Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Nov
13
“....ජැක්සන් හොඳින් ! ඊයෙත් මාත් එක්ක හිනාවුණා.. මම යන්නම් කිව්වම එපා කියනවා වගේ යන්තමින් කිව්වා. ජැක්සන්ට වුණු පොරොන්දුව මම රකිනවා !” - මාස 4ක් ලෙඩ ඇඳේ ඉන්න ජැක්සන් ගැන, බිරිඳ කියන කවුරුත් නොදැන සිටි කතාව..

- “....ජැක්සන් හොඳින් ! ඊයෙත් මාත් එක්ක හිනාවුණා.. මම යන්නම් කිව්වම එපා කියනවා වගේ යන්තමින් කිව්වා. ජැක්සන්ට වුණු පොරොන්දුව මම රකිනවා !” - මාස 4ක් ලෙඩ ඇඳේ ඉන්න ජැක්සන් ගැන, බිරිඳ කියන කවුරුත් නොදැන සිටි කතාව..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5 Views

ජූලි මාසේ දෙවැනිදා එළිවෙද්දී අප හැමෝටම අහන්න ලැබුණේ අවාසනාවන්තම ආරංචියකි. ඒ කලාකරුවකු හැටියට හැමෝගේම ආදරය දිනා සිටි ජැක්සන් ඇන්තනී නම් විශිෂ්ටයාගේ හදිසි අනතුරය.

මේ අනතුරින් පසුව අනුරාධපුර රෝහලට රැගෙන යන ලද ජැක්සන් තවත් මොහොතකින් කොළඹ මහ රෝහලට මාරුකෙරුණේ ඒ වන විටත් ඔහු සිටි රෝගී තත්ත්වය සුළුපටු නොවූ බව විශේෂඥ වෛද්‍යවරුන් අවබෝධ කරගෙන සිටි නිසාය.

කොළඹ මහ රෝහලට රැගෙන එන ලද ජැක්සන් ඒ වන විටත් හොඳ සිහියෙන් සිටියේය.


නමුත් ඔහු වෙනුවෙන් වහා සංකීර්ණ ශල්‍යකර්මයක් සිදු කිරීමට එහි සිටි විශේෂඥ වෛද්‍යවරුන් තීරණය කළේ අලි අනතුරින් බෙල්ල ආශි්‍රත ප්‍රදේශයට සිදුවී තිබුණු අනතුරුදායක තත්ත්වය බරපතළ වූ නිසාය.

ඒ අනුව කඩිනමින් ඔහුගේ සැත්කම සිදුකෙරිණි.

පැය කීපයක සැත්කමින් පසු ජැක්සන්ට පියවි සිහිය ලැබිණි. ඔහු තමන්ගේ ඇඳ වටා ඉන්නා අය සමඟ සුපුරුදු ලෙසට යන්තමින් සිනාසුණේය. එහෙත් වෛද්‍ය නියමය පරිදි වැඩි කාලයක් ජැක්සන්ව විවේකීව තබන්නට ඔහුට ආදරය කරන සියල්ලෝම වගබලා ගත්හ.

මේ ආකාරයට වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ හදිසි ප්‍රතිකාර යටතේ පසුවූ ජැක්සන් ඇන්තනි ගැන විටින් විට ඇසෙන්නේ අමුතුම විදිහේ කතාය. ඒ කතා අතරට එක්වූ අලුත්ම කතන්දරය කුතුහලය දක්වන්නකි. එසේත් නැත්නම් හද පාරවන ආකාරයේ අමානුෂික කතාවකි.

මේ කතාවට අනුව කියැවුණේ අපේ හදවත් සොරාගත් මේ කලාකරුවාගේ ඉදිරි මාසය තීරණාත්මක මාසයක් වන බවය. මේ වන විටත් හුස්ම ගැනීමේ යන්ත්‍රයකට (Ventilator) හා සම්බන්ධ කර තිබෙන ජැක්සන්ගේ තත්ත්වය වෙනස් වන බවකි. එසේත් නැත්නම් ඒ යන්ත්‍රය ඉවත් කිරිමට වෛද්‍යවරුන් තීරණය කරන බවකි.

ජැක්සන් රෝහල් ගත වූ දා සිටම අපේ රටේ අමානුෂික හිත් ඇත්තෝ මෙවැනි ප්‍රවෘත්ති මැවූහ. මේ නිසාම අප මේ සියලු කරුණු පිළිබඳව ජැක්සන්ගේ ආදරණීය බිරිය කුමාරි මුණසිංහගෙන් විමසා සිටියේ රටක් ලෝකයක් මුළා කරන කටවල් වසා දමන්නටය.

“ඔය කතා අමූලික බොරු. කිසිම වෛද්‍යවරයෙක් අපි එක්ක ඔය වගේ දේවල් කතා කරලා නැහැ. ජැක්සන්ට ප්‍රතිකාර කරන වෛද්‍යවරු වගේම ඒ කාර්ය මණ්ඩලය තවමත් තමන්ට හැකි උපරිම ආකාරයට ප්‍රතිකාර ලබාදීලා දායකත්වය සපයා උත්සාහ ගන්නේ ඔහු නැඟිටවන්නයි. ඇත්තම කිව්වොත් මේ සියලු වෛද්‍යවරු වගේම ඒ කාර්ය මණ්ඩලය දන්නවා ජැක්සන් ඇන්තනි කියන කලාකරුවාගේ වටිනාකම මොකක්ද කියලා. ඔවුන් ජැක්සන්ට හරිම ආදරෙයි. අපිට ඔවුනගේ කතාබහෙන් ඒක තේරෙනවා. ඔවුන් ජැක්සන්ට ගෞරව කරනවා. ඒක මට වඩා හොඳට වෙන කවුද දන්නේ? අනික මේ වෙද්දි ජැක්සන්ගේ තත්ත්වය හොඳ අතට හැරීගෙනයි එන්නේ. ඉතින් එහෙම වෙලාවක මැෂින් ගලවන්න තීරණය කළා කියන්නේ මොන වගේ පහත් හැඟීමකින්ද. මේ වගේ වැරැදි දේවල් ප්‍රචාරය කරන්න එපා. අපි ගැන හිතන්න. අපි මේවා දැක්කහම කොයි තරම් මානසිකව ඇද වැටෙනවාද කියලා හිතන්න ඕනෑ. මට ඇහුණා කවුදෝ ගෑනු ළමයෙක් ඔය අසත්‍ය ප්‍රවෘත්තිය රස කර කර කියනවා. ඒ වෙබ් සයිට් එක කරන ඒ ගෑනු ළමයා හිතන්න ඕනෑ තමන්ගේ තාත්තාට තමන්ගේ සහෝදරයෙක්ට මෙහෙම දෙයක් වුණාම ඇතිවන වේදනාව මොකක්ද කියලා. ඇත්තම කියනවා නම් මම දැන් සෝෂල් මීඩියා බලන්නෙම නැති තරම්. මොකද හිත රිදෙනවා. කලකිරෙනවා. මේ වෙලාවේ මම කියන්නේ මෙච්චරයි. ජැක්සන් හොඳට ඉන්නවා. ඊයේත් මා එක්ක හිනාවුණා. මම යන්නම් කිව්වහම කට යන්තමින් සොලවලා එපා කියනවා වගේ පෙනුණා. ඉතින් මම තරම් ඒවා හොඳට දන්නේ වෙන කවුද? ඇත්තටම මම මේ වෙලාවේ ඔය හැමෝගෙන්ම ඉල්ලා සිටින්නේ වැරැදි ප්‍රවෘත්ති සමාජගත කරන්න එපා කියලයි. අපි අන්තර්ජාලය ඔස්සේ හුඟාක් හොඳ දේවල් ඉගෙන ගන්නවා. දැන ගන්නවා. ඒ ඇත්තට අපි ගරු කරනවා. නමුත් ඒ අතර ඉන්නවා තමන්ගේ චැනල් එක එහෙමත් නැත්නම් වෙබ් සයිට් එක ජනප්‍රිය කරවා ගන්න මොනවා හරි බොරු බේගල් පතුරවන අය. අනේ අපිට එහෙම කරන්න එපා. විශේෂයෙන්ම ජැක්සන් අයියට එහෙම කරන්න එපා.”

ජැක්සන් ඇන්තනී නම් වූ මේ අති විශිෂ්ට කලාකරුවා එසේත් නැත්නම් ගවේෂකයා මේ හදිසි අනතුරට මුහුණ පෑවේ අනපේක්ෂිත ආකාරයකට. ඒ සිදුවීම රටම දනී.

එහෙත් එදා සිට අද දක්වා වූ බොහෝ සිදුවීම්වල ඇත්ත තත්ත්වය රටම දන්නේ නෑ. දන්නේ ඔහුගේ බිරිය කුමාරි මුණසිංහ පමණි.

ඇය මේ අභාග්‍යය ළඟා වූ දා සිටම ඉන්නේ ජැක්සන් ගැන වැඩි අවධානයකිනි.

“දවසේ පැය විසි හතරෙන් පැය දෙකක්වත් මම නිදා ගන්නේ නෑ. සමහර දවස්වලට එළිවනතුරුත් ඇහැරිලා ඉන්නවා. නිතරම මතක් වෙන්නේ ජැක්සන්ට සිද්ධ වෙච්ච නස්පැත්තිය. ඒක පුදුම දෙයක්. ඒත් මොනවා කරන්නද? දැන් අපි ජැක්සන්ව සනීප කරගන්න ඕනෑ. ගෙදර අපි හැමෝගේම හිත්වල තියෙන්නේ එච්චරයි. අපිට ඉස්සර තිබුණු සතුට දැන් නැහැ. අපි භාරගත්ත කලා කටයුතුවලට සම්බන්ධ වෙලා වැඩ කරනවා. ඒත් ඉස්සර වගේ සතුටක් හිතේ නැහැ. විවේකය තියෙන හැම වෙලාවකදීම පන්සල් , පල්ලි, දේවාල ගාණේ ගිහින් ඉල්ලන්නේ ජැක්සන්ව ඉක්මනට යථා තත්ත්වයට පත්කර දෙන්න කියලයි. එයාට ආදරේ කරන කලා ලොවේ හිතවතුන් වගේම රසික ජනතාවත් ඉල්ලන්නේ එච්චරයි. ඉතින් ජැක්සන්ගේ ළඟ ඉන්න මම හැමෝගෙන්ම ඉල්ලන්නේ මෙච්චරයි. මලක් පූජා කරලා හරි ජැක්සන්ව සනීප කරලා දෙන්න කියලා ඉල්ලන්න. ඒක තමයි මේ වෙලාවේ ඕනම කරන දේ.”

කුමාරි මුණසිංහ එසේ කියමින් මොහොතක් නිහඬව සිටියාය.

ඒත් ඇගේ දෙනෙතේ නැඟි කඳුළ අපිට හොඳින්ම පෙනුණි. තවත් සුළු වේලාවකින් ඇය එම කඳුළු පිරි දෑසින් යුතුවම කතා කිරීමට පටන් ගත්තාය.

“මම ජැක්සන් එක්ක විවාහ වුණු දවස.. ඒ වගේම මුලින්ම ආදරෙයි කියපු දවස… මම එක පොරොන්දුවක් වුණා. ඒ පොරොන්දුව මම හැමදාම ඒ විදිහටම කරනවා. මගේ ජීවිතය තිබෙනතාක් කල් ජැක්සන් මොන විධියෙන් හිටියත් මම එයා වෙනුවෙන් කැපවෙනවා. ඒක වෙනස් වෙන්නේ නැහැ. දැනුත් මේ ළඟට වෙලා එයා ගැන හොයන්නේ ඒ නිසයි. ඇත්තම කිව්වොත් ජැක්සන්ගේ තත්ත්වය මොකක්ද කියන එක වෛද්‍යවරු මට කියා තිබෙනවා. එකපාරටම සනීප වෙන්නේ නැහැ. කාලයක් ගත වෙනවා. මටත් ලොකු විශ්වාසයක් තිබෙනවා ජැක්සන් සුව වෙන බවට. මේ දේ මට විශ්ව ශක්තියෙන් අනාවැකි කියන අයත් කියා තිබෙනවා. ජැක්සන් මේ වෙද්දි මා දිහා බලන විදිහ වගේම යමක් කියන්න උත්සාහ ගන්න විදිහ අනුව මමත් ඒ ගැන ලොකු විශ්වාසයකින් ඉන්නවා.”

ජැක්සන් ඇන්තනී රටට පමණක් නොව ඔහුගේ නිවෙස් ඇත්තන්ටද මහා පතාක යෝධයෙකි. ඔහු සිටින නිවෙසේ පාළු නැත. එහෙත් දැන් ඒ තත්ත්වය සමපූර්ණයෙන්ම වෙනස්ය.

“මගේ දරුවන්ගේ මුහුණුවල මම කාලෙකින් සතුටක් දැක්කේ නැහැ. අපි හැමෝම ඉන්නේ ඔහේ ජීවත්වන තත්ත්වයකයි. මම දැන් ජැක්සන්ගේ රූපවාහිනි වැඩසටහනක්වත් බලන්නේ නැහැ. බලන්න බැහැ. හිත වාවන්නේ නැහැ. මම බලන්නේ අසනීප වෙලා ඉන්න ජැක්සන්ව සුවපත් කර ගන්නා මාර්ග විතරයි. මම ඒ හැම දෙයක් ගැනම අවධානය යොමු කරනවා. මම තනියම හරි ඒ දේ කරනවා.”

ජැක්සන්ගේ බිරිය කුමාරිත් දක්ෂ නිළියකි. එමෙන්ම ගායිකාවකි. එහෙත් ඇය දැන් ඒ කලා කටයුතුවලින් අෑත් වී සිටින්නේ හිතක් ඇතිව ඒ කලා කටයුතුවලට සහභාගි වීමට නොහැකි නිසාය.

“ඒත් මට තේරෙනවා දැන් අපේ ආර්ථික තත්ත්වය පවා පහළට වැටෙන බවය. ශීඝ්‍රයෙන් ඒක සිදුවන බව දැනෙනවා. ඒ නිසාම පුළු පුළුවන් විධියට හරි ආර්ථිකය ශක්තිමත් වන ආකාරයට ඉදිරියේ කලා කටයුතු කරන්න සිදුවේවි. නැත්නම් කොහොමද අපි ජීවත් වෙන්නේ. අපේ දරුවොත් ජීවත්වෙන්නේ කලා කටයුතුවලින් හරි හම්බ කරගන්න දේවල්වලින්නේ. දැනටත් ඇමරිකාවේ ජීවත්වන මගේ සහෝදරිය හා ජැක්සන් අයියගේ පිටරට ඉන්න සහෝදරයෙක් තමයි උදවු කරන්නේ. මේ අයට හැමදාම කරදර කරන්න බැහැ. ඒක හරි නැහැනේ.”

කුමාරි මුණසිංහ මෙසේ කියමින් නැවතත් රෝහල් කාර්ය මණ්ඩලයට හා වෛද්‍යවරුන්ට බෙහෙවින් තම ස්තූතිය පුද කළේ ගෙදර කෙනකු රැකබලා ගන්නා ආකාරයටම ජැක්සන් සුවපත් කර ගැනීමට දරනා වෙහෙස අගය කරමිනි.

එමෙන්ම මේ සටහන අවසන් කිරීමට පෙර ඇය තව දුරටත් කියා සිටියේ ජැක්සන් ගැන අසත්‍ය තොරතුරු වාර්තා කිරීමෙන් වළකින ලෙසය. ඒ ඉල්ලීම ඇය කළේ කාරුණිකවය.

ජැක්සන් අපේ කලා ලොවේ අපූරුතම තරුවකි. එමෙන්ම ගවේෂණාත්මක වාර්තාකරණයට හැබෑම රුසියෙකි. ඔහු එදා පරම්පරාවේ මෙන්ම අපේ පරම්පරාවේත් විද්‍යා තාක්ෂණය දියුණු වූ වත්මන් පරම්පරාවේ තරුණ තරුණියන්ගේත් ආදරය දිනාගත් විශිෂ්ටයෙකි. ඒ නිසාම ඔහු ඉක්මනින් සුව වී නැවත අප ඉදිරියේ පෙනී සිටීම අපේ භාග්‍යයක් වන බව නිසැකය.

සමන් ප්‍රියංකර නම්මුනිගේ
මව්බිම පුවත්පතෙන්..
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top