මියසි සන්දීපනි කියන්නේ පුංචි තිරයට නවක රංගන ශිල්පිනියක්. ඇය රංගනයට ඇවිත් වැඩි කාලයක් නම් නැහැ. ඒ මාස 03ක් පමණ කෙටි කාලයක්. හිරු ගොසිප් අපි රංගන ක්ෂේත්‍රයට අලුතින් ආව මේ යෞවනියගේ විස්තර පොඩ්ඩක් හොයලා බලන්න හිතුවා. අපි අහපු ප්‍රශ්න වලට ඇය උත්තර දුන්නේ මෙන්න මේ විදියට......
මියසි කලා ලෝකයට ආවේ අහම්බෙන්ද?
මට ක්ෂේත්‍රයට එන්න ඉඩකඩ ලැබුණේ ෆේස්බුක් හරහා. fb දැකලා තමයි මට මුලින්ම කතා කළේ. මම ස්ක්‍රීන් ටෙස්ට් එකකට ගියා. ඊට පස්සෙ මාව වැඩේට තෝරාගත්තා. මම මුලින්ම මියුසික් වීඩියෝවක තමයි රඟපෑවේ. ඊට පස්සේ මම වෙළඳ දැන්වීම්වලට ආවා. චිත්‍රපටියකත් රඟපෑවා. මම රඟපාන්න පටන් අරන් මාස 03කටත් අඩු කාලයක්. ෆිල්ඩ් එකට ඇවිත් අවුරුදු එක හමාරක් වගේ වෙනවා.
පවුලේ අයට කලාවේ සම්බන්ධයිද?
මගේ පවුලේ කවුරුවත්ම කලාවට සම්බන්ධ නැහැ.
කැමරාව ඉදිරිපිටදී මුලින්ම මොකද හිතුනේ?
මුලින්ම මට බයක් ඇතිවුණා. හැබැයි එතන හිටපු හැමෝම දන්නවා මම මීට කලින් කැමරාවකට ෆේස් කරලා නෑ කියලා. ඒ බය ෂූට් 03-04ක් කරද්දිත් හිතේ තිබ්බා. ඒක හරියට එසයිමන්ට් එකක් වගේ.
ෆේස්බුක් ඇතුළු අන්තර්ජාලයේ ඔබේ ජනප්‍රියතාව කොහොමද?
fb එකේ ගොඩක් හොඳ ප්‍රතිචාර තියෙනවා. මම හිතන්නේ ජනප්‍රියතාව ෆේස්බුක් එකේ වැඩියි.
සැබෑ ලෝකයේ ඔබ ඇත්තමට අහිංසකද?
මම එහෙම නපුරු නැහැ. මම කරපු එක චරිතයක් නිසා ගොඩක් අය හිතන්නේ මම නපුරු කියලා. නපුරුත්ම නැහැ. අහිංසකත් නැහැ. හැබැයි මම මගේ පාඩුවේ මගේ වැඩක් බලාගෙන ඉන්න කෙනෙක්. මම කාගෙවත් අනුන්ගේ දේවල් හොයන්න යන්නේ නැහැ.
මොන වෙලාවටද වැඩිපුර තරහ යන්නේ?
බොරු චෝදනා එල්ල කළොත් වගේම බොරුවක් කළොතින් මට අනිවාර්යෙන් තරහා යනවා.
වැඩියෙන්ම තරහ යන්නේ මම කරපු නැති දේවල් කියලා බොරු චෝදනා එල්ල කළොත් තමා. ඒ ඇරෙන්න මට අනිත් දේවල්වලට තරහ යන්නේ නැහැ.
කොයි තරම් චරිතවත්ව හිටියත් ජනප්‍රිය පුද්ගලයින්ට කටකතා හැදෙනවානේද?
අපි කොච්චර හොඳට හිටියත් කතා හදනවා. සමහරක් වෙලාවට අපි කාත් එක්ක හරි කතා කළත් කියන්නේ කතා හදනවා. කතා හදන අය කතා කියනවා. ඒ දේවල් ගණන් ගන්න නරකයි. කවුරු කොහොම මොනවා කිව්වත් අපේ වටේ ඉන්න අය දන්නවා අපි කවුද කියලා. ඒක නිසා කවුරුත් කියන දේවල් අහන්නේ නැතිව ඒ දේවල් ඔළුවට ගන්නේ නැතිව පාඩුවේ ඉන්න ඕනේ.
ඔබටත් දැන් පෙම්වතෙක් ඉන්නවාද?
නැහැ.
ජනප්‍රිය නළුවෙක් ඔබගේ ආදරය ඉල්ලුවොත් ?
ආදරේ ඉල්ලන පලියට ආදරේ දෙන්න බෑ. එයා හොද නම් මට ගැළපෙනවා නම් ආදරය කරන්න පුළුවන්. මාත් එක්ක ඉන්නවනම් ආදරේ කරනවා. ඒත් මම හිතන්නේ නැහැ මම නළුවෙකුට ආදරේ කරයි කියලා.