නිල්වලා ගඟේ ජල මට්ටම ඉහළ ගොස් තිබෙනවා...
මේ හේතුවෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් ප්‍රදේශ කිහිපයකට සුළු ගංවතුර අවදානමක් නිකුත් කර තිබෙනවා...
ඒ පස්ගොඩ, කොටපොළ, පිටබැද්දර, අකුරැස්ස, අතුරලිය, මාලිම්බඩ, තිහගොඩ, මාතර සහ දෙවිනුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලයි...
පහත් බිම්වල වෙසෙන ජනතාව සැළකිල්ලෙන් පසුවන ලෙසයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ...
මේ අතර, පස් සහ ගල් පෙරලීම හේතුවෙන් දෙණියාය - රත්නපුර මාර්ගයේ ගමනාගමනය බාධා එල්ල වී තිබෙනවා...
එමෙන්ම බදුල්ල - කොළඹ මාර්ගයේ උඩුවර හයේ කණුව ප්‍රදේශයේ නායයෑම් තවදුරටත් සිදුවිය හැකි බවට අනතුරු අඟවා තිබෙනවා...
මෙම මාර්ගයේ බර වාහන ගමන් තහනම් කර ඇති අතර, මගී බස් රථ සහ පාසල් සිසුන් ප්‍රවාහනය කරන බස් රථ මෙම තහනමට ඇතුළත් නොකිරීමටයි බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය තීරණය කර ඇත්තේ...