රුවන්ගි රත්නායක කියන්නෙ කාලෙන් කාලෙට ගොඩක් කතාබහට ලක්වෙන චරිතයක්. රංගන ක්ෂේත්‍රයේ වගේම නිරූපණ ක්ෂේත්‍රයේත් ඉහළ ජනප්‍රියත්වයක් හිමිකරගෙන ඉන්න රුවංගි ගැන ගොඩ දෙනෙක් කතා වෙන්නෙ ඇයගේ ඇඳුම් විලාසිතා නිසා. පහුගිය දවසක රුවංගි උත්සවයකට ඇඳන් ගිහින් තිබුණ ඇඳුමක් නිසා ඇයට ගොඩක් කතන්දර අහන්න වෙලා තිබුණා. කෙසේ වෙතත් තමන්ගේ විලාසිතා ගැන සහ ජනප්‍රියත්වය ගැන රුවංගි සතිඅන්ත පුවත්පතකට අදහස් පළ කරලා තිබුණෙ මේ විදිහට.
වෘත්තීය නිළියක් නිසා රුවංගි ලැබෙන හැම චරිතයම භාර ගන්නවද..?
නැහැ. මම ඒකාකාරී චරිත ප්‍රතික්ෂේප කරනවා. මම ආසයි විවිධ චරිත හරහා දක්ෂතා පෙන්වන්න.
රංගනයේදිත් රුවංගිට ඇඳුම් සම්බන්ධ සීමාවල් නැද්ද..?
නැහැ. මේ වෙනකල් මම කෙටි ඇඳුම් හෝ ඇඟ පේන ඇඳුම් අඳින්න සිද්ධ වීම නිසා එකම චරිතයක්වත් ප්‍රතික්ෂේප කරලා නෑ.
ඒ කියන්නෙ රුවංගිගේ රංගනයට සීමා නෑ.?
සීමා නම් තියෙනවා. වැඩිහිටියන්ට පමණක් නරඹන්න පුළුවන් චිත්‍රපටවල, නාට්‍යවල මම රඟපාන්නෙ නෑ.
චරිතයක් තෝරා ගන්න පදනම මොකක්ද..?
පළමුවැනිම දේ චරිතය මොකක්ද කියන එක. ඊළඟට ඒකේ අධ්‍යක්ෂවරයා කව්ද.. ලොකේෂන් එක මොකක්ද..? රඟපාන අනිත් අය කවුද, ගෙවීම කීයද කියලා හොයලා බලනවා.
වෘත්තීය නිළියකට එහෙම චරිත ප්‍රතික්ෂේප කරන්න පුළුවන්ද..?
වෘත්තීය නම් රඟපෑම තමයි. ඒත් එහෙමයි කියලා මට රංගනය නිසා පුද්ගලික ජීවතයට හානි වෙන චරිත කරන්න බෑ. මට හොඳ නමක් තියෙනවා. මම ඒ නම ආරක්ෂා කරගන්න ඕන.
රුවංගි සමාජශීලි කෙනෙක්ද? තෝරා බේරා ගෙන යාළුකම් පවත්වන කෙනෙක්ද..?
මම සමාජශීලියි. ඒත් පුද්ගලිකව ළඟින්ම හිතවත් වෙනකොට මං ආශ්‍රය කරන්නෙ කවුද කියලා හොයලා බලනවා.
රසිකයන්ගෙන් ප්‍රතිචාර ඉහළින්ම ලැබෙනවද..?
ඔව්..ඔව්.. මේ ළඟදි මම බෙල්ලන්විල පන්සලට ගියා. අවුරුදු 12 ක විතර දරුවෙක් ඇවිත් මට දණ ගහලා වැන්දා. මමත්, මාත් එක්ක හිටපු යාලුවත් බය වුණා මේ මොකක්ද වෙන්නෙ කියලා. ඊට පස්සෙ ඒ ළමයගෙ අම්මා ඇවිල්ලා කිව්වා මෙයාගේ කැමතිම නිළිය ඔයා කියලා. ඒකයි දණ ගහලා වැන්දෙ කියලා. ඒ තරම්ම ප්‍රතිචාර ලැබෙනවා.
එහෙම නම් රුවංගිගේ ගවුම් විලාසිතා, කොණ්ඩ විලාසිතා අනුකරණය කරන බොහෝ පිරිසක් ඇති..?
ඔව්. මට ඕන තරම් මුණගැහිලා තියෙනවා. අනුරාධපුරය වගේ ඈත පළාත්වලට ගියාම මම වගේ කොණ්ඩය පීරන, මම වගේ ඇඳුම් අඳින්න ආස කරන හුඟ දෙනෙක් මට මුණගැහිලා තියෙනවා. ඒ ගැන මට සතුටුයි.
රුවංගිගේ ගවුම් විලාසිතාවලට හුඟ දෙනෙක් විවිධ චෝදනා නගනවා නේද..?
මම ඒ චෝදනා නම් ගණන් ගන්නෙ නෑ. මම විලාසිතා කරන්න ආසයි. මම ගවුමක් අඳින්නෙ පැය කිහිපයකට විතරයි. ඒත් මම ඒ ගවුම ගැලෙව්වට පස්සෙත් හුඟක් අය ඒ ගවුම ගැන කතා කරනවා. ඒ කතා නිසා මම අපහසුතාවට පත් වෙන්නෙ නම් නැහැ.
ප්‍රසිද්ධ චරිතයක් වීම ගැන කණගාටුවක් නැද්ද..?
නෑ.. නිළියක් වීම වාසනාවක්.
රුවංගි මේ ක්ෂේත්‍රයේ තව කොපමණ කල් ඉන්නවද..?
වයසට ගිහින් අතපය වාරු නැතිවෙනකල් ඉන්නවා.
මේ පාර නම් රුවංගිට වැලන්ටයින් සරුවට තිබුණා නේද..?
වැලන්ටයින් සමරන්න ලැබුණෙ නෑ.
එහෙම කියන්නෙ ජනප්‍රියතාව අඩුවෙනවට නේද..
එහෙම නෑ.
ඒත් දැන් විවාහයට කාලය හරි..?
වැඩිකල් නොගිහින් විවාහය ගැන ආරංචියක් ගේන්නම්.