්ල පේමන්ට් එකේ ඔළුව වැදුණා. අපි කට්ටිය උස්සල ත්‍රිවීල් එකට දැම්මේ. එතකොටත් නහයෙන් ලේ ඇවිල්ල තිබුණා. කිසි කතාබහක් කළේ නැහැ. එහෙම්මම ගෙනිච්ච තලවතුගොඩ හේමාස් එකට.”

ලක්මිණි ඉන්පසු ඇතුළු කරන්නේ කොළඹ මහ රෝහලටය. දහවල් 12.10ට ලක්මිණිව සවි කර තිබූ යන්ත්‍රවලින් සටහන් වූයේ ඇය මෙලොව හැර ගිය බවය. ඇය මෙලොව හැර යන විට ඇගේ පෙම්වතා වූ චතුර ඇය අසලට වී ඇගේ හිස පිරිමදිමින් සිටීම බලා සිටි හෙදියන්ගේ හද කකියවන දසුනක් වී ඇත. ඇයගේ ශරීර කොටස් දන් දෙන්න ආසාවෙන් ඇය හිටියත් ඇයගේ මොළය අක්‍රිය වීමෙන් එම ශරීර කොටස්වලට බලපෑමක් ඇති බව වෛද්‍යවරුන් කළ නිර්දේශය නිසා ඇයගේ ශරීර කොටස් දන්දීමට නොහැකි විය.

ලක්මිණිගේ අවමංගල උත්සවයේදී මහාචාර්ය පැට්‍රික් රත්නායක පැවැත්වූ කතාව සුවිශේෂ එකක් විය.

''ලක්මිණි දුව හැදුණු වැඩුණේ මගේ දරුවොත් එක්කමයි. ඒ තරමටම අපේ පවුල් සමීපයි. මම බලාගෙන හිටියේ සවස් වේලාවක චන්ද්‍රසිරිත් එක්ක මේ දියණිය ඇවිත් මට මංගල අයදුම්පත දෙනකම්. මම මංගල පෝරුව ඉදිරිපිට කරන්න හිතාගෙන හිටපු කතාවක් අද මේ සමනලියක් වගේ ඉන්න දියණියගේ දේහය ඉදිරිපිට කරන්න සිදු වුණා. මම කියන්නේ මේක තමයි ඇයගේ මංගල අවස්ථාව. මම මේ කරන්නේ මංගල කතාව; ඇයගේ මංගල ගමන. ඇයට චතුර අරන් දීපු මංගල සාරියත් ඇඳගෙන ඇය සමනලියක් වගේ අද මේ දෑස් පියාගෙන ඉන්නවා. එක පැත්තකින් ඇයගේ මනාලයා චතුරත් ඉන්නවා. මවුපියොත් ඉන්නවා. මේක තමයි ඇයගේ මංගල ගමන. දෙවියෝ චන්ද්‍රසිරිට දුන්න දුව දෙයියෝ අරන් ගියා. ඇත්තටම මට මේ වියෝව දරාගන්න බැරි දෙයක්. අපි එක පවුලක් වගේ හිටියේ. ලක්මිණි දුව චන්ද්‍රසිරිට කියලා තිබුණා සෝමරත්න දිසානායක මහත්තයාගේ නෝනට හරි කියලා චිත්‍රපටයක සුරංගනාවියකගේ චරිතයක් රඟපාන්න ආසයි කියලා. මම ඒක දැනගත්තේ මේ ළඟදි.''

 
ලක්මිණිගේ නිසල දේහයට ගෞරව දක්වන්න පැමිණි බොහෝ දෙනකු එහි චතුර සිටිනු දැක අසා ඇත්තේ එහි චතුර කුමක් කරනු ඇතැයි ද කියාය.

“මට අන්තිමට තේරුම් කරලා දෙන්න වුණා මේ මගේ පෙම්වතිය කියලා. මම මගේ වාහනයෙන් ලක්මිණිව කැම්පස් එකට ගෙනිහිං බස්සනවා. එදා මට එන්න බැරි වුණා.”

“චතුර වෙඩින් ප්‍රී ෂූට් එකක් කළා කියන්නේ ඇත්තද?”

“නෑ නෑ ජූලි මාසේ තමයි වෙඩින් එක ගන්න හිටියේ. ප්‍රී ෂූට් එකකට මමම මස්සවලා ගෙනාපු ඇඳුමක් තමයි ලක්මිණිගේ බොඩි එකට අන්දවලා තිබුණේ.”අපි දෙන්නා දැන අඳුන ගත්තේ තලවතුගොඩ දහම් පාසලේදී. ආරම්භය දීර්ඝ එකක්. දිනේ කියන්න බැරි තරම්. ඇය විවිධ දක්ෂතා තියෙන විශේෂයෙන් නර්තනයට බොහොම කැමැත්තක් දක්වපු ආදරණීය චරිතයක්. ඇයගේ මේ නැති වූ ආදරය මම කෙසේ ලබා ගන්නද. ඇයට තරහ යන්නේ නෑ. ප්‍රියමනාප විනෝදශීලි චරිතයක්.

මේ අම්මටයි තාත්තටයි එකම දියණිය නැති වුණා වගේම මට දයාබරිය නැති වුණා. අපි වෙඩින් එකට හැමදේම ප්ලෑන් කරලා තිබුණේ. මේ අවුරුද්දේ මැද වගේ වෙඩින් එක ගන්න බලාපොරොත්තුවෙන් හිටියේ. එයා කොහේ හිටියත් ආදරෙන් මගේ දිහා බලාගෙන ඉන්නවා ඇති. ඒ ආදරය හැමදාම මගේ හදවතේ තියෙනවා ඇති.

ලක්මිණි ගෙදරට සිටි පුංචි සුරංගනාවියක් වැනිය. ඇගේ මවුපියන් ඇය අමතා ඇත්තේ සුදු මැණික කියාය. ඇය දැන් යන්නටම ගොස් හමාරය.

ලක්මිණි අපේ දුවේ අදින් පසු සුදු මැණික කියන්නේ අපි කාටද. අපි දෙන්නගේ ජීවිතේ වුණු සුදු මැණික ගැන අපි කොච්චර බලාපොරොත්තු තියාගෙන හිටියද… අනේ අපි දෙන්නා දැන් කොහොමද ජීවත් වෙන්නේ? අපේ දුව නැතුව.

ලක්මිණිගේ මවුපියන් දෑස්වලින් ගලා හැලෙන කඳුළු කැට මැද්දේ නඟන මේ සෝසුම් වාතලය හරහා ශෝකීව කොතරම් ප්‍රතිරාව දුන්නත් ඒ සුරංගනාවිය ලක්මිණි චුලොත්මා නම් මේ ආත්ම භවයේ නම් නැවත මේ මවුපියන්ට දැකගන්නට හැකි වන්නේ නැත.
ඡායාරූප – දුෂ්මන්ත මායාදුන්නෙ
වජිර ලියනගේ
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top