පළාත් කිහිපයකට අද පස්වරු 1න් පමණ පසු මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි අකුණු අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු මැද, දකුණ, ඌව පළාත්වල සහ මන්නාරම, වවුනියාව, අම්පාර, මඩකලපුව දිස්ත්‍රික්කවල අද සවස 1.00 න් පමණ පසුව ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ ඉහළ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ගිගුරුම් සහිත වැසි සමඟ එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවද සඳහන්. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. මේ අතර, දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ඊයේ පස්වරුවේ තද වැසි ඇදහැලී තිබුණා.
වැල්ලවාය ප්‍රදේශයට බලපෑ වර්ෂාවෙන් නිවාස 25ක් පමණ ජලයෙන් යටවුණා. බගවන්තලාව සහ නෝර්වුඩ් ප්‍රදේශවලට බලපෑ අධික වර්ෂාව සහ තද සුළං හේතුවෙන් වතු නිවාස කිහිපයකට හානි සිදුව තිබෙනවා. එසේම බගවන්තලාව පුලියාවත්ත හොන්සි වතුයායේ ඉහළ කොටසේ පිහිටි වතු නිවාස පෙළකට අධික සුළං හේතුවෙන් විශාල මාර ගසක් කඩා වැටී තිබුණා.