පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර සිදුකළ බවට සැකපිට තරුණයන් දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පාසල් නිල ඇඳුමින් විහාරස්ථානයකට ගිහින් අශෝභන විදිහට විහාර භූමියේ සිටින අයුරු විහාරාධිපති හිමියන් දැක වැලිමඩ පොලිසියට දුරකථන ඇමතුමක් ලබාදී තිබෙනවා.
ඒ අනුවයි මොවුන් අත්අඩංගුවට ගෙන තිබුණේ. අවුරුදු 15 ක් වුණු මේ සිසුවියන් දෙන්නා පාසල නිමවී උපකාරක පංති යනවා කියලා අදාල තරුණයන් එක්ක ත්‍රීරෝද රථයකින් මේ විහාරස්ථානයට පැමිණ තිබෙනවා.
20 හැවිරිදි වියේ පසුවූ මේ තරුණයන් දෙදෙනාට බාලවයස්කාර දැරියන්ට ලිංගිත අතවර කිරීමේ චෝදනාව යටතේ නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා.
බාලවයස්කාර සිසුවියන් දෙදෙනා වෛද්‍ය පරීක්ෂණයක් සඳහා වැලිමඩ රෝහලට ඇතුලත් කරලා.