කාලයත් එක්ක කාටත් අමතක වූ "කිරිසමන්" හෙවත් ඕෂක ගැන
යළි කතාබහක් ඇතිවෙන්නෙ ඔහු යූටියුබ් හරහා ලබාදීපූ
සම්මුඛ සාකච්ඡාවක් නිසයි.
කොහොම වුණත් මේ සාකච්ඡාව තුළදී තමන් නිවැරදි බව කියන්නත්,
තමන් කළ වරද "සාධාරණීකරණය" කරන්නත් කිරිසමන් අසීරු උත්සාහයක් ගෙන තිබුණා.
එසේම, නිවේදන ශිල්පියා අසන සෘජු ප්‍රශ්න මඟ හරිමින් තවත් තැනෙක ඔහු සඳහන් කළේ
කාන්තාවකට අතවරයක් සිදුවීම අතිශයම වරදක් බවයි.
"මගේ ඇත්ත නම ඕෂක.. මම ඇවිල්ලා ඩාන්සර් කෙනෙක්..."
"ඒ වුණ සිද්ධියේ ඇත්ත දන්න අය ඉන්නවා, නොදන්න අය ඉන්නවා. අපි තැනකට ආවා කියලා හිතන්නකෝ. ඒ එනකොට ඇසුරු කරන්න ඕනි පුද්ගලයින් පිරිසක් ඉන්නවා. අපි එකපාරට ආශ්‍රය කරලා බැලුවොත් එයාලගේ ප්‍රශ්න අපේ පිටට එන්න පුළුවන්.."
"කාන්තාවකට අතවරයක් වෙන එක අතිශයම වරදක්. මම කතා කරන්නෙ ඒකේ අනිත් පැත්ත. ඒගොල්ලො කරගන්න දේවල් අපිට බලපාන්නත් පුළුවන්."
"ඒක මාර පීඩනයක්. කොහොම හරි දරාගත්තා. මම යන්න ඕනි තැනට කවදහරි යනවා. ඒක තමයි අරමුණ.."
"තමන් දන්නවනේ තමන් නිර්දෝශයි කියලා. අපි ඒක කළේ නෑ කියලා ඔප්පු කරන්න අවශ්‍ය නැහැ. මට ජීවිතේට මනුස්සයෙක් ඇවිත් මූණට බැනලා නෑ. මම ඒකයි මිනිස්සුන්ට එච්චර ආදරේ කරන්නෙ. මම අවුරුදු ගාණක් ෆීල්ඩ් එකේ ඉන්න කෙනානේ. බනින කෙනා තමයි ඇස් දෙකට දැක්කම ඇවිත් හොඳට කතා කරන්නෙ.."
"රටක් බැන්නත් පසුතැවුණ් නෑ. ඒක සතුටුයි.. ඒ නම මට සුබයි.. රටේ සෞභාග්‍යනේ කිරි කියන්නෙ. මට ඉතින් සුබයි. එතනින් එහා කියන්න දෙයක් නෑ. මූණට බැනලා නෑ කිසිම දවසක. මිනිස්සු ඔක්කොම හොඳයි කතාබහ කරනවා. නරක කමෙන්ට් එකක් දැම්මත් ඒක ඒ වෙලාවට විතරයි.. අපි සජීවිව දැක්කම තමයි තේරෙන්නෙ අපි කොහොම අයද කියලා.."
"මම නිරවද්‍යයි කියලා මුලින්ම පිළිගත්තෙ අම්මා. එයාට විශ්වාසයි සීයට සීයක්.."