පොල් ගෙඩියක් හිස මතට වැටීම හේතුවෙන් දින හතරක් රෝහල් ගතව ප්‍රතිකාර ගනිමින් සිටි 16 හැවිරිදි පාසල් සිසුවියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ගාල්ල - යක්කලමුල්ල - ඇළ ඉහළ ප්‍රදේශයේ පදිංචි මෙම පාසල් ශිෂ්‍යාව මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ අවමංගල්‍ය උත්සවයකට සහභාගිවීම සඳහා සිය පියා සමඟ වැලිහේන ප්‍රදේශයට ගොස් සිටියදියි.
අනතුරෙන් පසු ගාල්ල - කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ අතර පසුව ඇය ජීවිතයෙන් සමුගෙන තිබෙනවා.
මෙම සිසුවිය යක්කලමුල්ල - මාගෙදර ද්වීතියික පාසලේ 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ පාසල් ශිෂ්‍යාවක්.
අප වාර්තාකරු ප්‍රකාශ කළේ පොල් ගෙඩිය හිසට වැටීමට මොහොතකට පෙර ද යතුරුපැදියෙන් පියා සමඟ අවමංගල්‍ය නිවසට පැමිණි ඇය තම හිස් වැසුම පැළඳ සිට ඇති බවයි.