Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jul
11
ඕලෙවල් පෙම්වතිය ගැබිනියක් කළ නරුම පෙම්වතෙක් මිතුරන්ද හවුල් වෙලා... කොළඹින් ඇසෙන තවත් එක් සත්‍ය කතාවක්

- ඕලෙවල් පෙම්වතිය ගැබිනියක් කළ නරුම පෙම්වතෙක් මිතුරන්ද හවුල් වෙලා... කොළඹින් ඇසෙන තවත් එක් සත්‍ය කතාවක්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6 Views

නර්මදා කොළඹ ප්‍රදේශයේ පදිංචි දැරියක්. වයස අවුරුදු දහසයක්. ඇය එම ප්‍රදේශයේම ප්‍රසිද්ධ පාසලක අධ්‍යාපනය හැදෑරුවා. ඇය ඉගෙනීමට වඩා රූපලාවන්‍ය කටයුතු සඳහා වැඩි උනන්දුවක් දැක්වූවා. ඒ අනුව සෑම මොහොතකම ඇය උත්සාහ කළේ තම මිතුරියන්ට වඩා කැපී පෙනෙන ලෙස සිටීමට. ඉඟ සුඟ මෙන්ම ඇයගේ මුහුණේ ද අමුතුම ලස්සනක් ගැබ්වී තිබුණා. එම නිසාමදෝ පාසල තුළ ඇය ජනප්‍රිය චරිතයක් වූවා.


ඇයගේ එම ලස්සන නිසාමදෝ බොහො පාසල් සිසුන් පමණක් නොව සමාජයේ විවිධ තරාතිරම්වල තරුණයින්ද නර්මදාගේ රූපයට වශිවී ඇයගේ ආදරය පැතූවා. එහෙත් ඒ කිසිවෙකුටත් ඇය කැමති වූයේ නැහැ. ඇගේ සිතේ රැඳී තිබුණේ වෙනස්ම ආකාරයේ රුවක්. නිමේෂ් රාජගිරිය ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්. වයස අවුරුදු 22 ක්. යමක් කමක් ඇති පවුලක හැදී වැඩුණු ඔහු පාසල් අධ්‍යාපනය හමාර කළ නිවසට වී කාලය ගත කළේ. හරි හමන් අධ්‍යාපනයක් නොලද ඔහු දෙමාපියන්ගේ මුදල්වලින් යැපුණ අයෙක්. පවුලේ එකම පිරිමි දරුවා වූ නිසා දෙමව්පියෝ ඔහුට අත දිගහැර වියදම් කළා.

කොටින්ම කියතහොත් ඔහු අංක එකේ රස්තියාදුකාරයෙක්. මිතුරන් සමග රස්තියාදු ගැසීම, මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතා කිරීම, සමාජ ශාලාවල රාත්‍රිය ගත කිරීම, තරුණියන් ඇසුරු කිරීම ඔහුගේ දෛනික කටයුත්තක් වුණා. එම නිසා බහුතරයක් ඔහුව හැඳින්වූයේ වැදගත් දෙමව්පියන්ගේ නැහැදිච්ච පුතකු ලෙසින්. දිනක් කොළඹ ප්‍රසිද්ධ හෝටලයක පැවති විවාහ මංගල උත්සවයකදී නිමේෂ්ට නර්මදා ව දැන හැඳින ගැනීමට හැකිවුණා. එදින ඔහු නර්මදා ගැන සියලු තොරතුරු සොයා ගත්තේ. දුටු පළමු දිනයේම එම සල්ලාල තරුණයාට දැඩි ආශාවක් සිතේ පහළ වුණා.

“මැයව කොහොම හරි මගේ කරගන්න ඕනා. බලන්න පාසල් යන වයසේ සිටියත් ඇය කොතරම් සුන්දරද කියලා. කවුරුවත් කොල්ලේක් ඉන්නවද දන්නේ නැහැ. ඒ හිටියත් කමක් නැහැ කොහොම හරි ඇයව යාළු කරගන්නවා’ නිමේෂ් එලෙස සිතුවා. එම උත්සවය අවසන්වී දින දෙක තුනකට පසු එක් දිනක් නිමේෂ් නර්මදා අධ්‍යාපනය හදාරන පාසල වෙත ගියා. ඒ ඇය පිළිබඳ වැඩිදුර තොරතුරු සොයා ගැනීමටයි. එලෙස ගිය ඔහු උපක්‍රමශීලීව පාසල් සිසුන් කිහිපදෙනෙකුගෙන් ඇය පිළිබඳව තවත් තොරතුරු දැන ගත්තේ. එලෙස තොරතුරු දැනගත් පසු දින කිහිපයක් ඔහු ඇය පසුපස ගියා. ඒ කෙලෙස හෝ ඇය සමග මිතුරුකමක් ඇති කර ගැනීමයි. අවසානයේ ඔහුගේ උත්සාහය සාර්ථක විය. දෙදෙනා මිතුරන් බවට පත්වූහ. ඉන් පසු සැම දිනකම පාහේ නිමේෂ් ඇය මුණගැසීමට ගියා. එලෙස ගිය ඔහු ඇයට තම සිතේ තිබූ ආදරය ප්‍රකාශ කළා. නර්මදාගේ සිතේ නිමේෂ් කෙරෙහි කැමැත්තක් තිබුණද එක් වරම ඇය එය ඔහුට පෙන්වූයේ නැහැ.

දිනක් නර්මදා තම සිතේ නිමේෂ් ගැන තිබූ අදහස තම හොඳම යෙහෙළිය වන නිශාට මෙලෙස පැවසුවා. “නිශා මගේ පස්සෙන් අයියා කෙනෙක් එන්නේ.”

“ඔව් අර පහුගිය දවස්වල මට කිවුවේ.”

“අන්න හරි එයා ගැන තමයි.”

“දැන් ඇයි එයා ගැන මතක් කරන්නේ.”

“නැහැ මම ඒ අයියට කැමතියි. කියන්න තරම් වරදක් පේන්නේ නැහැ. මගේ හිතේ තිබුණේත් ඒ වගේ කෙනෙක් තමයි. එයා හරි හොඳයි වගේ.”

“හරි නර්මදා ඔයා කැමති නම් එච්චරයි. හැබැයි කල් දාන්නේ නැතිව හිතේ තියෙන දේ කියන්න. නැතිනම් ඒ අයියා වෙන කෙල්ලෙක් එක්ක යාළුවෙයි. එතකොට මේ නංගී ට වහ කන්න තමයි වෙන්නේ.”

“එහෙම කොහොමද වෙන්නේ. දෙවියෝ ඒ අයියව මවලා තියෙන්නේ මටම විතරයි.”

“එහෙනම් එයාට කැමැත්ත දෙන්න තවත් පරක්කු නොවී.”

“එහෙනම් හෙට අනිද්දා ම ඒ අයියාට මම කැමැත්ත දෙනවා.”

“කැමැත්ත දිලා මට හොඳ පාටියකුත් ඕනා.” දෙදෙනාගේ කතාව එතැනින් අවසන් වුණා.

පසුදින උදාවුණා. සුපුරුදු පරිදි නිමේෂ් එදින ද ඇය පසුපස පැමිණියා. පැමිණ වෙනදා මෙන්ම ඇය සමග කුළුපඟව කථා කළා. එදින නර්මදා තම සිතේ කලක් හිර කරගෙන සිටි ආදරය ඔහුට ප්‍රකාශ කළා. එතැන් සිට ඇයගේ එකම ලෝකය වූයේ නිමේෂ්. තම අධ්‍යාපන කටයුතු පවා පසෙක දමා ඇය ඔහුට ආදරය කළා.

නිමේෂ් ද ඇයට දැඩි ආදරයක් පෙන්නුවා. ඒ සැබෑ ආදරයක් නම් නෙමෙයි. ඔහුගේ සිතේ තිබුණේ ඇය ගැන වෙනම අදහසක්. මේ කිසිවක් නොදත් නර්මදා නිමේෂ්ට තම පණ දෙවැනි කොට ආදරය කළා. මාසයක් පමණ එලෙස ගතව්‍ය්ණා. ලද සැම මොහොතකම දෙදෙනා මුණ ගැසුණා. එවැනි අවස්ථාවලදී නිමේෂ් ඇයට බොරු ආදරයක් පෙන්වා චාටු කතා පැවසුවා. ඒ ඇයගේ සිත තවත් දිනාගැනීම සඳහා. එවැනි දිනක නිමේෂ් ඇයට මෙලෙස පැවසුවා.

“මම ඔයාට දෙයක් කියන්න හිටියේ බබා.”

“ඒ මොකක්ද අයියේ.”

“මට ඔයත් එක්ක නිදහසේ ඉන්න ඕනා.”

“ඉතින් මේ ඉන්නේ.”

“නැහැ මෙහෙම නොවෙයි ඔයාගේ තුරුළට වෙලා ඉන්න ඕනා.”

“ඉතින් මෙතන ඉන්න. මමත් ආසයි.”

“මෙතන බැහැ බබා හැමෝටම පේනවා.”

“එහෙනම් කොහෙදීද පුළුවන්.”

“අපි රූම් එකකට යමු බබා.”

“ඔයාට පිස්සුද? මම තවම පොඩි ළමයෙක්.”

“මම ඒක දන්නවා. එහෙම ගියා කියලා මම ඔයාට කරදර කරන්නේ නැහැ. ඇඟටවත් අත තියන්නේ නැහැ. ඔයා ළඟට වෙලා ආදරයෙන් ඉන්නවා. එච්චරයි.”

“අනේ අයියේ වෙන ඕන දෙයක් ඉල්ලන්න. ඒක නම් බැහැ. මමත් ආසයි ඔයා ළඟ ඉන්න. ඒත් බයයි අයියේ ඒ වගේ තැන්වලට යන්න.”

“එහෙම කියන්න එපා මගේ යාළුවෝ හැමෝම යනවා ඒ ගොල්ලන්ගේ ගර්ල්ලත් එක්ක. ඔයා විතරයි එන්නේ නැත්තේ. ප්ලීස් බබා එන්න. ප්ලීස්.”

“අනේ අයියේ මම කිවුවනේ බයයි කියලා. මම තවම පොඩියිනේ.” “ඔයා බය වෙන්න එපා මම ඉන්නවා ඕනම දේකට.”

“අනේ මන්දා අයියේ.”

දෙදෙනාගේ කථාව එතැනින් නිම වුණා. පසුදින උදාවුණා. එදින පාසල් නිවාඩු දිනයක්. නර්මදා උපකාරක පන්තියට සහභාගී වන බව පවසා නිවසින් පිටවුණා. කෙළින්ම ඇය ගියේ නිමේෂ් මුණගැසීමට.

එදින නිමේෂ් වෙනදටත් වඩා වේලාසින් ඇය හමුවීමට පැමිණ සිටියා. දෙදෙනා මුණ ගැසුණා. ඉන්පසු දෙදෙනා පෙරදින කතා කරගත් පරිදි ලැගුම් හලක් වෙත ගියා. පැය ගණනක් ඔවුහු නිදහසේ එහි පෙම් සුව වින්දා. එතැන් සිට ලද සැම මොහොතකම ඔවුහු එලෙස ලැගුම් හල් වෙත ගියා. ඒ වනවිට ඇයගේ පතිවත පවා නිමේෂ් කෙලෙසා තිබුණා. දිනක් නිමේෂ් මත්පැන් පානය කරන ගමන් නර්මදා ගැන විස්තර තම මිතුරන්ට පැවසුවා. එහිදී මිතුරන් පැවසුවේ ඇයව ඔවුනට ද හඳුන්වාදෙන ලෙසයි. ඒ ඇය සමග ලිංගිකව හැසිරීමටයි. ඒ අනුව බීමතින් සිටි එම සල්ලාලයා එක පයින් එයට කැමති වුණා.

පසුදින උදාවුණා. නිමේෂ් බොරුවක් කියා ඇයව යහළුවකුගේ නිවසක් වෙත රැගෙන ගියා. එම නිවසේ ඔහුගේ මිතුරන් කිහිපදෙනකු මත්පැන් පානය කරමින් සිටියා. එය දුටු ඇයගේ සිතට යම් බියක්ද දැනුණා. එහෙත් ඇය තම පෙම්වතා ගැන විශ්වාස කර එම බිය සිතෙන් තුරන් කරගත්තා. සුළු මොහොතක් එලෙස ගතවුණා. ඉන්පසු නිමේෂ් ද තම පෙම්වතිය පසෙකින් තබාගෙන මිතුරන් සමග මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිතා කළා. පදමට මත් වූ ඔහු ඇය සමග එම නිවසේ කාමරයක් තුළට ගියා. එදින ඔහු ඇයට සැලකුවේ ඉතාමත් පහත් ආකාරයටයි. ඒ සමඟම ඇයගේ සිතට මහත් බියක් ද දැනුණා. ඇය ඔහුට පැවසුවේ එම නිවසින් එළියට යමු කියා. එහෙත් ඔහු එය තරයේ ප්‍රතික්ෂේප කළා.

ගතවූයේ සුළු මොහොතක්. නිමේෂ් නමැති සල්ලාලයාගේ බීමත් මිතුරන් එක්වරම කාමරයට කඩා වැදුණා. ඒ වන විටත් ඇය තම පෙම්වතා සමඟ සිටියේ අඩනිරුවතින්. නොසිතූ මොහොතක එලෙස පැමිණි පිරිස දැක ඇය මහත් සේ බියට පත් වූවා. වහාම ඇය තම පෙම්වතාට තවත් ළං වූවා. එහෙත් පලක් වූයේ නැහැ. ඔහු ඇය පසෙකට තල්ලු කර දැමුවා. එයින් නර්මදා තවත් බියට පත් වූවා. එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් නිමේෂ්ගේ මිතුරන් ඇයව බිය ගන්වා වරින් වර දූෂණය කළා. කිසිවක් කර ගත නොහැකිව අසරණ වූ ඇයට සිදුවූයේ එම පාපතරයන්ගේ ලිංගික අඩන්තේට්ටම්වලට ගොදුරු වීමටයි. එපමණක් නොව එම තිරිසන්නු ඇයගේ නිරුවත් පින්තූර පවා ලබා ගත්තා. එලෙස සමූහ දූෂණයකට ලක් කළ ඇයව නිමේෂ් නමැති සල්ලාලයා එම සිද්ධිය කිසිවෙකුටත් නොපවසන ලෙස තර්ජනය කරමින් නිවස අසලට ගෙනත් දැමුවා.

එදින ඇයට නිදි නොමැති රාත්‍රියක් වුණා. සල්ලාලයකුට හසුවී තම ජීවිතය විනාශ කරගත් ආකාරය ගැන සිතමින් මැරි මැරී ඉපදුනා. අවස්ථා කිහිපයකදීම දිවි තොර කර ගැනීමට ද ඇය කල්පනා කළා. එහෙත් අවසානයේ ඇය එම තීරණය වෙනස් කළා . එතැන් සිට අවස්ථා කීපයකදීම එම සල්ලාලයා නර්මදාව බියට පත් කරගෙන මිතුරන් සමඟ සමූහ දූෂණයට ලක් කළා. පෙම්වතාට සහ සමාජයට මුහුණ දීමට තිබූ බිය නිසා ඇය එම සිද්ධිය කිසිවකුටත් පැවසුවේ ද නැහැ.

දිනක් ඇයට උදරයේ ආබාධයක් හටගත්තා. අවසානයේ එය ඉවසීමට බැරිම තැන දෙමව්පියෝ ඇයව වෛද්‍යවරයකු වෙත රැගෙන ගියා. එම වෛද්‍යවරයා ඇයව පරීක්ෂා කිරීමේදී හෙළි වූයේ ඇය ගැබිනියක් බවයි. එය ඇසීමෙන් දෙමව්පියෝ පුදුමයෙන් පුදුමයට පත් වුණා. දිනය පසුගිය 19 වැනිදා. පෙර පරිදි සිව් දෙනෙක් ඇයව දූෂණය කර ත්‍රීරෝදය රථයක නංවා යළි නගරය වෙත රැගෙන එමින් සිටියා. ඒ බව ඇයගේ ඥාතියකු දුටුවේ. වහාම ඔහු ඒ බව නර්මදාගේ මවට පැවසුවා. ඉන්පසු නර්මදා තමන්ට සිදු වූ දෙය අකුරක් නෑර දෙමව්පියන්ට පැවසුවා. එය ඇසූ මව එක්වරම සිහිසුන් වූවා.

අවසානයේ සියල්ල සිදුවී ඇති බැවින් නීතියේ පිහිට පැතීමට ඇයගේ දෙමව්පියෝ තීරණය කළා. පැමිණිල්ලට අනුව පරීක්ෂණ පැවැත්වූ පොලිස් නිලධාරීහු සැකකරුවන් සියලු දෙනාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළා. මෙවැනි නරුමයන් තවත් සමාජයේ සිටින බැවින් ඔබගේ දියණිය ගැන නිරතුරුවම අවධානයෙන් සිටින්න.

ගයාන් සමරසිංහ
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top