එක්සත් අරාබි එමීර් කණ්ඩායම සමග ඊයේ පැවති තරගයෙන් අනතුරුව ශ්‍රී ලංකා විස්සයි විස්ස නායක ලසිත් මාලිංග මාධ්‍ය වෙත අදහස් දැක්වුවා. එහිදි මාලිංග ඔහුගේ දණහිසේ ආබාධය සහ ජාත්‍යන්තර ක්‍රිකට් දිවියෙන් විශ්‍රාම ගැනීම සම්බන්ධයෙන්ද අදහස් පළ කළා.
ඔහු පළ කළ අදහස් පහතින්..
‘‘2008 වසරේදී ඇතිවුණා වගේම, දණ හිසේ ආබාධයකට මම ප්‍රථිකාර ලබා ගන්නවා. නමුත් මේක මට විවේක ගන්න පුළුවන් වෙලාවක් නෙමෙයි.
විස්සයි විස්ස ලෝක කුසලානය තියෙනවා. මම වේදනා නාශක හා ප්‍රතිකාර ලබා ගන් ගමන් තමයි ක්‍රීඩා කරන්නේ. මොකද, පන්දුවාර විස්ස අංශයෙන් අත්දැකීම් වැඩිම පන්දුයවන්නා මම. ඒක නිසා මට හැකි උපරිමයෙන් මම කණ්ඩායමට උදව් කරනවා. මේ මගේ අවසන් වසර කිහිපය, සමහර විට අවසන් මාස කිහිපයද වෙන්නත් පුලුවන්. මම හිතන්නෙ නැහැ මගේ ආබාධයෙන් සම්පූර්ණ සුවයක් ලබන්න පුලුවන් වෙයි කියල. මම දන්නෙ නෑ කොච්චර කාලයක් මට තව තියෙනවද කියල. නමුත් මම උත්සාහ කරනවා ඒක කළමණාකරනය කරගනිමින් පුළුවන් උපරිම කාලයක් මගේ කණ්ඩායමට ක්‍රීඩා කරන්න. ‘‘