Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jul
29
“...ඒක සදාචාරාත්මක නෑ.. එහෙම අංගචලන දක්වන ඒක බලපෑමක්නේ..!” - රටම කතාවෙන, ගෝල්ෆේස් අරගලයට “ආයුබෝවන්” කියූ පාර්ශව දෙක මෙන්න ! තවත් පාර්ශවයකින් නිවේදනයක් එයි.. - Video

- “...ඒක සදාචාරාත්මක නෑ.. එහෙම අංගචලන දක්වන ඒක බලපෑමක්නේ..!” - රටම කතාවෙන, ගෝල්ෆේස් අරගලයට “ආයුබෝවන්” කියූ පාර්ශව දෙක මෙන්න ! තවත් පාර්ශවයකින් නිවේදනයක් එයි.. - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7 Views

ගාලු මුවදොර අරගලයට එක්ව සිටි පාර්ශ්ව දෙකක් අද එම අරගල භූමියෙන් ඉවත් වන බව නිවේදනය කළා.

ලිබරල් සහෝදරත්වය සහ කළු තොප්පි ව්‍යාපාරය නම් සංවිධාන මෙලෙස ඉන් ඉවත් වුණා.

මේ අතර සර්ව පාක්ෂික අරගලකරුවෝ නමින් ගාලු මුවදොර අරගලයට සහය දුන් තවත් පාර්ශ්වයක් නිවේදනයක් නිකුත් කළා.


අරගල බිම ආණ්ඩුවේ මර්දනකාරී කුමන්ත්‍රණ හස්තයන්ට නතු වීමේ තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් දිනූ ජයග්‍රහණ සහ එහි ගෞරවය රැක ගනිමින් අරගලයේ පළමු අදියර මේ මොහොතේ අවසන් කිරීමට උපක්‍රමිකව සහ තාර්කික තීරණයක් ගත යුතුව ඇති බවයි එහි දැක්වෙන්නේ.

මේ අතර අරගලයේ නිරත ජන අරගලයේ පුරවැසියෝ සංවිධානය අද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොළඹ පිහිටි කාර්යාලයට සන්දේශයක් භාර දුන්නා. ඒ අරගලකරුවන්ට පහරදීම සහ මර්ධනය කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මැදිහත්වීමක් සිදුකරන ලෙස ඉල්ලමින්.

මේ අතර, පොලීසිය නුගේගොඩ පිහිටි පෙරටුගාමී සමාජවාදී පක්ෂ කාර්යාලය අද උදෑසන 07.30ට පමණ පරීක්ෂාවට ලක් කර තිබුණා. එම පක්ෂයේ සංවිධායක ලේකම් දුමින්ද නාගමුව කියා සිටියේ අද පෙරවරුවේ සිවිල් ඇඳුමින් සැරසුණු පිරිසක් පැමිණ පොලිසියෙන් බව පවසා පක්ෂ කාර්යාලයට ඇතුලුවීමට උත්සහ කළ බවයි.

සෝදිසි වරෙන්තුවක් හෝ අවශ්‍ය කරන පුද්ගලයෙකුගේ නම සඳහන් කිරීමට අපොහොසත් වීම හේතුවෙන් එය වැළැක්වීමට එම පක්ෂ ක්‍රියාකාරීන් පියවර ගනු ලැබුවා.

කෙසේ වෙතත්, පසුව වරෙන්තුවක් සමඟ පොලිස් නිල ඇඳුමින් මිරිහාන අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් පැමිණ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කාර්යාලය පරීක්ෂාවට ලක් කර තිබෙනවා.

මේ අතර ඊයේ අත්අඩංගුවට ගත්, පොල්දූව මංසන්ධියේ පැවති විරෝධතාවය මෙහෙයවූ බවට චෝදනා එල්ල වූ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන පැතුම් කර්නර් ලබන 04 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළා. ඒ අද ඔහු කොලඹ අතිරේක මහෙස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

එසේම, පසුගිය 09 වැනිදා කොටුව ජනාධිපති මන්දිරයට ඇතුළු වී ජනාධිපතිවරයාගේ නිල ධජය ඇඳ ඇතිරිල්ලකට භාවිත කළ බවට චෝදනා එල්ලවූ සමගි ජනබලවේගයේ හිටපු වරාය වෘත්තීය සමිති නායකයෙකු වන උදේනි කළුතන්ත්‍රි පොලීසිය අද අත්අඩංගුවට ගත්තා.

මේ අතර ජනාධිපති මන්දිරයට ඇතුළු වී එහි දේපලවලට හානි සිදුකිරීම ඇතුළු චෝදනා මත මේ දක්වා පුද්ගලයන් 10 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර අරලිය ගහ මන්දිරයට ඇතුළු වී කලහකාරීව හැසිරීම සහ එම දේපල සොරාගැනීම මෙන්ම හානි සිදු කිරීම ඇතුලු චෝදනා යටතේ තුන් දෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර, ජනාධිපති මන්දිරයේ තිබී අරගලකරුවන් විසින් කොටුව පොලිස් ස්ථානයට භාර දුන් රුපියල් එක්කෝටි හැත්තෑ අට ලක්ෂයක මුදල අද කොටුව පොලිසිය මගින් අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට බාරදෙනු ලැබුවා.

එම මුදල් අධිකරණයට ඉදිරිපත් කිරීමට මෙතරම් ප්‍රමාද වීම සම්බන්ධයෙන් එහිදී කොටුව මහේස්ත්‍රාත්වරයා පොලිස්පතිවරයාගෙන් වාර්තාවක් කැදවූ බවයි හිරු අධිකරණ වාර්තාකරු සදහන් කළේ.

මේ අතර ගාලුමුවදොර බණ්ඩාරණායක පිළිරුව පිහිටි ස්ථානයේ සිට මීටර් 50ක සීමාවට කිසිදු පුද්ගලයකුට ඇතුළු වීම වළක්වාලමින් නිකුත් කර ඇති නියෝගය ඉවත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබෙන ඉල්ලීමක් සම්බන්ධයෙන් විරෝධතා ගොනුකරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද කොටුව පොලිසියට නියෝගයක්ද නිකුත් කළා.

මේ අතර, අධිනීතිඥ මනෝලි ජිනදාස, අද හිරු හාර්ඩ් ටෝක් විශේෂාංගය සමඟ එක්ව අදහස් දැක්වුවා.

නීතිඥවරුන්ට එල්ල වන චෝදනා ගැන ඇය දුන්නෙ මෙවන් පිළිතුරක්. (වීඩියෝව බලන්න)
 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top