මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන්නේ “දන්නෝ බුදුන්ගේ “ ගීතය ගැන.
ඒකට හේතුව තමයි ගායිකාවක් විසින් ගාළුමුවදොර පිටියේ පැවති උත්සවයකදි එම ගීතය ඔපෙරා ශෛලියට ගායනා කිරීම. මේ ගායනයත් සමගම එම ගායිකාවට දැඩි ලෙස විවේචන එල්ල වන්නට පටන් ගත්තා. කෙසේ වෙතත් එම ගීතය ගායනා කළ කිෂානි ජයසිංහ සතිඅන්ත පුවත්පතකට තමන්ගේ ගායනය පිළිබඳව මෙසේ අදහස් පළ කර තිබුණා.
කිෂානි මේ වෙනුවෙන් සම්බන්ධ වෙන්නමද ලංකාවට ආවේ..?
මම ලාංකිකයෙක්. මම සිංහ බෞද්ධ. සමහරු කියනවා මම එකපාරට මෙහෙට ඇවිත් මේ ගීතය ගායනා කළා කියලා. මම එංගලන්තයට ගියේ නීති උපාධිය වෙනුවෙන්. ඒත් අපි අවුරුදු 16 කට පස්සෙ ගිය අවුරුද්දෙ පදිංචියටම දරුවො දෙන්නත් එක්ක ලංකාවට ආවා. මේ රටේ අධ්‍යාපනය ලබාදීලා ලංකාවේ අත්දැකීම් දරුවන්ට දෙන්න හිතාගෙන තමයි ලංකාවට ආවේ. ඒ අතරේ මේ ආරාධනාවත් ලැබුණා. මම ජාත්‍යන්තර මට්ටමේ විශිෂ්ට සම්මාන ගත්ත කෙනෙක්. ඉතිං මේ ආරාධනාව ලැබෙද්දි ඉතාම සතුටු වුණා.
දන්නෝ බුදුන්ගේ ගීතය නිසා දැන් කතා බහට ලක්වුණ කිෂානි ලෝකයම හඳුනගත්ත කෙනෙක්. කිෂානිගේ ඒ ගමන් මග මතක් කරන්න මේක හොඳ අවස්ථාවක්.
මම විශාඛා විද්‍යාලයේ ඉගෙන ගත්තෙ. මම සංගීතය හැදෑරුවා. මම ලංකාවෙන් ගියේ නීති උපාධිය හදාරන්න. මම නීති උපාධි දෙකක් ගත්තා. ඔපෙරා සංගීතය පැත්තෙන් ඉදිරියට යන්න හීනයක් තිබ්බෙ නෑ. ඒත් මට හොඳ හැකියාවක් තිබ්බා. එංගලන්තයෙදි මට මුණගැහුණු පැමෙලා කුක් කියලා ගුරුවරියක් මගේ හැකියාවෙන් ප්‍රයෝජන ගන්න කියලා මාව මේ පැත්තට යොමු කළා. මම ඔපෙරා සංගීතය අවුරුදු 12 ක් හැදෑරුවා. 2002 දි රෝයල් ඔපෙරා හවුස් එකේ තරගයක් තිබ්බා. ඒකෙදි එක අතිතාතස්වරිය තේරුවෙ මුළු ලෝකෙන්ම. මම ඒ තරගයෙන් තේරුණා. ඒ නිසා මම ඒ පැත්තෙන් ඉදිරියට ගියා. ජාත්‍යන්තර සම්මාන රාශියක් මම දිනාගෙන තියෙනවා.
මේ අතර ශාන්ත ජේම්ස් මාලිගයේ දෙවැනි එළිසබෙත් රැජින ඉදිරියේ මෙන්ම බකිංහැම් මාලිගයේ පැවැත්වූ චාල්ස් කුමරුගේ 60 වන උපන්දින සැමරුමේදී ද කිෂානි ගීත ගායනා කර තිබෙනවා.

කිෂානි ගී ගැයූ Royal Opera House Covent Garden එක

පහතින් ඇත්තේ චීනයේ "ගුයි යං " නුවර ඔපෙරාහවුස් මන්දිරයක (Guiyang Grand Theatre) පැවත්වීමට නියමිත බීතොවන් ගේ සිම්ෆනියක බැනරයක්. එහි දැක්වෙන මුහුණු හතරෙන් පළමු මුහුණ කිෂානිගේ වීම විශේෂත්වයක්.
