ජනාධිපති මන්දිරය ඇතුළු අරගලකරුවන් විසින් අත්පත්කර ගත් පෞරාණික ගොඩනැගිලි වහා දිසාපති භාරයට පත්කල යුතු බව අරගල කරුවන් පවසනවා.
ඒ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින්.
දින 90කට අධික කාලයක් පුරා අඛණ්ඩ ව පවත්වාගෙන ආ ගාලුමුවදොර විරෝධතාවයේ කූටප්‍රාප්තිය වෙනුවෙන් දිවයිනේ නන්දෙසින් කොළඹට පැමිණි මහජනතාවට ප්‍රථමයෙන් ම අපගේ ආචාරය පුදකරමු..
එහිදී ජනාධිපති නිල නිවස, ලේකම් කාර්යාලයය සහ අගමැති නිවස දැඩි පරිශ්‍රමයකින් පසුව අරගලකරුවන් විසින් අත්පත් කරගන්නා ලදි.
දූෂිත රෙජීමයට එරෙහි විරෝධතාවෙහි ප්‍රකාශනයක් ලෙස මෙම ගොඩනැගිලි අත්පත් කරගැනීමේ සංකේතීය වටිනාකම අප වටහාගන්නා අතර ම, මහජන දේපළ වන එම පරිශ්‍රයන්හි ආරක්ෂාව සහ මතු පරපුරට උරුම කර දීම ද අරගලයෙහි වගකීමක් බව අපි විශ්වාස කරමු.
විරෝධතාවය දැක්වීමට පැමිණි පාලනයෙන් තොර මිලියනයකට අධික ජනතාවක් ඉදිරියේ සිදු වූ හානි තවදුරටත් වර්ධනයවීමට ඉඩ නොතැබිය යුතු බව අපේ අදහසයි.
එබැවින් එම ගොඩනැගිලි නැවත රජයේ පාලනයට කොළඹ දිසාපතිවරයා වෙත Red Cross වැනි මැදිහත්කාරී පාර්ශ්වයක් හරහා භාර කළ යුතු බව අපි යෝජනා කරමු.
මෙම පෞරාණික ගොඩනැගිලි වල මතු ආරක්ෂාව සැලසීමේ සහ තවදුරටත් හානි සිදුවීම වැළැක්වීමේ අරමුණින් මේ පියවර නොපමා ව ගතයුතු යැයි අපි විශ්වාස කරමු.