ශ්‍රී ලංකාවටම ආවේණික ශාකයක් වන තැඹිලි ශාකය මේ වනවිට අප රටට ඩොලර් උපයා දෙන ප්‍රධාන ශාකයක් වෙමින් තිබෙනවා.
මෙතෙක් මෙරට තැඹිලි සඳහා අප රටේ මෙන්ම ලෝකයේ ද එතරම් අවධානයක් යොමු වී නොතිබුනු නමුත් මේ වනවිට මෙරට තැඹිලි සදහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුළ ඉතාමත් ඉහළ ඉල්ලුමක් පවතිනවා.
මාසයකට තැඹිලි කන්ටේනර් 200ක් එරටට අපනයනය කෙරෙමින් පවතී.
එසේ වුවත් මෙතෙක් වැවිලි බෝගයක් වශයෙන් නොව ගෙවතු වගාවක් ලෙස සිදු කෙරෙන තැඹිලි වගාව පළමුවරට අපනයනය ඉළක්ක කර ගත් වගාවක් ලෙස වගා කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය ඊයේ (14 ) පියවර ගත්තා.
ඒ අනුව ලංකාවේ ප්‍රථම තැඹිලී වගා ආදර්හ ගම්මානය ලෙස මුරුතවෙල ඉහළ ප්‍රදේශය සංවර්ධනය කිරීමේ කටයුතු කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා.
නියමු ව්‍යාපෘතියක් වශයෙන් ප්‍රථමයෙන් තැඹිලි පැළ 1500ක් මෙම ප්‍රදේශයේ ගෙවතු ආශ්‍රිතව රෝපණය කෙරෙනවා.