Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Feb
19
ඔබත් ගැබ් ගත්තාද කියලා කල්තියා හරියටම දැනගන්න පුළුවන්... ඒ ගැන හඟවන ලක්ෂ 10ක් මෙන්න..

- ඔබත් ගැබ් ගත්තාද කියලා කල්තියා හරියටම දැනගන්න පුළුවන්... ඒ ගැන හඟවන ලක්ෂ 10ක් මෙන්න..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

20 Views

ඕනම කාන්තාවක් විවාහපත් වුණාට පස්සේ පෙරුම් පුරන්නේ අම්මා කෙනෙක් වෙන්න නේ..

ඒ කිරි සිහිනය වෙනුවෙන් ඕනම කාන්තාව ගොඩක් දුක් උහුලනවා..


ඉතින් ඒ කාලයේදී කාන්තාවක් ගොඩක් පරිස්සම් වෙන්න ඕන.. ඔබ ගැබ් ගැනීමක් සිදුවී ඇත්ද යන්න කල්තියා දැනගන්න එක ඒකට ගොඩක් වැදගත්.. මේ කියන්න යන්නේ ඒ ගැන කතාවක්...


අපි කවුරුත් ගැබ්ගත් බව අඟවන ලක්ෂණ කීපයක් තියෙනවා. පීරියඩ්ස් නවතින එක. පියයුරු මෘදු වෙන එක සහ හැම වෙලේම මහන්සි දැනෙන එක.

ඒත් ගැබ්ගත් කාන්තාවන් මේවාට වඩා වෙනස් අත්දැකීම් වලට මුහුණ දෙනවා. නමුත් මේවා ගැන අනිත් අයට කියනවා අඩුයි. ඔබ මේ ලක්ෂණ දැනන් සිටින එක නුවණට හුරුයි කියලා අපි හිතුවා.

1. අමුතු ජාතියේ දෙයක් පිට වීම

බොහෝ කාන්තාවන් යෝනි විසර්ජනය හෙවත් සුද පිටවීම අත්වින්දත් ඔබ ගැබ්ගෙන ඇත්නම් මෙය ටිකක් වෙනස් ආකාරයකට අත් විඳින්න වෙනවා. මේ ඇලෙනසුළු, සුදු හෝ ලා කහ පාට සොටු වැනි ශ්‍රාවය මුල් මාස තුනේදී හෝ ඇතැම් විට මුළු ගර්භණී කාලය තුලම පවතින්න පුලුවන්.

මෙය ඔබේ ශරීරය විසින් සිදු කරන්නේ ගැබ්ගත් විට ඔබේ යෝනි මාර්ගය මෘදු වන නිසා යෝනි මාර්ගයේ ආසාදන ඇති වීම වලක්වන්නයි. බොහෝ කාන්තාවන් මෙය සඟවනවා. නමුත් මේ ශ්‍රාවය නිසා ඔබේ පෞද්ගලික ප්‍රදේශයෙන්;
- දුගඳක් පිට වෙනවා නම්
- දැවිල්ලක් ඇති වෙනවා නම්
- නිතරම කසනවා නම්
- ශ්‍රාවය කොල පැහැති කහ පාටක් නම්
- ශ්‍රාවය ඝන හෝ වතුර වගේ පිටවෙනවා නම් මෙය ආසාදනයක ලක්ෂණයක්. මේ ගැන ඔබ අනිවාර්යයෙන්ම ඔබේ වෛද්‍යවරයාට පැවසිය යුතුයි.

2. ඇඟ රත් වෙන්න ගන්නවා

සාමාන්‍යයෙන් ඩිම්බයක් මුක්තවූ පසු ඔබ උදේ අවදිවන විට ඔයාගේ ශරීර උෂ්ණත්වය ටිකක් ඉහල යනවා. මේ තත්වය ඔයාට ඊළඟ පීරියඩ්ස් වෙන තෙක් තියෙනවා. නමුත් මේ තත්වය සති 2කට වඩා තියෙනවා නම් ඔබ ගැබ්ගෙන වෙන්න පුළුවන්. මේ වෙලාවට ප්‍රෙග්නන්සි ටෙස්ට් එකක් කරන එක තමා නුවණට හුරු.

3. හිසරදය, මස් පෙරළීම සහ නිතර මුත්‍රා කිරීම

ඔබේ ශරීරයේ සිදුවන හෝමෝන වෙනස්වීම මේ හිසරදයට හේතු වෙනවා. සමහර කාන්තාවන්ට යටිබඩ දෙපැත්තේ මස් පෙරලීම් සිදු වෙනවා. බොහෝ කාන්තාවන්ට නිතරම මුත්‍රා බර ඇති වෙනවා. මෙය සිදුවන්නේ ඔබේ ගර්භාශය වැඩෙන නිසා ගර්භාශය විසින් මුත්‍රාශයට පීඩනයක් ඇති කරන නිසයි.

4. කාමරයම කැරකෙනවා වගේ දැනීම

ගැබ්ගත් කාන්තාවන්ට කරකැවිල්ල, ක්ලාන්තය කියන තත්වයන් බොහොම සාමාන්‍ය කාරණයක්. මේ තත්වය ඇති වෙන්නේ ගැබ්ගත් විට ඔබේ රුධිර පීඩනය අඩු වෙන අතර රුධිර නාල පළල් වීමත් සමඟයි.

නමුත් ඔබ මේ ගැන බොහොම සැලකිල්ලෙන් ඉන්න ඕනේ. දැඩි ක්ලාන්ත තත්වය සමඟ ඇතිවෙන යෝනි මාර්ගයෙන් ලේ ගැලීම, බඩේ කැක්කුම ඇතිවෙනවා නම් මෙය ගර්භාශයෙන් පිට ගැබ් ගැනීමක් වෙන්න පුළුවන්. ඔබ අනිවාර්යයෙන් මේ වගේ තත්වයක් ඇති නම් ඔබේ වෛද්‍යවරයා හමුවිය යුතුයි.

5. මලබද්නය

මේ තත්වයත් බොහෝ කාන්තාවන් කියන්න අකමැති කාරණයක්. බඩ පිපීම, ආමවාතය පිටවීම ඒත් මලපහ නොවීම ශරීරයේ හෝමෝන වෙනස් වීමත් සමඟ ගැබ්ගත් කාන්තාවනට සිදු වෙනවා.

මෙය සිදු වෙන්නේ ඔයා ගන්නා ආහාරවල තියෙන යහගුණ සියල්ල අමාශය විසින් උරාගන්න ශරීරය විසින් ඔයාගේ ආහාර ජීර්ණය මන්දගාමී කරන නිසායි. මේ ආකාරයට ශරීරය විසින් ඔබේ කුසේ වැඩෙන සිඟිත්තාට ඔයා ගන්න ආහාර වල සියළුම පෝෂණය ලබා දෙනවා.

ඒත් මලබද්නයෙන් මිදෙන්න නම් තන්තු සහිත ආහාර, ඇති තරම් දියර වර්ග ඔබ ආහාරයට ගන්න ඕනේ. එයත් හරියන්නේ නැති නම් වෛද්‍යවරයා හමු වීම නුවණට හුරුයි.

6. ව්‍යාජ ආර්තවය

යන්තම් බ්ලීඩ් වෙන එක ගර්භනී සමයේ මුල් කාලයේ 25%ක් - 40%ක් අතර කාන්තාවන්ට සිදු වෙනවා. මෙය සිදු වෙන්නේ ඩිම්බය ගර්භාශ බිත්තියක ඇමිනුණු හෝ ඇලුණු විටයි. ඒත් මේ ලේ ගැලීම තදින් සිදු වෙනවා නම්, බඩ රිදෙනවා නම් ඔබ අනිවාර්යයෙන්ම වෛද්‍යවරයා හමුවිය යුතුයි. මෙය ගර්භාශයෙන් පිට ඩිම්බය සංශේෂණය වීම හෝ දරුගැබ නැතිවීම වගේ හේතු නිසා වෙන්න පුළුවන්.

7. හෙම්බිරිස්සාව, කැස්ස

අපි වැඩිය හිතුවේ නැති වුනාට කාන්තාවක් ගැබ්ගත් විට නිරන්තරයෙන් සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස සහ උණ ඇති වෙනවා. මෙය සිදුවෙන්නේ ගැබ්ගත් විට ප්‍රතිශක්තීකරණය පහල බසින නිසායි. මේ කාලයේ හිතුමතේ ඖෂධ ගැනීම ඔබ විසින් නොකලයුතුම දෙයක්. අනිවාර්යයෙන්ම වෛද්‍යවරයා හමු වීම කල යුතුයි.

8. පපුව දනවා

හෝමෝන වෙනස් වීම මේ කාලයේ සිදුවෙන දෙයක්. මේ හේතුවෙන් ආමාශය සහ අන්නස්‍රෝතය අතර ඇති නාලය බොහොම සැහැල්ලුවෙන් තමයි ඉන්නේ. ඉතින් ආමාශය විසින් නිපදවන ආමවාතය මේ නාලය දිගේ අන්නස්‍රෝතයට ලේසියෙන් ගමන් කරනවා. මෙය පපුවේ දැවිල්ලට හේතු වෙනවා.

මේ තත්වය වලක්වගන්න නිතරම කුඩා ප්‍රමාණයෙන් ආහාර ගන්න. නමුත් කාබනික බීම වර්ග, බැදුම්, දැවිල්ල ආහාර, ඇඹුල් පලතුරු සහ ඇඹුල් බීම ගැනීම නොකල යුතුයි.

9. දුක සතුට

කාන්තාවන්ට මේ තත්වය හරියටම හඳුනගන්න බැහැ වගේම අනිත් අයත් එක්ක කියන්න කැමති වෙන්නෙත් නෑ. හෝමෝන වෙනස් වීම නිසා මේ හැඟීමබර වීම් සිදුවෙනවා.

10. කටේ යකඩ රස

ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් ඉහලයාමත් සමඟ කටේ රසය ලෝහ වගේ රසක් ගෙනදෙනවා. මේකෙන් මිදෙන්න චුවින්ගම් එකක් හපන්න. සිසිල් බීම, ලුණු රසැති ස්නැක් වගේ ආහාරත් කටේ ඇතිවෙන මේ යකඩ රසය පරදන්න ඔබට ආහාරයට ගන්න පුලුවන්.

ඉතින් ඔබත් මේ වගේ ලක්ෂණ පෙන්වන්වා නම් ඔබ ගැබ්ගෙන ඇත්දැයි පරීක්ෂා කිරීමට වෛද්‍යවරයා හමුවීම කල යුතුයි.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top