දෙමටගොඩදී තරුණයෙකු පැහැර ගැනීමේ සිද්ධියට සම්බන්ධ හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ ආධාරකරුවන් 8 දෙනා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය ඊයේ (04) නියෝග කළා. ඒ, ඔවුන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරවයි.
දෙමටගොඩ රෙදිපිළි වෙළෙඳ සැළක සේවය කළ 34 හැවිරිදි පුද්ගලයෙකු පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ ආධාරකරුවන් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණා.
රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ඔවුන් ඉදිරිපත් කෙරුණේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මොහොමඩ් නිහායි මහතා හමුවටයි.
සැකකරුවන් එළැඹෙන 6 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට එහිදී නියෝග කළ අතිරේක මහේස්ත්‍රාත්වරයා එදිනම සැකකරුවන් හදුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙසද නියෝග කළා.
දෙමටගොඩ රෙදිපිළි වෙළෙඳසැලක සේවය කළ පුද්ගලයෙකු හිරුණිකා ප්‍රේමචන්ද්‍රට අයත් ඩිෆෙන්ඩර් රථයකින් පැමිණි පිරිසක් විසින් පැහැර ගනු ලබන්නේ පසුගිය 21 වෙනිදායි.
පැහැරගැනීම සිදු වී දින 15 ක් ගතවී ඇතත්, මෙම සිද්ධියට සෘජුවම චෝදනා එල්ලවන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙතෙක් අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් දේශපාලනඥයන් ඇතුළු විවිධ පාර්ශ්ව අදහස් පළ කළා. එහිදී පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන්ද අදහස් දක්වනු ලැබුවා. උන් වහන්සේ දැක්වූ අදහස් පහතින්.....
දැන් බලන්න මහ දවල් කොල්ලෙක්ව පැහැරගෙන ගිහිල්ලා බංකුව උඩ ඉඳගෙන තර්ජනය කරලා හරියට ඒ ගෑණු මනුස්සා හැසිරුණේ මන්ත්‍රීවරියක් හැටියට නෙවෙයි ගමේ ගොඩේ කසිප්පු පෙරණ ගෑණු ඉන්නේ, අර ඕනි වෙලාවකට කෑ ගහගෙන යන්නේ අන්න ඒ වගේ තමයි හැසිරුණේ.. සියළු සාක්ෂි තියෙනවා, ඩිෆෙන්ඩර් එකෙන් ගිහින් උස්සන් එනවා තියෙනවා, පොඩි ළමයා උත්තර දෙනවා, මේ සියල්ල තියෙද්දි අද වෙනකොට අත්අඩංගුවට ගන්නේ නෑ. එහෙමනම් සිරිසේන මහත්තයෝ හිරුණිකාව ගෙනැල්ලා ගෝල්ෆේස් එකේ තියලා ඔය මඩු වලිගෙන් දෙකක් ගහන්න VIDEO