ඉතින් මේ කියන්න යන්නේ අන්න ඒ වගේ දුකෙන් කණගාටුවෙක් කාලය ගත කළ ඔබට සුබ පණිවිඩයක්..
සුදු කබර රෝගය (Leucoderma) සම්බන්ධව දැනුවත්භාවයක් ලබා ගැනීමේදී අප පළමුව අවබෝධ කරගත යුතු වැදගත්කම කරුණ වනුයේ මෙය රෝගියකුගෙන් තවත් පුද්ගලයකුට බෝනොවන චර්ම රෝගයක්.. ඒ නිසා රෝගියා ස්පර්ශ කිරීමෙන් හෝ පරිහරණය කරන භාණ්ඩ මගින් රෝගය තවත් අයකුට මතු වෙන්නේ නැහැ..
එසේ පැවසීමට සිදුව ඇත්තේ සුදු කබර රෝගයට ප්‍රතිකාර ලබාගැනීම සඳහා පැමිණෙන රෝගින් පවසන සංවේදී සිද්ධීන් අනුවයි..
සුදු කබර රෝගය නිසා තමුන් දැඩි ලෙසම පීඩාවට පවත්වන්නේ අන් අය දක්වන වැරදි ආකල්ප නිසා ඇති වන මානසික ආතතිය තුළින් යැයි ඔවූහු පවසනවා..
සුදු කබර රෝගය
සුදු කබර රෝගය ඇතිවීමට ප්‍රධාන වශයෙන්ම බලපා ඇත්තේ ජානමය හේතු කිව්වොත් හරි... ඒ නිසා යම් පරම්පරාවක සුදු කබර රෝගියකු හමුවූයේ නම් එම පරම්පරාවේ අන් අය ද මේ සම්බන්ධව වැඩි අවධානයක් යොමු කළාට එහි වරදක් නැහැ...
මෙය සිරුර තුළින් විසක් පිටදැමීමක් ලෙස ද සලකනු ලබනවා.. රුධිරයේ ඇතිවන විස සහිත බව මත සමට ඇතිවන බලපෑමෙන් සමේ වර්ණය වෙනස්වීමකට ලක්වී සුදු කබර රෝගය මතුවන බවට ද මතයක් පවතිනවා... සමට ගල්වන විවිධ ආලේප වර්ගවල අතුරු බලපෑමක් ලෙස ද සුදු කබර රෝගය මතුවන බවට තොරතුරු අනාවරණය වී ඇතත්, එබැවින් සුදු කබර රෝගය මතුවිමට බලපාන හේතු රැසක් ඇති බව අප වටහා ගත යුතුයි..
එසේම සුදු කබර රෝගය ඇතිවීමට ජානමය බලපෑම සහිත පවුල්හි පුද්ගලයන් සමට විවිධ ආලේප වර්ග දීර්ඝ කාලයක් ගැල්වීමේදී වැඩි සැලකිල්ලක් දැක්විය යුතුයි..
එවැනි පුද්ගලයන් සම මතුපිට සුදු පැහැති ලප මතුවී ඇති විට එය නැති කර ගැනීමට රූපලාවන්‍ය ආලේප ගැල්වීමට පෙර නිසි වෛද්‍ය පරීක්ෂාවක් සඳහා යොමු විය යුතුයි..
මන්දයත් මෙම සුදු ලප, සුදු කබර රෝගයේ මූලික ලක්ෂණ විය හැකිය. එසේම මෙම ලප අපට පහසුවෙන් සිරුරේ පෙනෙන ප්‍රදේශවල පමණක් නොව පිට, හිස, දෙපතුල්, කන් පෙති පිටුපස, බෙල්ල පිටුපස, ඉකිලි, කිහිලි ආදී ප්‍රදේශවල ද වර්ධනය වෙමින් තිබිය හැකිය. එබැවින් මුල් අවස්ථාවේදීම නිසි වෛද්‍ය පරීක්ෂාවක් මගින් මේ සියල්ල හඳුනාගත හැකියි..
සිරුරේ ඇතිවන සෑම සුදු ලපයක්ම සුදු කබර රෝගයට අදාළ නැත. නමුත් එම ලප මොනවාදැයි කියා නිශ්චිතව හඳුනා ගැනීම වැදගත්..
චීන කටු ප්‍රතිකාර
සුදු කබර රෝගයට චීන කටු ප්‍රතිකාර කරනු ලබන්නේ ‘ඉං’ සහ ‘යැං’ යන ප්‍රතිකාර ක්‍රමයට අනුවයි.. එහිදී ඉං සහ යැං හි සමතුළිත බව ඇති කරමින් සිරුරේ ප්‍රතිශක්තිය වර්ධනය කරනු ලබයි... ඒ සඳහා සුදු කබර රෝගයට බලපා ඇති නිල හඳුනාගෙන ඒවා තෙරපුමට ලක්කිරීම මෙම ප්‍රතිකාර ක්‍රමයේදී සිදු කරනවා..
සුදු කබර රෝගයේදී වඩා පීඩාවට පත් වන්නේ දෑත්, දෙපා, මුහුණ, බෙල්ල, දෙතොල් ආදී ප්‍රදේශවල රෝගය පැතිර ගිය විටදීය. මෙම පැතිරීම සඳහා බලපාන නිල ස්ථාන කිහිපයක් චීන කටු ප්‍රතිකාර ක්‍රමයේදී හඳුනාගෙන ඇති අතර එම නිල අතර Shanzhong, Lieque, Sanyinijiao, zusanli, Attacking the dragon යන ප්‍රධාන තැනක් ගනු ලබයි...
මෙම නිල ස්ථාන තෙරපුමට ලක්කිරීම මගින් එම ප්‍රදේශවල පැතිර ඇති සුදු කබර රෝගය පාලනය කිරීම සහ සුවපත් කිරීම කළ හැකියි...
ඒ සඳහා විශේෂ චීන කටු වර්ග භාවිතා කරනු ලබයි... තොල්, මුහුණ ආදී ප්‍රදේශවල සුදු කබර රෝගය පැතිර ඇති විට රෝගය සුවපත් කිරීමේදී එම ප්‍රදේශයේ සමෙහි ස්වභාවික පැහැය යළි මතු කළ යුතුය. එබැවින් ඒ සඳහා විශේෂ රූපලාවන්‍ය චිකිත්සාවන් ද සිදු කළ යුතු වෙනවා... එම ප්‍රතිකාර සඳහා ඉතා සියුම් චීන කටු වර්ග භාවිතා කළ යුතුයි... රන්, රිදී, තඹ, මැණික් වර්ග මිශ්‍ර කළ චීන කටු මේ සඳහා වැඩිපුර භාවිතා කරනු ලබයි...
එසේම නිල උත්තේජනය කිරීමේදී විද්‍යුත් උත්තේජක උපකරණ ද යොදා ගන්නවා... කිසි විටෙකත් රෝගියාට ඖෂධ වර්ග පානය කිරීමට ලබා දෙන්නේ නැහැ... මෙය චීන කටු ප්‍රතිකාර ක්‍රමයේදී ඇති විශේෂත්වයක්... එබැවින් මෙම ප්‍රතිකාර ක්‍රමයේදී අතුරු ආබාධ ඇති වන්නේ ද නැහැ.. ප්‍රතිකාර ලබා ගන්නා කාලයේදී ආහාර පානවලින් සැලකිලිමත් වීම ද වැදගත්... මත්පැන් වර්ග පානය සම්පූර්ණයෙන්ම අත්හැරිය යුතුය. සැර ආහාර වර්ග, ඌෂ්ණාධික ආහාර වර්ග ගැනීම නොකළ යුතුයි... නිතරම කොළ පැහැති ආහාර වර්ග, පලා වර්ග වැඩිපුර ආහාරයට ගත යුතුයි...
දිනපතා ජලය නිසි පරිදි පානය අත්‍යවශ්‍ය යි... එමගින් මුත්‍රා හොඳින් පිරිසිදු වෙනවා... එය මෙම රෝගය සඳහා ඉතා වැදගත්.. රසකාරක වර්ග යෙදූ ආහාර භාවිතය සීමා කළ යුතුයි..
සුදු කබර රෝගීන් දිනපතා උදෑසනට පැයක පමණ කාලයක් තම සිරුර හිරු එළියට නිරාවරණය කර සිටීම ගුණදායකය. ඒ සඳහා උදෑසන 10.00 පමණ දක්වා වූ කාලය තුළ පවතින හිරු එළිය සිරුරට හිතකරයි...
සුදු කබර රෝගයේදී බොහෝ දෙනා ප්‍රතිකාර සඳහා යොමු වන්නේ රෝගය සිරුර පුරා පැතිර ගිය විටදීයි.. එවැනි අවස්ථාවලදී ප්‍රතිකාර කිරීම සඳහා වැඩි කාලසීමාවක් ගත වෙනවා... එබැවින් මුල් අවස්ථාවේදීම මේ සඳහා ප්‍රතිකාර සඳහා යොමු වීමෙන් ඉතා ඉක්මනින් රෝගය සුවපත් කර ගැනීමට හැකියාව ලැබෙනවා..
දිවයින පුවත්පත ඇසුරෙන්...