සුනඛයන්ට එන්නත් ලබාදෙමින් සිටි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට බීමත් පුද්ගලයන් දෙදෙනෙක් ජලභීතිකා එන්නතක් විදීමේ සිද්ධියක් අපිට අහන්න ලැබුණා.
අධික බීමතින් හිටපු මේ පුද්ගලයන් දෙදෙනා සුනඛයෙකුට එන්නත් කරමින් සිටි මෙම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා නිසා මාර්ගය අවහිර වුණා කියලා බහින්බස් වීමක් ඇතිවෙලා.
එය දුරදිග ගිහින් සුනඛයන්ට එන්නත් ලබාදෙමින් සිටි සෞඛ්‍ය පරීක්ෂකවරයාට බීමත් පුද්ගලයන් දෙදෙනා විසින් ජලභීතිකා එන්නත් විදලා.
මේ වැඩේ කරපු පුද්ගලයන් දෙන්නගෙන් එක්කෙනෙක් පොලිස් අත්අඩංගුවට අරගෙන.
ඔහු ගිරිඋල්ල පැත්තේ පදිංචිකරුවෙක් වන අතර අනෙක් පුද්ගලයා පලාගොස් ඇතිබවයි දැනගන්නට ලැබෙන්නේ.