Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Feb
15
පදිංචි නිවස උකසට තබා පියා දුන් මුදලින් සාග් ගිය දියණිය රිදී පදක්කමක් දිනපු හැටි

- පදිංචි නිවස උකසට තබා පියා දුන් මුදලින් සාග් ගිය දියණිය රිදී පදක්කමක් දිනපු හැටිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7 Views

තාත්තා කිව්වා පුතේ මම ගෙදර උකස් තියලා ඔයාට සල්ලි අරන් දෙන්නම් ඔයා තරගයට යන්න කියලා..

ඉන්දීය ක්‍රීඩිකාව පැදපු බයික් එක ලක්ෂ 27 ක්.. මම පැද්දෙ 75,000 ක බයික් එකක්...

පදිංචිව සිටින නිවෙස උකසට තබා දකුණු ආසියා ක්‍රීඩා උළෙලට සහභාගි වී රිදී පදක්කමක් ලබා ගන්නට අනුරාධපුර මිහින්තලය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන උදේශනී නිරංජනී කුමාරසිංහ සමත්වුණා. ඇය මෙම දස්කම දක්වමින් රිදී පදක්කම දිනා ගත්තේ සාග් තරගාවලියේ කාන්තා පාපැදි තරගයෙන්.


සාග් ක්‍රීඩා උළෙල සඳහා ඉන්දියාව බලා යාමට පිටත්ව යන්නට අවශ්‍ය පෞද්ගලික වියදම් සඳහා අවශ්‍ය මුදල් උපයා ගැනීමට තරම් වත්කමක් නොමැති වූ ඇයට ඇගේ පියා විසින් ඔවුන් පදිංචිව සිටි නිවස උකස් කර රුපියල් විසිදහසක මුදලක් ලබා දී තිබුණා. කෙසේ වෙතත් තමන් පදිංචි නිවස උකස් කළ පියාට එහි නිසි ප්‍රතිඵලය ලබා දෙන්නට මෙම දියණිය සමත් වීම නිසා ඇගේ පියා ඉන්නෙ දැඩි ලෙස ප්‍රීතියෙන්.

සාග් ක්‍රීඩා උළෙලේ රේසින් පාපැදි අංශයෙන් පැවැති තරගයේදී කිලෝමීටර 40 ක දුරින් යුතු ඉසව්වේ දෙවැනියා ලෙස තරගය නිම කරමින් ශ්‍රී ලංකා මාතාවට රිදී පදක්කමක් හිමිකරදීමට උදේශනී සමත් වුණා. කෙසේ වෙත්ත තමන් ලබා ගත් ජයග්‍රහණය පිළිබඳ කතාව ඇය පුවත්පතකට මෙසේ පවසා තිබුණා.

මගේ අම්මා මිය ගිහිල්ලා දැනට අවුරුදු 11ක් පමණ වෙනවා. මාව බලාගන්නේ, මාගේ කටයුතු සියල්ලට දිරිය ලබාදෙන්නේ මගේ ආදරණීය තත්තා. මා 2014 වර්ෂයේදී මිහින්තලය පැවැති බක්මහ උළෙලේ පාපැදි තරගාවලියට සහභාගි වෙලා ප්‍රථම ස්ථානය ලබා ගත්තා. මා ඉගෙනුම ලැබූ මිහින්තලය මහා විද්‍යාලයේ ක්‍රීඩා භාර ගුරුවරයා වන අජිත් සේනාධීර මහතා මා පාපැදි අංශයට යොමු කරන්න බෙහෙවින් කැප කිරීම් කළා. ඒ අනුව පැවැති තරග කිහිපයකටම සහභාගි වී රන් පදක්කම් 13ක් ඇතුළු පදක්කම් 21ක් මේ වන විට ජයග්‍රහණය කර තිබෙනවා.

2014 වර්ෂයේ කොරියාවේ පැවැති තරගයකට සහභාගි වී දෙවැනි ස්ථානය ලබා ගත්තා. කොරියාවේ තරගයට ගියෙත් තාත්තා කුඹුර උකස් කරලා දීපු මුදල් අරගෙන. මෙවරත් තරගයට සහභාගි වෙන්න අවස්ථාව උදාවුණාට පහසුකම් හෝ මුදල් මට තිබුණේ නැහැ. එහෙත් තාත්තා කිව්වා පුතේ මම ගෙදර උකස් තියලා ඔයාට සල්ලි අරන් දෙන්නම් ඔයා තරගයට යන්න කියලා. මම ලොකු අධිෂ්ඨානයකින් තරගයට සහභාගි වුණේ. ඉන්දියාවේ ක්‍රීඩිකාව තරගයට පාවිච්චි කරපු පාපැදියේ වටිනාකම ලංකාවේ මුදලින් ලක්ෂ 27ක් විතර වෙනවා. ඒත් මම පැද්දේ මගේ පාපැදි සමාජය වන දීප්ති ක්‍රීඩා සමාජය ලබාදුන් රුපියල් 75,000ක් පමණ වටිනා පාපැදියක්. ඒකෙත් සමහර කොටස් වෙන වෙන අයගේ පාපැදිවලින් ඉල්ලා ගත්ත කොටස්. එහෙත් සියලු අභියෝගයන්ට මා මුහුණ දෙමින් තරගාවලියේ දෙවැනියා ලෙස තරගය අවසන් කළා. හොඳ පාපැදියක් ගන්න ලක්ෂ හයහමාරක් විතර ඕන. ඒක ඉතිං හැමදාම හීනයක් තමයි. වෙනත් අවශ්‍යතාවලට අවශ්‍ය මුදලුත් උපයා ගන්නේ හරිම අමාරුවෙන්. හැමදාම ඒ - 9 මාර්ගයේ පුහුණුවීම් කරනවා.

හැකි පමණින් පාපැදි අංශයෙන් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. ඉදිරියේදී ගුවන් හමුදා පාපැදි සවාරිය ආරම්භ වෙනවා. ඒකටත් තරග කරලා ස්ථානයක් ලබා ගන්න තමයි හිතාගෙන ඉන්නේ. ඉදිරියට යන්න තියෙන එකම බාධකය මුදල් නැතිකම තමයි.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top