Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Apr
27
‘‘ඉමේෂී රේල් පාරෙන් පැන්නේ පෙම්වතා ශාමිකව සප්‍රයිස් කරන වැඩේ ලෑස්ති කරන්න‘‘

- ‘‘ඉමේෂී රේල් පාරෙන් පැන්නේ පෙම්වතා ශාමිකව සප්‍රයිස් කරන වැඩේ ලෑස්ති කරන්න‘‘Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

20 Views

තරුණියන් හෝටලයට රැගෙන ආ මිතුරාගෙන් ෆේස්බුක් සටහනක්

දෙහිවලදී දුම්රියට බිළිවූ තරුණියන් දෙදෙනා සිද්ධිය වූ අවස්ථාවේ රේල්පාර දෙසට දිවගියේ එක් තරුණියකගේ පෙම්වතාව පුදුම කිරීමට බව ඔවුන් දෙදෙනා පාටියට කැඳවාගෙන ගිය මිතුරා සමාජජාල වෙබ් අඩවියක සටහනක් තබමින් පවසා තිබෙනවා.

එලෙස දිවගොස් ඇත්තේ පෙම්වතාට පෙර හෝටලය වෙත ගොස් ඔහුගේ උපන්දිනයට අවශ්‍ය දේ සැලසුම් කරන්නට බවත් ශාමික නම් වන පෙම්වතාද එම ස්ථානයට බොරුවක් කියා කැඳවාගෙන එන්නට සැලසුම් කර තිබූ බවයි ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ.



ඔහු පවසා ඇති පරිදි සිද්ධිය මෙසේය....

" ඉමේෂි ( මියගිය එක් තරුණියක් ) ඇයගේ පෙම්වතා 'ශාමිකගේ' උපන්දිනය සඳහා ඔහුව පුදුම කරවන්න ඔහුට හොරෙන් උපන්දින සාදයක් ( තේරෙන භාෂාවෙන් කිව්වොත් surprise Birthday Party එකක් ) සංවිධානය කරලා,

ඇය ඔහුගේ පෙම්වතාට දුරකථන ඇමතුමක් අරන් පැවසුවේ, " Jason ඔයාට බර්ත්ඩේ පාටි එකක් arrange කරලා තියනවා ශාමික, ඔයා දෙහිවල මුහුදු පැත්තේ (sea side එකේ) තියන place එකට එන්න " කියලා.

මම ඉමේශිවයි, ශරෝන්වයි, ශාමිකගේ මල්ලිවයි වැල්ලවත්තෙන් කාර් එකට දාගෙන අර කියපු place එකට එයාලව එක්කන් ගියා.

අපි එතනට ගිහින් කාර් එක නවත්වනවා සමඟම 'ශාමික' එනවා දැකපු ඉමේෂි, " අපි ඉක්මනට අනිත් පැත්තට (අර කියපු හෝටලයට එක තියන පැත්තට) යමු " කියලා ශරෝන් එක්ක යන්න ලැහැස්ති වුනා. මන් එයාලට කිව්වා " මං car එක park කරලා එනකම් ඉන්න අපි එකට යමු " කියලා,

ඒත් එයාලා දෙන්නා මට කිව්වේ " Jason, ඔයා එනවා කියලා 'ශාමික' කොහොමත් දන්නවා, එයා ඔයාව දැක්කට case එකක් නෑ, හැබැයි එයා අපි එනවා කියලා දන්නේ නැහැනේ Jason, ඒ නිසා අපි එහා පැත්තට ගිහිල්ලා ලැහැස්ති වෙලා ඉන්නම් "ශාමික'ව surprise කරන්න " කියලා ඉමේෂියි, ශරොනුයි Car එකෙන් බැස්සා.

ඒ එක්කම මම එහෙම්ම ගියා කාර් එක park කරන්න. මන් එවෙලේ දැක්කා කෝච්චියක් යනවා. ඒත් මන් කිසි දෙයක් දැනන් හිටියේ නැහැ. පස්සේ මම කාර් එකෙන් බැහැලා හොටෙල් එක පැත්තට ඇවිදන් යද්දී කොච්චිපාර ළඟ 50 දෙනෙක් විතර කෝච්චිය වට කරගෙන ඒ දිහා බලං හිටියා.

මට තේරුනා කව්‍රුරු හරි හැප්පිලා කියලා. මන් එතන හිටපු අයගෙන් ඇහුවා " අනේ දෙවියනේ කෙල්ලෝ දෙන්නෙක්ද හැප්පුනේ ? " කියලා. ඒත් කව්රුත් කිසිම දෙයක් කිව්වේ නෑ.
මන් ආයෙත් කෑගහලා ඇහුවා " ඕයි ගැහැණු දෙන්නෙක්ද හැප්පුනේ ? " කියලා.

එතකොට එතන හිටපු කෙනෙක් " ඔව් " කියලා කිව්වා.

මට එකපාරට " තාත්තේ..." කියලා කෑ ගැහිලා ඇස් දෙකෙන් කඳුළු වැක් කෙරෙන්න ගත්තා. ඒ ගමන්ම මං දැක්කා 'ශාමික' පාරෙ මං ඉන්න දිහාවට විරුද්ධ පැත්තෙන් ඇවිදන් යනවා.

මන් ශාමිකට කතා කරලා කිව්වා "ඒ හැප්පිලා ඉන්නේ ඉමේෂියි, ශරෝනුයිද කියලා බලපං " කියලා. ශාමික කෑ ගහපු හැටියට මට තේරුනා ඒ හැප්පිලා තියෙන්නේ එයාලා දෙන්නා කියලා.

ඉමේශිගේ ඇඟේ කෑලි හොයාගන්න බැරිවුනා. ශරෝන්ට නම් ලොකුවට හානියක් වෙලා තිබ්බේ නැහැ. මම එතන හිටපු අයට ඇහුවා " මං ළඟ කාර් එකක් තියනවා, මෙයාලව දාගෙන අපි හොස්පිටල් අරන් යමුද ? " කියලා.

එතකොට එතන හිටිය අයියා කෙනෙක් " මල්ලි දෙන්නම ඉවරයි " කියලා කිව්වා.

මට එතනම වමනේ යන්න ආවත් මන් මාව පාලනය කරගත්ත, හැබැයි 'ඉමේශිගේ' පෙම්වතා 'ශාමික' එතනම වමනේ දැම්මා. ( දුක පාලනය කරගන්න බැරිව ) මෙව්වා සිදුවෙද්දී ශාමික එනකං surprise Birthday Party එක දෙන්න බලං හිටපු ශාමිකගේ යාලුවෝ ටිකයි ඉමේශිගේ යහළුවෝ ටිකයි දුවගෙන එනවා මන් දැක්කා.
ඇත්තටම අදහගන්න බැරි දෙයක් සිද්ද වුනේ. අපේ තාත්තා ඇවිත් මාව එතනින් අරන් ගියා.

මන් තාම නිදාගත්තේ නැහැ. මට හිතා ගන්න බැහැ එතන වුනදේ "

සැමගෙන් සමුගත් ඉමේෂිගේ හදිසි වියෝවෙන් පසු ඇඟේ ෆේස්බුක් ගිණුමත් පෙර නොදුටු ලෙසින් වෙනස්වුණු හැටි - Photos

සිද්ධිය ගැන දෙමාපියන් කී කතාව මෙතැනින්
සිද්ධියේ CCTV දර්ශන මෙතැනින්
වසරකට කළින් ඉමේෂි ඉන්ස්ටග්‍රැම්  දැම්ම කතාව මෙතැනින්
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top