අද ගොඩක් අයට ලැබෙන කාල වේලාව හරිම සීමිතයි...
ඒත් එක්කම මේ නිසාම සමහර වෙලාවට කාලය ඉතුරු කරගන්න මෙන්න මේ වගේ දේවල් එදිනෙදා ගෙදර දොර නිතරම අපි සිදු කරනවා...
ඒත් මේ කියන්න යන්නේ ඒ වගේ දිගටම කරන වැඩක් ආයෙත් කරන්න කළින් දෙපාරක් හිතන්න කියන එක.... පිසගත් ආහාර නැවතත් රත්කර ආහාරයට ගන්නට ඔබත් හුරුවෙලා ඇති....
නමුත් ඔබ මේ ගැන දෙවරක් සිතිය යුතුමයි... සමහර ආහාර වර්ග නැවත රත්කිරීමේදී එය ශරීරයට විෂ වෙනවා.. මේ නිසා ඔබ නිතරම පරිභෝජනය කරන එවැනි ආහාර ඔබත් පරිභෝජනය කරනවා නම් ඒ ගැනයි මේ කියන්න යන්නේ....
හතු
පිසගත් ආහාර කල්තබා ගැනීම අතරින් වැඩිම සෞඛ්‍යය අවදානමක් ඇත්තේ හතු වලටයි... හතු පිසගත් පසුව ආහාරයට ගැනීම හෝ පසුදින දක්වා සිසිල්ව තබා ආහාරයට ගැනීම සුදුසු වුවත්, නැවත රත්කිරීමෙන් ආහාර දිරවීමේ අපහසුතා හා හෘද රෝග ඇතිවීමට එය හේතු වෙනවා..
බිත්තර
බිත්තර තම්බා හෝ බැද ගැනීමෙන් පසුව නැවත රත්කිරීම නම් සෞඛ්‍යදායක වෙන්නෙ නැහැ... එය විෂ සහිත වීමෙන් ඔබට විවිධ සංකූලතා හටගත හැකියි...
අල
අල තම්බා ගනිමින් හෝ විවිධ ආකාරයට ව්‍යාංජන ලෙස සකසා ඔබත් ආහාරයට එකතුකර ගන්නවා ඇති... නමුත් පිසගත් පසුව අල නැවතත් රත්කර ආහාරයට ගැනීම නම් ඔබේ ශරීරයට හානි විය හැකියි...
කුකුල් මස්
කුකුල් මස් ව්‍යාංජනයක් ලෙස පිසගෙන දිනක් ඉක්මවූ පසු ආහාරයට ගැනීම නම් කිසිසේත්ම සුදුසු වෙන්නේ නැහැ... මෙම කුකුළු මස් වල අඩංගු ප්‍රෝටීන සංයුතිය දිනකට පසුව වෙනස් වන නිසා ආහාර දිරවීමේ අපහසුතා ඇතිවිය හැකියි... වෛද්‍ය නිර්දේශය වන්නේ කුකුළු මස් සිසිල්ව තිබියදීම ආහාරයට ගැනීම සුදුසු බවයි...
බීට් රූට්
රතු පැහැති බීට් අල ආහාරයට ගන්නට බොහෝදෙනා ප්‍රිය කළත් මේ ආහාරයද නැවත රත්කිරීමේදී නයිට්‍රේට් අම්ලය නිපදවනු ලබනවා... එය ශරීරය සෞඛ්‍යයට හානි ඇතිකරවන නිසා මෙම බීට් ද නැවත රත්කර ආහාරයට ගැනීමෙන් වැලකිය යුතුයි...