ඉන්ධන අර්බුදය මේ වන විට රටම අසරණ කරන මාතෘකාවක් බවට පත්වෙලා.
එහෙම කාලයක ඇහෙන ඇතැම් කතා නම් සදාචාරාත්මක නොවන කතා.
තෙල් ටිකක් ගන්න මිනිස්සු අනේක දුක් විඳින කාලයක හොර පාරෙන් යන තෙල් කතාවක් මේ.
කොටගල ඛනිජ තෙල් නීතිගත සංස්ථා තෙල් ගබඩා සංකීර්ණයෙන් මේ කතාව ඇහෙන්නෙ..
ඒ අනුව එහි උසස් නිලධාරියෙකු විසින් ඉන්ධන ප්‍රවාහන බවුසර් රථ යොදාගනිමින් සිදුකරන ඉන්ධන ජාවාරමක් පිළිබඳව තොරතුරු වාර්තා වනවා.
එහිදී කොටගල ඛනිජ තෙල් නීතිගත සංස්ථා තෙල් ගබඩා සංකීර්ණයේ සිට නුවරඑලිය දිස්ත්‍රික්කයේ සිපෙට්කෝ සහ අයි.ඕ.සි ඉන්ධන පිරවුම්හල්වලට ඩීසල් සහ පෙට්‍රල් ප්‍රවාහනය කිරීමේදි එම අදාළ උසස් නිලධාරියෙකුගේ හිස් බූලි කිහිපයක් එම බවුසර් රථයේ පටවා යවා මෙම ජාවාරම සිදු කරන බවටයි පවසන්නේ.
ඉන්ධන පිරවුම්හල වෙත ප්‍රවාහනය කරන ඉන්ධන අදාළ පිරවුම්හලේ ඉන්ධන ටැංකිය වෙත නිකුත් කිරීමෙන් අනතුරුව එම බවුසර් රථවල රියදුරන් විසින් රැගෙන යනු ලබන බූලිවලට ඩීසල් සහ පෙට්‍රල් ඉන්ධන මිලදී ගැනීම සිදුකරනු ලබනවා.
පසුව එම ඉන්ධන තොග බවුසර් රථයෙන්ම රැගෙන ගොස් කොටගල ඛනිජ තෙල් නීතිගත සංස්ථා තෙල් ගබඩා සංකීර්ණය අසල වෙළෙඳසැලකට භාරදීම සිදු කරනු ලබනවා.
එම වෙළෙඳසැලේ හිමිකරුගෙන් අප කල විමසීමකදී ඔහු කියා සිටියේ තෙල් ගබඩා සංකිර්ණයේ උසස් නිලධාරියෙකුගේ ඉන්ධන බූලි දෙකක් තමන් වෙත බවුසර් රථයකින් ලබාදුන් බවත්,පසුව ඉන්ධන සහිත බූලි තෙල් ගබඩා සංකීර්ණයේ උසස් නිලධාරියා විසින් රැගෙන යන බවත්ය.
එහි සම්පූර්ණ වීඩියෝව පහතින්....