සනත් නිශාන්ත හිටපු රාජ්‍ය අමාත්‍යවරයාගේ මරණය සැලසුම් සහගත මිනීමැරුමක්ද? සාමාන්‍ය අනතුරකින් වූ මරණයක් ද යන්න කඩිනමින් සොයා බලා වැරදිකරුවන් සිටී නම් ඉක්මනින් දඬුවම් පමුණුවන ලෙස කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ජෝන්ස්ටන් ප්‍රනාන්දු අද පාර්ලිමේන්තුවේ දී සදහන් කර සිටියා.
සනත් නිශාන්තගේ මරණය පිළිබඳ සැකයක් තිබෙන බව කී ජෝන්ස්ටන් ප්‍රනාන්දු එතුමාගේ බිරිඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක් ඉදිරිපත් කරන්නේ ඒ සැකය තිබෙන නිසා බවත් සඳහන් කළේය.
සමාජ මාධ්‍යයේත් මේ පිළිබඳ කතිකාවතක් ඇතිවී තිබෙන බව සඳහන් කළ මන්ත්‍රීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැමූ පැමිණිල්ල ඉක්මනින් විභාග කොට එවැනි දෙයක් සිදුවී තිබේ නම් ඒ පිළිබඳ සොයා බලා ඔවුන් නීතිය හමුවට ගෙනවිත් දඬුවම් පැමිණවිය යුතු බවද කීය.
හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ අභාවය පිළිබඳ ශෝක යෝජනාවේ අදහස් දක්වමින් ජෝන්ස්ටන් ප්‍රනාන්දු මේ බව පැවසීය.